Spider-Noir (2026) S01 E07 Sinhala Subtitles
Spider-Noir (2026) S01 E07 Sinhala Subtitles
8.3
91

Spider-Noir (2026) S01 E07 Sinhala Subtitles | “ තනිමඟ යන වීරයා ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් ඔයාලා හැමෝටම ❤️

අද අපි අරගෙන ආවේ සුපිරි වීරයන්ගේ කතාවලට වගේම ත්‍රාසජනක රහස් පරීක්ෂක කතාවලට ආදරේ කරන අයට මගහරින්නම බැරි අපූරු නිර්මාණයක්… 🕷️🔥

“Spider-Noir” කියන්නේ මෑතකදී නිකුත් වුණු, 1930 දශකයේ නිව්යෝර්ක් නගරය පසුබිම් කරගෙන නිර්මාණය වුණු හරිම කුතුහලය පිරුණු, අඳුරු වගේම හාස්‍යයත් පිරුණු විශිෂ්ට කතා මාලාවක්. සාමාන්‍ය Marvel කතාවලට වඩා වෙනස්, සම්පූර්ණයෙන්ම වෙනම කතාවක් (Stand-alone show) විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. Action, Drama, Comedy මේ හැමදේම එකට කැටිවුණු මේ කතා මාලාව අනිවාර්යයෙන්ම ඔයාගේ හිත ගනීවි.

මේ කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ හොලිවුඩයේ ජනප්‍රිය වගේම අති දක්ෂ නළුවෙක් වන Nicolas Cage. එයාගේ රංගනය සහ හැඟීම් ප්‍රකාශ කරන විදිහ නම් ඇත්තටම විශිෂ්ටයි. තමන්ටම ආවේණික වුණු විලාසයකින් ඔහු මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. ඒ වගේම Brendan Gleeson, Lucas Haas, Lamorne Morris සහ Karen Rodriguez ඇතුළු දක්ෂ නළු නිළියන් පිරිසක් මේකට දායක වෙනවා. 1930 දශකයේ අඳුරු ස්වභාවය (Noir World) සම්භාව්‍ය කළු-සුදු විදිහට වගේම වර්ණවත් විදිහටත් බලාගන්න මේකෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා. 🎬✨

කතාව මෙහෙමයි..
Ben Reilly (බෙන් රයිලි) කියන්නේ 1930 දශකයේ නිව්යෝර්ක් නගරයේ ඉන්න, ජීවිතේ අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණ දුන්න දක්ෂ රහස් පරීක්ෂකයෙක්. ඒ වගේම ඔහු තමයි ඒ නගරයේ ඉන්න එකම සුපිරි වීරයා. තමන්ගේ අතීතයේ සිද්ධ වුණු ඉතාමත් ඛේදජනක සිදුවීමක් නිසා කම්පනයට පත්වෙලා, සුපිරි වීරයෙක් විදිහට වැඩ කරන එක නවත්තලා හිටපු බෙන්ට, නොසිතූ විදිහට ආයෙමත් තමන්ගේ වගකීම් භාරගන්න සිද්ධ වෙනවා.

අපරාධකරුවන්ගෙන් පිරුණු මේ අඳුරු නගරයේ, Sandman, Tombstone වගේ භයානක සතුරන්ට මුහුණ දෙමින්, තමන්ගේ අතීතයේ වේදනාවන් ජයගන්න බෙන්ට පුළුවන් වෙයිද? 🕷️🕸️

හොඳ තිර රචනයක්, විශිෂ්ට රංගනයක් සහ 1930 දශකයේ කදිම පසුබිමක් තියෙන මේ කතා මාලාව, Spider-Man ලෝලීන්ට වගේම අලුත්ම විදිහේ කතාවක් හොයන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න ඕන වැඩක්. මේකේ තියෙන කුතුහලය සහ ක්‍රියාදාමයන් ඔයාලව කතාවේ අවසානය වෙනකම්ම එක දිගටම (Binge-watch) බැඳලා තියාගනීවි. 💯

එහෙනම් අදම බලන්න.. බලලම කියන්න කොහොමද කියලා! 🥰❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත් ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත් ඩිල්ෂාන්

January 17, 2025


31
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login