The title of the page
Special ops sinhala sub

Special Ops 2020 E01 Sinhala Subtitles |සියල්ලේම ආරම්භයද මේ| සිංහල උපසිරැසි සමඟ

ඔන්න අදත් හැමෝම එකතුවෙලා ඉන්නෙ සිංහල උපසිරසිකරණයේ නවමු රැල්ල නැත්තන් සිනෙරූ වෙබ් අඩවියේ අළුත්ම කතා මාලාවත් එක්කයි. මේකනම් ඉන්දියන් වෙබ් සීරීස් එකක් තමයි.ගොඩක් අය ඉන්දියන් සීරීස් බලන්න කැමති නැතුව ඇති.මොකද හැමෝම කියන්නෙ ඒවා වැඩක් නෑ, කිසි ගැම්මක් නෑ කියලනෙ. හැබැයි ඉතින් මීට කලින් ඉන්දියන් සීරීස් එකක් බලලා තියෙන අය දන්නවා ඇති කොහොමද මේවගෙ ගැම්ම කියලා.👌😍 වැඩිය ඕන නෑ මීට කලින් අරන් ආපු “Hostages” කතා මාලවම ගමුකො.😋 අන්න ඒ වගේම ගැම්මක් මේ කතා මාලාවෙත් තියෙනවා. මේකත් “Hotstar” එකේම වැඩක් තමයි. Hostages එකේ වගේම ත්‍රාසය, භීතිය, කුතුහලය එහෙම් පිටින්ම මේකෙත් තියෙනවා. අන්න ඒ හින්දයි මේක බලන්නම වටින එකක් කියලා කියන්නෙ. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව මේ කතා මාලාව ගැන පොඩි විස්තරයක් දැනගන ඉමුකො.

IMDb මීටරේ පැත්තට හැරුණොත් මේ කතා මාලාව IMDb 9.4 ක ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා වගේම 98% ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්ත ගන්නත් සමත් වෙනවා. 2019 ජනවාරි මාසයේදි තමයි Hotstar එක නිවේදනය කරේ මේ කතා මාලාව නිර්මාණය කරනවා කියලා. මේ කතා මාලාව නිර්මාණය කරන්න “නීරාජ් පාණ්ඩේ” වගේ ගොඩක් ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් යොදාගන තියෙනවා. මෙම කතා මාලාව පැය අටක කතාවක් විදිහට තමයි නිර්මාණය වෙන්නෙ. ඒ වගේම කියන්න ඕන මේ කතා මාලාවෙ කොටස් අටක් විදිහට තමයි නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ මේ සම්පුර්ණ කතා මාලාවම පැය අටක් වගේ තමයි තියෙන්නෙ.

මේ කතා මාලාවෙ නිෂ්පාදන කටයුතු 2019 අගෝස්තු මාසයේදි “Kay Kay Menon” ගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. අගෝස්තු මැද භාගය වන විට ඔවුන් “Kali Prasad Mukherjee, Pawan Chopra” සහ “Sharad Kelkar” වැනි ප්‍රකට නළුවන් එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරා.

2019 අගෝස්තු මාසයේදි ආරම්භ වුණ මේ කතා මාලාව 2001 ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රහාරක කොටස් රූගත කරන්න ඉන්දියානු පාර්ලිමේන්තුව ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඒක තමයි ඉන්දියානු චිත්‍රපට ඉතිහාසයේ ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන පළවෙනි වතාව. ඉන්දියාව ඇරුණම මේ කතා මාලාව ප්‍රදර්ශනය “තුර්කිය, ජෝර්දානය” සහ “අසර්බයිජානය” යන රටවල රූගත කරලා තියෙනවා.

“Special Ops” කතා මාළාවෙ ස්ටෝරි එක ගැන බැලුවොත් මුලින් කතාව පටන් ගන්නෙ 2001 දී දිල්ලි පාර්ලිමේන්තුවට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාරයකින්..ඉතින් මේක ගැන හොයන්න හම්බවෙන්නෙ R&W එකේ නියෝජිත හිමාත් සිං ට ඉතින් පලවෙනි කොටස තුල තියෙන්නෙ මේ හිමාත් සිංගෙ මොහයුම ගැන…..ඉතින් පලවෙනි එපියෙ සිද්ධ වෙනදේ කිව්වොත් වැඩක් නෑනෙ..ඉතින් ඔයාලා මේක බලලම ඉන්න…කියන්න තියෙන්නෙ අනිවා මේක පලවෙනි එපියෙන්ම ඔයාලගෙ හිතට අල්ලවා…පට්ටම සට්ටොරි ලයින් එකක් තියෙන්නෙ..

ඔන්න ඔය වගේ ස්ටෝරි එකක් ගැන තමයි මේ කතා මාලාවෙදි දැකගන්න පුළුවන් වෙන්නෙ.එහෙනම් ඉතින් අද ඉඳලා පළවෙනි කොටසෙ ඉඳන් අවසාන කොටසට යනකම්ම සිංහල උපසිරසි සිනෙරූ වෙබ් අඩවියෙන් ඔය හැමෝටම ලබාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ අපූරු කතා මාළාවත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


79
Total Subtitles

4 comments

  1. Thanks broo anith kotas tikath ikmanata demu

  2. Asur: Welcome to Your Dark Side (TV Series 2020– )
    eketh sub eke denna….

  3. Sthuthi …

  4. thanks broo…ela ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login