Somebody I Used to Know (2023) Sinhala Subtitles
Somebody I Used to Know (2023) Sinhala Subtitles
5.7
71

Somebody I Used to Know (2023) Sinhala Subtitles | “ හිමි අහිමි ප්‍රේමය ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Somebody I Used to Know (2023) Sinhala Subtitles) (Somebody I Used to Know (2023) Sinhala Subtitle) (Somebody I Used to Know (2023) Sinhala Sub)

“Somebody I Used to Know” 2023 වසරේ නිකුත් වුණු Romance සහ Comedy කියන Genres වලට අයත්, පැය එකකුත් මිනිත්තු 46 ක ධාවන කාලයක් හිමි හොලිවුඩ් චිත්‍රපටයක්.. කුණු තක්කාලි දර්ශකයේ 71% ක අගයක් වගේම IMDb දර්ශකයේ 5.7 ක අගයක් ලබාගත්ත මේ චිත්‍රපටය බෙදාහරින්නේ Amazon Prime Video හරහායි.. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘Dave Franco’ විසින්..

කතාව මෙහෙමයි, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙන ‘ඇලී’ තමා කතාවේ ප්‍රධාන චරිතය.. මෙයා තාම මැරි නොකරපු කෙනෙක්.. මෙයා ටීවි වැඩසටහන් වලට ටීවි සීරිස් එහෙමත් නැත්තම් ටීවි ෂෝ ලබාදෙන නිෂ්පාදකවරියක්.. ඒ විදිහටDessert Island’ කියන මෙයාගේ ෂෝ එකේ තුන්වෙනි සීසන් එක Ongoing යන ගමන් තමයි තියෙන්නේ.. කොහොමහරි දැනට නිකුත් වෙලා තියෙන එපිසෝඩ්ස් ටික දිහා බලලා කළමනාකරණය තීරණය කරනවා ෂෝ එකට හයිප් එක අඩුයි කියලා ෂෝ එක කැන්සල් කරලා දාන්න.. තමන්ගේ ජීවිතේම මේ ඔස්සේ ගොඩනගාගෙන හිටපු ඇලී මේකෙන් කළකිරෙනවා.. ඉතින් මෙයා ටික කාලෙකට මෙයාගේ අම්මා ජීවත් වෙන ගමට යනවා.. මෙහෙදී මීට අවුරුදු 10 ක ට කලින් වෙන්වුණු මෙයාගේ කලින් පෙම්වතා වෙන ‘ෂෝන්’ හම්බෙනවා අහම්බෙන් බාර් එකකදී.. ෂෝන් එක්ක ආය හිතවත් වෙන ඇලී ෂෝන් ගේ ගෙදරට යනවා.. එහෙදී දැනගන්න ලැබෙනවා ඇලීට ෂෝන් විවාහ වෙන්න යන්නේ කියලා.. ඒ ‘කැසිඩි’ කියන Rock Musician එක්ක.. කලකිරීමට පත්වෙලා හිටිය ඇලී ට මෙතනදි වෙන්නේ තවත් කලකිරෙන එක.. ඒත් එක්කම මේකට කේන්ති යනවා ඇලී ට.. කැසිඩි සහ ඇලී අතර ඝට්ටනයක් හටගන්නවා මෙතනදී.. ඉස්සරහට වෙන දේ බලන්න නම් ඔයාට කතාව අනිවාර්යයෙන් බලන්න වෙනවා..

Alison Brie, Jay Ellis, Kiersey Clemons සහ Danny Pudi වගේ Cast එකක් තමා කතාවට තෝරගෙන තියෙන්නේ..

මේක වැඩිහිටියන්ට පමණක් වෙන්වුණු චිත්‍රපටයක්.. වීඩියෝ පිටපත පිළිබඳ කිසිම වගකීමක් අපි දරන්නේ නැති බවත් මතක් කරනවා..

ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


142
Total Subtitles

One comment

  1. ස්තූථියි මලීෂ සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login