The title of the page
8.3
96

Shyam Singha Roy (2021) Sinhala Subtitles | ” භවයෙන් භවයේ පතා ආවෙමි..” | සිංහල උපසිරැසි සමඟ

(Shyam Singha Roy (2021) Sinhala Subtitles) (Shyam Singha Roy (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !
තවත් නොඉවසිල්ලෙන් බලා හිටිය අපූරු තෙලිඟු සිනමා සලරුවකට උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ උනේ.අද උදෑසන Netflix හරහා තමයි Shyam Singha Roy චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ.එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරන්න යමු කියන්න ගොඩක් දේවල් තියෙයි මොකද මේක මමත් එනකම් මග බලා උන්නු එකක්.

හොඳයි..කොරෝනා වසංගතය නිසා එල්ල වූ බලපෑමෙන් හරියටම වසරක් පස්සට ගිය ෆිල්ම් එක පසුගිය වසරේ දෙසැම්බර් 24 තමයි නිකුත් කෙරුනේ.චිත්‍රපටිය Drama | Historical | Romance | Thriller මේ කාණ්ඩවලට බෙදන්න පුලුවන් වගේම මේක Supernatural ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්.හොඳ ඇක්ෂන් සීන් කිහිපයකුත් දැකගන්න පුලුවන්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Rahul Snakrityan විසින්.ඉතින් මතකනේ තවත් Supernatural ෆිල්ම් එකක් වුනු Taxiwala ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලෙත් මෙයාම තමා.කතාව Rahul එක්ක Janga Satyadev එක්වෙලා තමයි ලියල තියෙන්නෙ.ඒ වගේම Mickey J. Meyer ගේ සංගීතයෙන් හැඩවුනු මෙය Venkat Boyanapalli නිෂ්පාදනය කල අතර Niharika Entertainment බැනරය හරහා තමයි ඉදිරිපත් කලේ.

තෙලිඟු සිනමා රසික බහුතරයක හද දිනූ ” තෙලිඟු සිනමාවේ නැචුරල් ස්ටාර් “ ලෙස නම් දරා සිටින Nani ප්‍රධාන නලුවා ලෙස මෙහි ද්විත්ව රංගනයක යෙදෙනවා.ඒ වාසු සහ ෂ්‍යාම් ලෙස.ප්‍රධාන නිලියන් ගත්තම තුන් දෙනෙක් රංගනයෙන් එක් වෙනවා.ඒ Sai Pallavi , Kriti Shetty සහ Madonna Sebasthiyan යන තිදෙනා.ඉතින් වඩාත්ම පරිණත නිලිය වෙන සායි පල්ලවී මේ තුන් දෙනාගෙනුත් ප්‍රධානතම තැන ලබා ගන්නකොට නැගී එන නිලි ක්‍රීති සහ මැඩෝනාත් අපූරු රංගනයක නියැලෙනවා.

ඉතින් නානිගෙ 27 වෙනි ෆිල්ම් එක තමයි මේක.2020 පෙබරවාරි 24 වෙනිද නානිගෙ උපන්දිනය දවසේ නිවේදනයක් නිකුත් කරමින් නානිගෙ මීලඟ චිත්‍රපටය ‘Shyam Singha Roy’ බවට දැනුම් දුන්නා.

බොහෝවිට එම වසරේ දෙසැම්බර් මෙය තිරගත වන්නට තිබුනත් කොරෝනා වසංගතය නිසා කල් ගියා.ඔය අතරේ නානිගෙ ‘ V ‘ , ‘ Tuck Jagadish ‘ චිත්‍රපටි දෙකේ වැඩකටයුතු එක්ක කාර්යබහුල වුනු ඔහුට චිත්‍රපට දෙකම OTT මාධ්‍ය හරහා නිකුත් කරන්න සිදුවුනා.කෙසේ වෙතත් 2020 දෙසැම්බර් 10 පූජා උත්සවය පවත්වමින් චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුනා.

පසුව නැවත 2021 පෙබරවාරි 24 ඔහුගේ උපන්දිනයට සමගාමීව මෙහි පලමු පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් කෙරුනා.

ඒ වන විට මෙහි නිලියන් තිදෙනෙක් රංගනයෙන් එක් වන බවත් ඒ ක්‍රිති ෂෙට්ටි සමඟින් රසිකයන් වඩාත් ඇලුම් කරන සායි පල්ලවී බවත් අපට දැනගන්න ලැබී තිබුනා.කල්කටා , හයිද්‍රාබාද් වල රූගත කිරීම් කරපු චිත්‍රපටයට ආට් ඩිරෙක්ටර් Avinash ගෙන් විශිෂ්ඨ කර්තව්‍යයක් ඉටුව තිබෙන බව ඔයාලට පෙනෙයි.2021 ජූලි 26 වන විට කොරෝන වසංගත අස්සෙ සියලු දෙනාගේම කැපවීමෙන්  රූගත කිරීම් අවසන් කරන්න පුළුවන් වුනා.ඉතින් අවාසනාවන්ත සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ එන ‘Srivennala’ කියන මාත් ආසම අපූරු ගීතය රචනා කල Srivennela Seetharama Sastry ගරු අභාවප්‍රාප්ත වීම.

ඉතින් V , Tuck Jagadish චිත්‍රපට දෙකට තරමක මධ්‍යස්ථ ප්‍රතිචාර ලැබුනු අතර නානිට තමන්ගෙ කම්බෑක් එක හොඳටම දෙන්න තමයි මේ චිත්‍රපටය යොදාගන්න සිදුවුනේ.ඉතින් මේ චිත්‍රපටය ගත්තම විෂේශ කාරණා කිහිපයක්ම අපිට මේ විදියට පෙළ ගස්වන්න පුලුවන්.

  • නැචුරල් ස්ටාර් නානිගේ සිනමා ජීවිතයේ  27 වන චිත්‍රපටය තමයි ශ්‍යාම් සිංග රෝයි..
  • නානිගෙ සිනමා ජීවිතේ ඔහු ද්විත්ව රංගනයක් ඉදිරිපත් කරන හතර වන චිත්‍රපටය තමයි ශ්‍යාම් සිංග රෝයි.(මීට පෙර Gentlemen , Krishnarjun Yudham , Janda Pai Kapiraju යන චිත්‍රපටවල)
  • 2018 වර්ශයේ සුපර්නැචුරල් කාණ්ඩයේ සුපිරි තෙලිඟු චිත්‍රපටයක් වුනු ටැක්සිවාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කල රාහුල් සන්ක්‍රිට්යාන් ගේ මීලඟ චිත්‍රපටය තමයි ශ්‍යාම් සිංග රෝයි..
  • පිට පිට චිත්‍රපට දෙකක් ඩිජිටල් මාධ්‍ය ඔස්සෙ නිකුත් කර වසර දෙකකට පසුව නානි නැවත රිදී තිරයේ බැබලෙන චිත්‍රපටය තමයි ශ්‍යාම් සිංග රෝයි ..
  • 2017 වසරේ බ්ලොක්බස්ටර් MCA චිත්‍රපටයට පසුව සායි පල්ලවී සහ නානි නැවත එක් වන චිත්‍රපටය තමයි ශ්‍යාම් සිංග රෝයි..
  • 2016 වසරේ ප්‍රේමම් (මලයාලම් රීමෙක් එක )  චිත්‍රපටයට පසුව මැඩෝනා සෙබස්තියන් යලිත් තෙලිඟු සිනමාවට පිවිසෙන චිත්‍රපටය තමයි ශ්‍යාම් සිංග රෝයි ..

(ශ්‍යම් සිංග රෝයි ප්‍රී රිලීස් ඉවෙන්ට් එකේදී )

ඉතින් චිත්‍රපටය වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරනයක් සිදු කරන බව පෙනුනා.චිත්‍රපටය රිලීස් වෙන්න කලින් නානි ෆෑන්ස් මීටින් එකක් තිබ්බා , ප්‍රී රිලීස් ඉවෙන්ට් දෙකකුත් කලා.පසුව ටීසර් පටයත් , Trailer පටයත් නිකුත් වුනාට පස්සෙ රසික උන්මාදය ඉහල නැංඋනා.ඊට අමතරව ඔවුන් සෑම විටම නොයෙකුත් නිවේදන දෙමින් පෝස්ටර් නිකුත් කරමින් රසික අවදානය දිගින් දිගටම චිත්‍රපටය කෙරෙහි රඳවගන්න සමත් උනා.ඉතින් කොහොමෙන්හරි සියලුම කැපවීම් , වෙහෙසවීම් කරලා 2021 දෙසැම්බර් 24 චිත්‍රපටය සිනමා ශාලාවලට නිකුත් කෙරුනා.ඒ අල්ලුගෙ පුෂ්පා චිත්‍රපටය නිකුත් වී සතියකට පසුව.අති සාර්ථක අන්දමින් තිරගත වුනු චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 47 ඉක්මවූ ආදායමක් උපයමින් Super Hit චිත්‍රපටයක් බවට පත් වුනු අතර ප්‍රේක්ෂකයන්ගෙන් ද ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුනා.ඒ වගේම MCA චිත්‍රපටයට පසුව ඒ කියන්නෙ වසර 4 කට පසුවයි නානිගෙ ෆිල්ම් එකක් Super Hit උනේ.

(මෙගා පවර් ස්ටාර් රාම් චරන්ගේ අදහස්)

හොදයි.චිත්‍රපටයේ විකාශනය මේ දක්වා සිදුවුනේ ඔය විදියට තමයි.ඉතින් චිත්‍රපටයේ අන්තර්ගත ගීත , සංගීතය මේ හැමදේම අපූරුවට තියෙනවා.ඒ වගේම නියමම දෙබස් ටිකක් තියේ මේකේ බලනකොට ඔයාලට ගොඩක් හිතට වදී කියල හිතෙනවා.
ඉතින් මේකේ තෙලිඟු දෙබස් වලට අමතරව බෙංගාලි දෙබස් පවා තියෙනවා.ඉතින් මට වෙනදට වඩා ලොකු මහන්සියක් වෙන්න වුනා මේකේ සබ් එක හදන්න.ඒ වෙනුවෙන් ඔයාලත් මට සාධාරණයක් ඉටු කරයි කියල හිතනවා.මේ මම නානිගෙ චිත්‍රපටයක් වෙනුවෙන් දෙන අටවැනි උපසිරැසිය.

එහෙනම් තවත් කතා කරන්න දෙයක් නෑ හැමෝටම ආරාධනා කරනවා බලල රසවිඳින්න.

” මරණයට ඒ දිශාවේ නුඹ…”
” මේ දිශාවේ මම ..”
” නුඹව ස්පර්ශ කල හැම සඳ කිරණක්ම ඇසුවා …”
” ඒ සූර්යයා කොහේද කියලා …”
” මේ නදියේ මතකයන් තුල නුඹ තවමත් ගලා යමින් ඉන්නවා’ යි පැවසුවා…”

ඔබට ජය … !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

21 comments

  1. Shehan Sachintha (කොටා)
    Cineru Family Member

    අඩෝ මදුවා සුපිරි බන්❤️💜️
    තෑන්ක්ස් බන් සබට👌💕💕

  2. අඩෝ ගැම්මක් තමයි නියමයි🖤

  3. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    තෙලුගු සබ් කිං මධුවා
    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

  4. Sub ekata thanx

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Yasitha Madubashana

    නියමයි මචං Good Luck ❤️💪

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. thank you machn

  9. Gammmak thama

  10. Secret N
    Cineru Family Member

    නානිගේ සබ දාලා එලම කොල්ලෝ.. එල….. ❤️

  11. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරියක් මධුවා. ජයම වේවා.. එල

  12. thank bro sinhala sube ekata [Akhanda (2021) telugu film ekatath sube danna jayawewa.

  13. නියමයි මධුශාන් අයියේ..😘😍

  14. soggade chinni nayana ekata substite denna puluwnd

  15. .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  16. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  17. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය වේවා!

  18. Film එකේ අර්ථයට හානි නොවෙන්න ලස්සනට සිංහල ගලපලා තියෙනවා. Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login