The title of the page
Shiddat Sinhala Subtitle
Shiddat Sinhala Subtitle
9.2
94

Shiddat (2021) Sinhala Subtitles | “ආශාව” | සිංහල උපසිරැසි සමඟ

(Shiddat (2021) Sinhala Subtitles) (Shiddat Sinhala Sub)
ආයුබෝවන් සිනමාලෝලී රසික හදවත් හැමෝටම.. විශේෂයෙන්ම හින්දි සිනමාවට ආදරේ කරන හැම දෙනා වෙනුවෙන්ම මම හින්දි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. චිත්‍රපට විශේෂ එකක් වෙනවා සේම මටත් මේක සුවිශේෂී කඩයිමක්. ඒවගේම ලොකූ අභියෝගයක් මම ඔයාලා අතරට වැඩිපුරම ආවේ “කොරියන්” චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලාවලට උපසිරැසි අරගෙන. මේ මගේ පළවෙනි කඩයිම.. ඒ කියන්නෙ මගේ 50* වෙනි උපසිරැසි ගැන්වීම. මදුශාන් වනසිංහ සහෝදරයාටත් සිනෙරූ පවුලෙ සහෝදර සහෝදරියෝ හැමෝටමත් උදව්කරපු දිරිගන්වපු හැමෝටම වගේම ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තූතියි…
Shiddatනමින් අපි අතරට එන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ Jannat, Thum Mile, Raja Natwarlal යන චිත්‍රපට අධ්‍යක්ෂනය කරපුKunal Deshmukh. වගේමRadhika Madan, Sunny Kaushal, Mohith Raina, Diana Penty යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. 
මේ චිත්‍රපටය නරඹන ඔයාලට ලස්සන ගීත එකතුවකුත් අහන්න ලැබෙනවා. සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේSachin-Jigarවිසිනුයි.Disney+Hotstarහරහා අන්තර්ජාලයට නිකුත් වීම නිසාවෙන් තමයි අපි හැමෝටම මේ චිත්‍රපටය රසවිඳින්න හැකියාව ලැබිලා තියෙන්නේ..
මමත් ඇතුලුව ශ්‍රී ලාංකික ඔබ අප හැමෝටම මේ සළරුව ගොඩාක් විශේෂ එකක්.යොහානි ද සිල්වාවිසින් ගායනා කරපු Remake එකක් වන මැණිකේ මගේ හිතේ ගීතය නිසා සිංහල කියන භාෂාව මුලු ලෝකයක්ම දැනගන්නවා. ලෝකයේ හොදම සින්දු 10 අතරටත් එකතුවෙන්නෙ ඒ නිසාමයි. වයස් බේදයක් නැතිවම මේ සින්දුවට ගොඩාක් අය ආදරය කරන්න පටන් ගන්නවා. මේ සින්දුව ගොඩාක් ජනප්‍රිය උනේ ඉන්දියාවේ. අවසානයේ සුබදායි ප්‍රතිඵලයක් විදිහට යොහානිටත් මෙම චිත්‍රපටයේ Female Version එකක් ගායනා කරන්න පුලුවන් වෙනවා.
ඒ වගේම ඇයට ප්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබෙනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ පුංචි රටේ නම ලෝකෙටම ගෙනියන්න හැකිවුනාට යොහානිටත් සුබපැතුම් එක්කරන්න..
චිත්‍රපටය ගලාගෙන යන්නෙ මේ විදියට,
ඇත්තටම කිව්වොත් මේක ආදර කතා දෙකක්. ජග්ගී කාර්තිකා ඒවගේම ගෞතම් ඊරා. මම මේ ෆිල්ම් එක ගැනනම් ලොකූ විස්තරයක් කියන්නෙ යන්නේ නෑ…අනිවාර්යයෙන් මඟ නොහැර බලන්න කියලා තමයි කියන්නේ… ආදරය කියන මාතෘකාව ඔස්සේ ලැබීම් නොලැබීම්, ගැටුම් අභියෝග හැම දෙයක් මැද්දෙන්ම ගලාගෙන යන චිත්‍රපටයක් තමයි මේක… ආදරණීය හදවත් සුවපත් කරන චිත්‍රපටයක් කිව්වොත් මම හරි..එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා..

**විශේෂ ස්තූතිය චිත්‍රපටයේ සියලුම ගීතවල සිංහල උපසිරැසි ගැන්වීම වෙනුවෙන් මදුශාන් වනසිංහ සහෝදරයට..

නැවත වතාවක්, මම මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනවා.. 
සමිත, මධුශාන්,අංජුල,අශේන්(චූටියා) ඇතුලු සිනෙරූ සහෝදර සහෝදරියන්ටත් මාව දිරි ගන්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි..**
මම,
… උචිනි අංජලිකා පෙරේරා…
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

18 comments

  1. Udaya saman
    Cineru Family Member

    පලවෙනි කඩඉමට සුබ පතනවා නංගි..ඒ වගේම පලවෙනි කඩඉමක් මාස තුනකින් වගේ කෙටි කාලෙකින්ම ලබා දුන්නට.ඉදිරියටම යමු ඉක්මනටම ඊලග කඩඉමත් අරගෙන එමු….ජයෙන් ජයම වේවා.. ඉස්සරහට බලමු එකතුවෙලා සබිි ටිකක් දෙන්න…

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    පළවෙනි කඩයිමට සුභ පැතුම් අක්කේ ❤️ ඔහොම්මම ඊලඟ කඩයිමට යමු ❤️❤️❤️

  3. 50 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් අක්කේ..❤

  4. half century ekak gahala neda akke
    thank godak sub ekata

  5. Congratulations උචිනි ! ❤️

  6. Congrats akke. Thnq. Ane ” La Brea ” series ekata denna gannako plz akki

  7. 50වෙනි උපසිරැසියට සුභ පැතුම් 🎀🙂
    කොරියන් කතාවලට ඉදිරියටත් දිගටම සබ් දෙමු😊
    Good Luck🤗

  8. ඔහොම දිගටම යමු අක්කේ..50 වෙනි උපසිරැසියට සුභ පැතුම්..🔥🔥

  9. සුබ පැතුම් අක්කේ 50 ට

  10. Chathunika Manchanayake
    Cineru Family Member

    50ට සුභ පැතුම් අක්කේ ❤️❤️

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 50වෙනි සබ් එකට සුබ පැතුම්

  12. Thank you❤ 50 වෙනි උපැසිරැසිකරණයට සුභ පැතුම්..!!😍 ලස්සන කොරියානු කතා මාලාවකට ඉක්මනින් sub දෙන්න හොදේ 🤗

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Thank you ❤️❤️

  15. සුබ පැතුම් එක් කළ හැමෝටම ස්තූතියි ❤️

  16. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  17. Shan Shenow
    Cineru Family Member

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් 💫❤

  18. Appata siri…. congratilations….😍😍😍😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login