The title of the page
Shadow and Bone (2023) S02 E01 Sinhala Subtitles
Shadow and Bone (2023) S02 E01 Sinhala Subtitles
7.6
86
78

Shadow and Bone (2023) S02 E01 Sinhala Subtitles | “ඇදුරේ පැමිණීම” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ ඔයාලට අරගෙන ආවෙ කවුරුත් ආසාවෙන් බලපු 2021 Netflix විසින් නිකුත් උන Fantasy කතාමාලවක් උන Shadow and bone කතා මාලාවෙ දෙවන කතා සමයට සිංහල උපසිරැස අරගෙන. Fantasy television, Mystery, Drama කියන ගනයට අයිති වෙන මේ කතාමාලාව ගැන වැඩි පුර තොරතුරු දැනගන්න Cineru Shadow and bone S01 සිංහල උපසිරස ගන්න තැන හොද විස්තරයක් තියනව. අනිවාර්‍යයෙන් ඒක කියවන්න. මොකද පොත කියවපු නැති කෙනෙක් මේක බලනකොට ටිකක් මේ කතාව තේරුම් ගන්න අමාරුයි.

පලවෙනි කතා සමයෙන්…..

Alina starkov කියන්නෙ සිතියම් අදින කෙනෙක්. එයාගෙ හොදම යාලුව Malyen. හොදම යාලුව කිව්වට දෙන්නම හිතින් ආදරේ කලත් එකිනෙකාට ඒ වග ඇගෙව්වෙ නෑ. Malyen ට මේ කතාවෙ ප්‍රධානම මාතෘකාව වෙන නැම්ම හරහා යන්න සිද්ද වෙනවා. ඇලිනා Malyen ව දාලා යන්න බැරි නිසා උපක්‍රමයක් යොදලා මේ මෙහෙයුමට එයත් එකතු වෙනවා. නැම්මෙදි වෙන සිදුවීමකින් දැනගන්නවා ඇලීනා ආලෝකයේ කැදවුම්කරුවෙක් කියලා. ආලෝකයේ කැදවුම්කරුවෙක් අවුරුදු ගනනාවකින් ඉපදිලා නෑ. කැදවුම්කරුට තමා මේ නැම්ම විනාශ කරන්න පුලුවන්. ඒ නිසා ඇලිනව පුහුනු කරන්න දෙවන හමුදාව පාලනය කරන කිරිගන් එයාව අරන් යනවා. පස්සෙ නැමීම ඇති කලේ කිරිගන් කියලා එයා ගෙ අම්මා ඇලීනට කිව්වම ඇලීනා එතනින් පැනල යනව. පලවෙනි කතාසමය අවසානයේදි ඇලීනගෙ බලය ගන්න කිරිගන් උත්සහ කලත් ඒක කරගන්න බැරි වෙනවා. නැම්ම ඇතුලෙදි වෙන සටනින් ඇලීනයි Malyen වගේම ඇලීනව පැහැරගන්න ආපු The Crow Club එකේ අයයි බේරෙනව. එයාලා හිතන්නෙ කිරිගන් මැරුනා කියලා. ඒත් ඇත්තටම කිරිගන් බේරෙනව.

පලවෙනි කතා සමය හෑලි නැතුව කෙටියෙන් කිව්වොත් ඔහොමයි සිද්දිය වුනේ. දෙවන කතාසමයේදි ඇලීනයි , Malyen Ravka දාලා Weddle වලට යනවා. එයාල හිතුවත් අදුර නැති කලා කියලා ඇලීනට නිතරම භයානක හීන පේන්න පටං ගන්නවා. ඒත් Malyen එයා දැකපු දේ කියලා හැමවෙලාවෙම ඇලීනව සනසවනවා. ඒත් ඇලීනා දැනගෙන හිටිය නැම්ම දිගින් දිගටම වර්දනය වෙනව කියලා. ඒ නිසා ඇලීනා ඉස්සරහට කරන්න ඕන දේවල් හිතේ තියාගෙන ඒ සැලැස්සම ක්‍රියාත්මක කරන්න ඕන දේවල් සූදානම් කරමින් තමයි ඉන්නෙ. ඒ අතරෙ The Crow Club එක ගෙදර යනකොට එයාලගෙ ගෙදර Pekka Rollins අරගෙන වෙනමම Club එකක් දාලා. ඉස්සරහට මේ හැමෝම කිරිගන්ට එරෙහිව සටන් කරන විදිහ බලාගන්න පුලුවන්.

ඊලග එපියෙන් හම්බවෙමු…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

8 comments

  1. Thenuka Nawan Rathnayaka

    Subtitle එකට ස්තූතියි.❤️
    ඉතුරු ටිකටත් පුලුවන්නම් දෙන්න.

  2. තෑන්ක්ස් ඉතුරු ටිකත් දානකම් බලාගෙන ඉන්නෙ

  3. Thank You Saho…
    Balagenama hitapu ekak..
    Thanks Cineru..

  4. තැන්කිව්, Sub එක එනකම් ගොඩක් දවස් බලන් හිටියා❤️❤️❤️

  5. Ado thanx bokkh,, denkn hitiye

  6. එකක් විතරක් බලන්න බෑ මචෝ. අනිත් ටිකත් දාන්න…

  7. Thenuka Nawan Rathnayaka

    ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ 😁

  8. Thank You ❤️
    wating for rest.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login