The title of the page
Shadow 2021 Sinhala Sub
Shadow 2021 Sinhala Sub
5.6
92

Shadow (2021) Sinhala Subtitles | “අතුරුදන් වූ සෙවනැල්ලේ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Shadow (2021) Sinhala Subtitles )

‘ලෝක ඉතිහාසයේ මේ වෙනකන්
කිසිවෙකු ඒ ගැන අහලා නැතුව ඇති’
‘පුද්ගලයෙක්ගේ හෙවනැල්ල
අතුරුදහන් වෙලා කියලා. ‘
හැම කෙනෙකුටම දැන් ඒක තමයි මාතෘකාව…පොලිසිය පවා
ඔහුව හඳුන්වන්නේ උමතු මනුස්සයා ලෙසයි.

2021 පෙබරවාරි මාසෙදි තිරගත වීම් ආරම්භ කරන ලද තවත් කන්නඩ සිනමා පටයකට සිංහල උපසිරසි අරගෙනයි ඉක්මනින්ම ආයෙත් මේ ගොඩවෙන්නේ.ඇත්තටම මට මේකට සබ් එක කරන්න කියලා මට කරදර කරපු අංජුල උමේෂ් මලයට ස්තූතිවන්ත වෙනවා මුලින්ම. ඒ වගේම උපසිරසි ගන්වන අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මඩුල්ලට විශේෂ ස්තූතිය පුද කරනවා.

තමාගේ හෙවනැල්ල අතුරුදහන් වී ඇති බවට සාමාන්‍ය පුද්ගලයෙක් (විනෝද් ප්‍රභාකර්) විසින් විජයනගර් පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් කරන අතර, එය නගරයේ සෑම තැනකම කතාබහට ලක්වන කරුණක් බවට පත්වේ. මෙසේ තමා සාමාන්‍ය පුද්ගලයෙකුයැයි පවසන පුද්ගලයා ගොණු කල පැමිණිල්ලට විජයනගර් පොලිසියට සුවිශේෂී නඩුවක් බවට මෙය පත්වේ. එම නිසා මෙම නඩුව පිළිබද සොයා බැලීමට ඔවුන් කටයුතු කරයි. මේ සම්බන්ධව පැමිණිලිකරුගෙන් යම් මාර්ග අනතුරක් ගැන තමාට දෙවියන් වහන්සේ විසින් හෙළිදරව් කල බව පැවසූ විට පොලිස් නිලධාරින්ද අන්දමන්ද වී යයි.

මොහු පවසන්නේ එය අනතුරක් නොවන බවත් එය මිනී මැරුමක් බැවින් නැවත එම නඩුව විමර්ශණයට ලක් කරවන ලෙසයි.මේ අතර මේ සාමාන්‍ය මිනිසා පිළිබද පැතිර යන ආරංචි මාර්ග නිසා මොහු ප්‍රවෘත්ති ප්‍රකාශ වලද වැදගත් මාතෘකාවක් වී තිබේ. එම අවස්ථාවක රූපවාහිනයේ දකින මොහුව සොයා ඔහුගේ බිරිදයැයි පවසන මායා නැමැති තරුණියක විජයනගර් පොලිස් ස්ථානය වෙත පැමිණ මේ මිනිසා වෙන කිසිවෙකුත් නොව ඔහු තමාගේ සැමියා වන විජේ යන අයයැයි පවසමින් මහත් ආන්දෝලනයක් ඇති කරත්, ඔහුව පොලිස් ස්ථානයෙන් යැවීමට පොලීසිය එකග වෙන්නේ නැත. පසුව මොහු විසින් පවසනලද එක්තරා අනතුරක් සම්බන්ධ නඩුව නැවත විමර්ශණය කරන්නයැයි පවසන්නේ එය මිනීමැරුමක් බැවින් එහි සැකකරුවන් හට නිසි දඩුවම් ලබා දීමට අවශ්‍ය බැවිණි. මේ අනතුරකින් මියගොස් ඇත්තේ තිරුපති නැමැති ව්‍යාපාර ආයතනයක සේවය කරන පුද්ගලයෙකි..

මේ තිරුපතිගේ ඝාතනය සිදුකර ඇත්තේ ශීතකල වතුර බෝතලයක් ආධාරයෙන් බව තොරතුරු පවසන විජේ නැමැති සාමාන්‍ය මිනිසාගේ මේ කතා අසා පොලීසිය පවා විස්මයට පත්වේ. කෙසේ හෝ මොහුගේ මාර්ගයෙන් මෙම නඩුව විමර්ශණයට ගත්තද ටික වේලාවකින් පසුව පොලිසියටද අදහාගත නොහැකි සිදුවීම් පෙලකට මුහුණ දීමට සිදු වේ..

ඇත්තටම කව්ද මේ මැරුව තිරුපති. මෙයා අනාථ කෙනෙක්. එයාට කාත් කව්රුවත් නෑදෑයෝ නෑ. මෙයා බැදලා හිටියේ තවත් අනාථ නිවාසයෙක හිටිය අනාථ ගෑණු ළමයෙක්වමයි. ඉතින් මෙයාලා අනාථ අය නිසා අදුරන අය කව්රුත්ම නෑ. මෙයාලට කුඩා වයසේ ගෑණු දරුවෙකු සිටී. සතුටින් ජීවිතය ගත කරපු මේ පවුලේ සමගියල සතුට නැති වුනේ එක මොහොතකින්.
ඒ තිරුපති ට සිදු වූ අනතුරින් ඔහුව මිය යෑමත් සමගයි..

කව්ද මේ තිරුපති..? ඇයි මේ විජේ මේ නඩුව ආයෙත් විමර්ශණය කරන්න කියන්නේ..?
එතකොට ඇයි එයාගේ බිරිද මේක වලක්වන්නේ..?

මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා.. හොද කථාවක් අනිවා බලන්න.එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Action,Thriller, Crime
අධ්‍යක්ෂණය : Ravi Gowda
රංගන ශිල්පීන් : Vinnod prabhakar, shobitha Rana, sharath lohitashwa, khiladi lokesh
ධාවන කාලය : 1h 52 min
තිරගත කල දිනය : 05 february 2021 (India)
IMDB අගය : 5.7/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

12 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා …

  2. Vedio Link Eka Nehe

    • වීඩියෝ ලින්ක් දීලා තියෙන්නේ මචං..VPN ඔෆ් කරලා සයිට් එක​ට එන්න..එතකොට වීඩියෝ පිටපත් කියලා බට්න් එකක් පෙන්නයි සබ් එක ගන්න තැනට පහළින්..

  3. Pattai bn
    Meka labenakn hitye

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. තැන්ක්ස් මචං සබ් එකට

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Film eke meken balanne kohomada pls

    • samitha
      Cineru Family Member

      වොච් ඔන්ලයින් කියන බටන් එක ක්ල්ක් කරන්න

  8. 1080p නැද්ද මචං ?

  9. Ramarjuna kannada ekath dennako plzzzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login