The title of the page
Sembi (2022) Sinhala Subtitle
Sembi (2022) Sinhala Subtitle
7.8
97

Sembi (2022) Sinhala Subtitles | “යුක්තියේ සටන” | සිංහල උපසිරැසි සමඟ

(Sembi (2022) Sinhala Subtitles) (Sembi (2022) Sinhala Subtitle) (Sembi Sinhala Subtitle)

සුබ දවසක් ඔයාලා හැමෝටම.. අම්මෝ ඔන්න තවත් ගින්දර ෆිල්ම් එකක් අරන් ආව ඉක්මනටම…මුලින්ම කියනවා මේක නම් අනිවාර්යෙන්ම බලන්න පට්ට මේක 👌🔥

වැඩේ බාර දුන්න සමිත අයියවයි.. සපෝර්ට් එක දුන්න අංජුල අයියවයි මතක් කරගෙනම ෆිලුම දිහාට යන්කෝ 😼❤️

Crime / Thriller / Action කියන Category එකට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් උනේ 2022 දෙසැම්බර් 30 වෙනිදා… අන්තර්ජාලයට නිකුත් වෙලා නම් ටිකක් දවස් 🥺💔මේක අධ්‍යක්ෂණය කරන්නේ Prabhu Solomon කියන අධ්‍යක්ෂකවරයා විසින්…කතාව රචනා කරලා තියෙන්නෙත් ඔහු විසින්මයි..මේ ෆිල්ම් එක IMDB අගයත් 7.8 ක් වගේ ඉහල අගයක් අරන් තියෙනවා..

රංගන ශිල්පීන් ගැන කතා කරද්දී, විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රධාන චරිතය සෙම්බි ගේ චරිතයෙන් ඔබ හමුවට එන ඒ ළමා නිළිය.. ඇය අතිශය සුපිරි රංගනයක නියැලෙනවා 🔥 තව අනික් ප්‍රධාන චරිතය සෙම්බිගේ අත්තම්මා චරිතය සදහා දායක වෙන්නෙ Kovai Sarala නිළිය විසින්.. මැයත් ඉතාමත් ආකර්ෂණීය රංගනයක නියැලෙනව ඔයාලටම බලාගන්න පුළුවන් 🤗🤍 එතකොට අනික් ප්‍රධාන චරිතය ලෝයර්ගේ චරිතය… නළු Ashwin Kumar Lakshmikanthan රංගනයෙන් දායක වෙනවා.. මුළු කතාවටම සාදාරනේ ඉෂ්ට කරන චරිතේ ඔහු 🥺🔥

● Cast
◈Kovai Sarala as Veerathayi
◈Ashwin Kumar Lakshmikanthan as Lawyer
◈Thambi Ramaiah as Anbu bus conductor
◈Nanjil Sampath
◈Pala. Karuppiah as Politician
◈G. Gnanasambandam as Judge
◈Mullai Arasi

ඇත්තටම හොද සමාජයට ලොකු පණිවිඩයක් දෙන පට්ට ෆිල්ම් එකක් ❤️🤩 හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🥰

විස්තරේ පොඩ්ඩක් කියන්නම් වැඩිය කිව්වොත් Thrill එක නැතුව යනවා 🤪

සෙම්බි කියන්නේ කදුකර ප්‍රාදේශයක තියෙන ගම්මානයක එයාගේ අත්තම්මා එක්ක ජීවත් වෙන අවුරුදු 10 ක පොඩි අහිංසක ගැහැණු ළමයෙක්…එයාගේ අම්මා තාත්තා එයා පොඩි කාලෙම මැරෙනවා.. ඒකට හේතුවත් ඔයාලට ෆිල්ම් එකේදී බලාගන්න පුළුවන් 😔 දවසක් සෙම්බිට එයාගේ අත්තම්මා මී පැණි මුට්ටියක්‌ හදල දෙනවා ඒක ගිහින් කඩේට දීලා එන්න කියලා.. ඒ යන අතරමගදී සෙම්බිට ලොකු අවාසනාවන්ත සිද්දියකට මුහුණ දෙන්න සිද්ද වෙනවා 💔 ඒ කොල්ලෙක් අතින් දරුණු විදිහට දුෂණයට ලක්‌ වීම.. මේ කොල්ලා එසේ මෙසේ කොල්ලෙක් නෙවෙයි.. විපක්ෂ නායකගේ පුතා..ලොකු මිනිහට නීතිය එක විදිහක් ද.? පොඩි මිනිහට නීතිය තවත් විදිහක් ද.? කියල දැනගන්න මේ ෆිලුම බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා 🔥

සෙම්බිට යුක්තිය ඉල්ලා කරන සටන කොහොමද කියලා බලන්නකෝ 😊❤️

ආයෙත් සුපිරි ෆිලුමක්‌ අරන් ඉක්මනට එන්නම්.. බුදුසරණයි! ජේසු පිහිටයි!

සැ. යු : උපසිරැසි KM Player එකේ වැඩ කරන්නේ නැ කියලා.. අකුරු Symbol වගේ පෙන්නන්නේ කියලා… කලින් ෆිල්ම් වලට ගොඩක් කමෙන්ට් දාල තියෙනවා දැක්ක.. ඒ උපසිරැසි වැඩ කරන්නේ නැතුව නෙවෙයි! KM Player එකේ තියෙන අවුලක් නිසා එහෙම වෙන්නෙ.. හැමෝම සබ් එක download කරගෙන ෆිල්ම් එක බලද්දී VLC Player / Pot Player වගේ Player වලින් බලන්න..එතකොට ඒ ප්‍රශ්නේ එන්නෙ නෑ..😊

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

– සර් බොරුවක් ඇත්ත කියලා
ඔප්පු කරන්න සාක්ෂි 1000ක් ඕන…

– ඒත් ඇත්ත ඇත්තමයි කියල
ඔප්පු කරන්න සාක්ෂි ඕන නම්,

– ඒක කොහොමද සර් ඇත්ත වෙන්නේ..?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

8 comments

  1. සුපිරි brother thank u subtitles akata

  2. Pattaaaaaaaaaa

  3. Kasun Widusha
    Cineru_users

    Tnx mchoo

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Shana putha mekatath try ekak denawada..?
      Woh 3 Din (2022) Hindi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login