The title of the page
Sapta Sagaradaache Ello - Side A (2023) Sinhala Subtitles
Sapta Sagaradaache Ello - Side A (2023) Sinhala Subtitles
8.3

Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | ආදරයත් එක්තරා දඬුවමක් | සිංහල උපසිරැසි සමඟ

( Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles ) ( Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub )

ආයුබෝවන් ඔයාල හැමෝටම.!
කාලෙකින් සබක් අරන් සයිට පැත්තට ගොඩ වෙන්න හිතුන ඔන්න, මේ වැඩෙත් සමිත අයියා බාරදුන්නෙ..සෑහෙන්න පරක්කු උනා මේක ගේන්න, මොකද වැඩ ගොඩක් අස්සෙ හිමීට කරපු සබ් එකක්..
මුලින්ම කතා වුනේ මේකෙ දෙවනි එකට සබ් දෙමු කියල. පස්සෙ හිතුනා පලවෙනි එකටත් අපි සබ් දීල නැති එකේ දෙකටම සබ් දෙමු කියල..
දෙවනි ෆිලුමේ සබත් ඉක්මනින්ම අරන් එන්නම්..

2023 සැප්තැම්බර් 1 වෙනිදා නිකුත් වුන මේ Sapta Saagaradaache Ello – Side A කියන කන්නඩ ෆිලුම අයත් වෙන්නෙ Crime/Thriller/Romance කියන කැටගරි එකට.. කොහොම උනත් වැඩිපුරම තියෙන්නෙ ත්‍රිල් එකම තමා..
එතකොට මේකෙ ධාවන කාලය විනාඩි 142ක් පුරාවට දිව යනව.. ඒවගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ Hemanth M. Rao කියන අධ්‍යක්ෂකතුමා විසින්.. ස්ටෝරි එකත් මරු…මුල බෝරින් වගේ ගතියක් තිබ්බත්, ටික වෙලාවක් යද්දි ඒක හරි ගියා..
ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ ලංකාවෙ ගොඩක් අය අතරෙ උන්මාදයක් වෙච්ච 777 Charlie ෆිලුමෙන් හැමෝම වගේ අදුන ගත්තු ඒකෙ “ධර්මා” කියන චරිතයෙන් අපිට හමුවුන Rakshit Shetty කියන නළුවා..
ඇක්ටින් නම් සුපිරි අප්පා.. කියන්න වචන නෑ.. ගින්දරටම තිබ්බා..
ඒවගේම මේ සදහා ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන Rukmini Vasanth මේ වෙනකොට මේ ෆිලුම නිසාම ලංකාවෙ කොල්ලන්ගෙ ක්‍රශ් එකක් වෙලා.. fb එක පැත්තෙ ගොඩක් ෆොටෝස් තියෙනව දැක්ක මමත් 🤭
කෙසේ හෝ වේවා රගපාල තියෙන්නෙ චිත්‍රපටි පොඩි ප්‍රමාණයක් උනත් ගොඩක් දක්ෂ රංගනයක් මේ නිළියගෙත් තිබුනා.. ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්..

Cast
Rakshit Shetty as Manu
Rukmini Vasanth as Priya
Achyuth Kumar as Prabhu
Pavitra Lokesh as Priya’s mother
Avinash as Shankre Gowda
Sharath Lohithaswa as Patila
Ramesh Indira as Soma
Gopal Krishna Deshpande as a prisoner

විස්තරේ නම් මහාලොකුවට කියන්න ගියොත් ෆිලුමෙන් වැඩක් වෙන්නෑ.. ඒත් හැමෝම කැමති නිසා පොඩ්ඩක් කියන්නම්..මනූ කියන්නෙ ඇමති කෙනෙක් ගාව ඩ්‍රයිවින් ජොබක් කරන් ලොකු හීන දැක දැක පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයා යාළු වෙලා ඉන්නෙ ප්‍රියා කියන ගැහැණු ලමය එක්ක..

ඒ ගැහැණු ලමයගෙ හීනෙ තමයි මනූව කසාද බැදල එයා එක්ක මුහුද අයිනෙ ලස්සන ගෙයක් හදාගෙන ලස්සනට ජීවත් වෙන එක.. හදිස්සියේම මේ ඇමතිගෙ පුතා කරන රිය අනතුරකින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙනව,ඒ පුද්ගලයගෙ දුව මේකට විරුද්දව උසාවි යනවත් සමගම ඇමතිට ඕන වෙනව තමන්ගෙ පුතාව බේරන්න වෙන කෙනෙක්ව ඒ වෙනුවට අධිකරණයට භාරදෙන්න.. ඒ ඇමට අහුවෙන අවාසනාවන්තය වෙන්නෙ අපේ “මනූ”..මනූගෙ අර මුහුද අයිනෙ ගේ වැඩේ කරල දෙන්නම්, ඉක්මනින් ඇපත් අරන් දෙන්නම්, මනූට අධිකරණයට ඉදිරිපත් වෙන්න කියනව..

ප්‍රියාගෙ අකමැත්ත මත මනූ අධිකරණයට නොකරපු වැරැද්දකට ඉදිරිපත් වෙනව.. එක පැත්තකින් ඇමති හොද කෙනෙක්..මනූ හිරගෙදර ඉන්නකම් එයාට කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න එයා වැඩ කටයුතු සූදානම් කරනව.. ඔහොම යනකොට හදිස්සියේම පපුවෙ අමාරුවක් හැදිල මැරිල යනව.. ඔතනින් එහාට තමයි මනූගෙ ජීවිතේ කණපිට ගහන්න ගන්නෙ..මෙතනින් එහාට මං මොකුත් කියන්නෙ නෑ.. මේ සුපිරි ෆිලුම අරන්ම බලන්නකො ඊටපස්සෙ මොකද වෙන්නෙ කියල..

අදට ගිහින් එන්නම්…
Sapta Saagaradaache Ello – Side B දෙවනි කොටසත් අරන් ඉක්මනට එන්නම්..

හැමෝටම බුදුසරණයි.! ජේසු පිහිටයි.!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

3 comments

  1. Thank brother 💚🍺
    Video download ekata 1080p add karanna barida

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. Ayalaan 2024 Film eke sub dennko ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login