Sakra (2023) Sinhala Subtitles
Sakra (2023) Sinhala Subtitles
5.7
65

Sakra (2023) Sinhala Subtitles | “ සටන් ලෝකයේ තනි වූ වීරයා ” | සිංහල උපසිරැසි සමඟ

(Sakra (2023) Sinhala Subtitles) (Sakra (2023) Sinhala Subtitle) (Sakra (2023) Sinhala Sub)
ඔන්න යාලුවනේ අද අපි කතා කරන්න යන්නේ Wuxia එහෙම නැත්නම් මාෂල් ආට්ස් ෆිල්ම් පිස්සන්ට මග ඇරගන්න බැරි පට්ටම ෆිල්ම් එකක් ගැනයි. ඒ තමයි සුපිරි නළු ඩොනී යෙන් රඟපාන Sakra චිත්‍රපටිය. මේක හැදිලා තියෙන්නේ ප්‍රසිද්ධ Demi-Gods and Semi-Devils කියන කතාව පාදක කරගෙන වුණාට මේකේ ඇක්ෂන් සහ කතාව ගලාගෙන යන විදිහ මාරම ලස්සනයි.
මේකේ කතාව යන්නේ කියොව් ෆෙං කියන වීරයා වටා. එයා තමයි ලෝකේ ලොකුම කල්ලිය වන හිඟන කල්ලියේ නායකයා විදිහට ඉන්නේ. හැමෝම එයාට ගරු කළත් එක පාරටම හැමදේම කණපිට ගැහෙනවා. එයාගේ උප නායකයා වන මා ඩයුන්ව කවුරු හරි මරලා දානවා. ඒ මිනීමැරුම කියොව් ෆෙංගේ පිටට වැටෙනවා විතරක් නෙවෙයි එයා චීන ජාතිකයෙක් නෙවෙයි හතුරෙක් වන කිතාන් ජාතිකයෙක් කියලා ඔප්පු කරන්න ලියුමකුත් එළියට එනවා. තමන්ගේම කල්ලිය තමන්ගේම යාලුවෝ හැමෝම එක පාරටම එයාට හතුරෝ වෙන හැටිත් තමන් කවුද කියලා හොයාගන්නයි තමන්ගේ නිර්දෝෂීබව ඔප්පු කරන්නයි කියොව් ෆෙං යන ගමන තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.
මේ ගමනේදි කියොව් ෆෙංට හම්බවෙනවා ආ ෂූ කියන ගැහැණු ළමයව. මුළු ලෝකෙම කියොව් ෆෙංට ද්‍රෝහියා මිනීමරුවා කියද්දි එයා දිහා මනුස්සකමෙන් බලන එකම කෙනා ආ ෂූ විතරයි. ෂැවොලින් පන්සලෙන් පටන් ගත්ත මෙයාලගේ කතාව ජුක්සියෑන් වලව්වේ ලොකු සටනක් මැදින් ගිහින් අන්තිමට කැඩපත් වැව ළඟදි ඉවර වෙන්නේ අපේ ඇස් වලට කඳුළු පුරවලා. තමන්ගේ අතින්ම තමන් ආදරේ කරන කෙනා මැරුණම ඇතිවෙන වේදනාව මේ ෆිල්ම් එකෙන් හොඳටම පෙන්නනවා.
ඩොනී යෙන් ඉන්නවා කියන්නේ ඉතින් ඇක්ෂන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කියොව් ෆෙංගේ මකරුන් දමනය කරන පහර දහ අට බලාගන්න පුළුවන් වගේම විශේෂයෙන්ම ජුක්සියෑන් වලව්වේ තනියම මුළු සටන් ලෝකෙටම අභියෝග කරලා ගහන ගේම නම් පට්ටම ගැම්මක්. ඇත්තටම මේ මිනීමැරුම් පස්සේ ඉන්නේ කවුද කියලා බැලුවම තමයි තේරෙන්නේ මේක ලොකු කුමන්ත්‍රණයක් කියලා. මූරොන් ෆූ සහ කෑන් මින් එකතු වෙලා යැන් රාජධානිය ආයෙ ගොඩනගන්න කරන සැලැස්මක් තමයි මේ ඔක්කොම පිටිපස්සේ තියෙන්නේ.
සටන් ලෝකේ වීරයෙක් වෙන්න ගිහින් තමන්ගේ හැමදේම නැති කරගත්ත ඒත් අන්තිම වෙනකම් මනුස්සකම අත නොහැරපු මිනිහෙක්ගේ කතාවක් බලන්න ඕන නම් Sakra අනිවාර්යෙන්ම බලන්න කියලා යෝජනා කරනවා. වීරයෙක් ද්‍රෝහියෙක් වෙන හැටිත් ආදරය වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන හැටිත් මේකෙන් ලස්සනට බලාගන්න පුළුවන්.
ඔයාලාට මේක බලන්න කියලා මතක් කරන ගමන්, ආයෙත් වෙනස්ම කතාවක් එක්ක cineru.lk එක්ක හම්බවෙමු!
මම Sajith dhananjaya

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


23
Total Subtitles

2 comments

  1. Thank Brother ! ❤️❤️❤️
    Puluwan nam Ip man 2 ekatath subtitles danna thank bro subtitles great 🖤🖤

  2. තෑන්ක්ස් මචෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login