The title of the page
Revenge of Others (2022) E02 Sinhala Subtitles
Revenge of Others (2022) E02 Sinhala Subtitles
9
98

Revenge of Others (2022) E05 Sinhala Subtitles | “බාල අපරාධකරු” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්…

               REVENGE OF OTHERS කොරියානු කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරැසි අරගෙන ආවා. මේ Drama එක,

Korean language – 3인칭 복수 (3inching Bogsu)

Genre – Thriller / High school

IMDb – 8.4/10

Original Network – Disney+ 

Release date – November 9, 2022 

No. of Episodes – 12

තවද මේ drama එක…

  • Written by – Lee Hee-myung
  • Directed byKim Yoo-jin 
  • Producers – Han Jeong-hwan, Yoon-seon 

නළු / නිළියන් ලෙස,

  • Park Solomon as Lomon – ජි සුහියොන් ලෙසත්,
  • Shin Ye-eun – ඔක් චන් මි ලෙසත්,
  • Kang Yeol – ඔක් චන්කියු නැත්නම් පාක් වොන්සොක් ලෙසත්,
  • Seo ji-hoon – ජේ බම් ලෙසත්, 
  • Lee Soo-min – කුක් හියුන්ග් ලෙසත්,
  • Jin Ho-eun – සා ජන්ග් කියුන්ග් ලෙසත්,
  • Chase Sang-woo – කි ඔසුං ලෙසත්,
  • Wooyeon – හොං ආජුන්ග් ලෙසත්,
  • Yi-seok Kang – කන්ග් සේ ජින් ලෙසත්,
  • Kim Joo-ryeong – ජින් සො ජෙං රහස් පරීක්ෂක තුමිය ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු…

          ජි සුහියොන් තම මවගේ සාත්තු බිල්පත් ගෙවීමට මුදල් ඉක්මණින් අවශ්‍ය වන නිසා ඔහු තම මිතුරියගේ යෝජනාවට එකඟ වෙනවා. එනම් මින් සොන්හාව දූෂණය කළ සා ජුන්ග්යොංව කෙසේ හෝ ඉස්කෝලෙන්  පන්නා දමා මින් සොන්හාගේ තාත්තාගෙන් මුදල් උපයා ගැනීමයි. මේ නිසා ජි සුහියොන් රාත්‍රියක ඉස්කෝලේ ස්ටුඩන්ට් සෙන්ටර් බිල්ඩිමේ ඩාර්ක් රූම්හි ඇතුළේ සිටි

සා ජුන්ග්යොංසොයා යනවා. පසුව ජි සුහියොන් පාසලෙන් අස් වෙන ලෙසට තර්ජනය කරනවා. පසුව ඔහු එතනින් පැන යන්න සූදානම් වන අවස්ථාවේ මින් සොන්හාගේ දූෂණය කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් දකිනවා. මේ නිසා ජි සුහියොන් සා ජුන්ග්යොංගේ පාදයේ ඇඟිලි කඩලා දානවා.

පසුව ඔහු පැන යන අතර වාරයේ පාසලේ සිටි දෙදෙනෙක් ඔහු යනවා දකිනවා. නමුත් ජි සුහියොන් මුහුණ ආවරණය කර තිබූ නිසා ඔවුන්ට කවුද කියා සොයා ගැනීමට අපොහොසත් වෙනවා. මේ නිසා සා ජුන්ග්යොං පාසලෙන් අස් වෙනවා. එහිදී ඔහුට පහර දුන්න පුද්ගලයාව පාසලේ ළමුන් “වීරයා” ලෙස නම් තබනවා.

ඉතින් මේ වීරයා නපුරු පුද්ගලයන්ට දඬුවම් කරනව බව රාවයක් ඉස්කෝලෙ පුරා පැතිරෙනවා. මේ නිසා පාක් වොන්සොක් නැත්නම් ඔක් චන්ක්යුව දඬුවම් දෙන්න ඇත්තෙත් මේ වීරයා යැයි කියා ඔක් චන්මිට සැක හිතෙනවා. මේ නිසා සා ජුන්ග්යොංට පහර දුන් දවසේ ජි සුහියොන් මුණගැසුණු නිසා ඇය ඔහුගෙ රහස් සොයා ගැනීම සඳහා ඔහු පසු පස යනවා.

ඉතින් ඇත්තටම ජි සුහියොන් වීරයා යැයි කියා  සොයා ගනීවිද?

සා ජුන්ග්යොං, ඔහුට පහර දුන් සිද්ධිය පොලිසියට වාර් තා කරන නිසා රහස් පරීක්ෂක ජින්ට වීරයාව අල්ලා ගැනීමට හැකි වේවිද?

එහෙනම් අපි හතරවන කොටසෙන් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

3 comments

  1. Thnx akki anith sub tikth ekmntma denna 👍🤟

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login