Resurrection Road (2025) Sinhala Subtitles
Resurrection Road (2025) Sinhala Subtitles
4.1

Resurrection Road (2025) Sinhala Subtitles | “ ලේ පිපාසිත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ

(Resurrection Road (2025) Sinhala Subtitles) (Resurrection Road (2025) Sinhala Subtitle) (Resurrection Road (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ 2025 අවුරුද්දෙ නිකුත් වුන, ඇඟ හිරිවැටෙන අත්දැකීමක් දෙන්න පුළුවන් සුපිරි Action/Horror චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් අපි යුද්ධ චිත්‍රපටි දැකලා තිබ්බට, මේක ඒ හැම එකකටම වඩා හාත්පසින්ම වෙනස්. ඇමරිකානු සිවිල් යුද්ධය අස්සට හොරර් (Horror) කතාවක් එකතු වුනාම කොහොම තියෙයිද? අන්න ඒ අත්දැකීම විඳගන්න කැමති අයට මේක පට්ට ෆිල්ම් එකක්.

කතාව පටන් ගන්නෙ ඇමරිකානු සිවිල් යුද්ධය කාලෙදි. බැරබස් (Barabbas) කියන නායකයා යටතේ කළු ජාතික සොල්දාදුවන් කණ්ඩායමකට විශේෂ මෙහෙයුමක් ලැබෙනවා. මෙයාලට සිද්ධ වෙනවා ආකන්සාස් (Arkansas) වල තියෙන ඝන වනාන්තරයක් මැද හංගලා තියෙන හතුරු කඳවුරක් විනාශ කරන්න. මේක ඇත්තටම මරාගෙන මැරෙන මෙහෙයුමක්. හැබැයි මේ වනාන්තරයට ඇතුල් වුනාට පස්සෙ තමයි මෙයාලා දැනගන්නෙ තමන්ට සටන් කරන්න වෙලා තියෙන්නෙ හතුරු හමුදාවක් එක්ක විතරක් නෙවෙයි කියලා. මේ කැලෑව ඇතුලෙ මිනිස්සුන්ට වඩා භයානක, ලේ පිපාසිත අද්භූත බලවේගයක් (Vampires/Monsters) හැංගිලා ඉන්නවා. ඉතින් මේ සොල්දාදුවන්ට යුද්ධය දිනනවා වගේම මේ යක්ෂයන්ගෙන් බේරිලා පණපිටින් එන්න පුළුවන් වෙයිද කියන එක තමයි කතාවේ ඉතුරු ටික.

මෙතනින් එහාට කතාවේ කුතුහලය නැති කරන්න යන්නෙ නෑ. ක්‍රියාදාම සහ ත්‍රාසය උපරිමයෙන් තියෙන මේ ෆිල්ම් එකේ Malcolm Goodwin සහ ප්‍රවීණ නළු Michael Madsen වගේ අය රංගනයෙන් දායක වෙනවා. Horror සහ War ෆිල්ම් වලට කැමති අයට මේක අලුත්ම අත්දැකීමක් වෙයි. IMDb අගය 5.7/10 ක් ලෙස සටහන් වෙලා තියෙනවා. එහෙනම් මේ වෙනස්ම කතාව බලන්න කියලා ආරාධනා කරනවා. තවත් මේ වගේ උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂාන් වික්‍රමනායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂාන් වික්‍රමනායක

November 17, 2025


15
Total Subtitles

One comment

  1. ස්තූතියි හෂාන් සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login