The title of the page
Rathnan Prapancha Sinhala Sub
Rathnan Prapancha Sinhala Sub
9.2
98

Rathnan Prapancha (2021) Sinhala Subtitles | “රත්නාගේ ලෝකය” | සිංහල උපසිරැසි සමඟ

(Rathnan Prapancha (2021) Sinhala Subtitles) (Rathnan Prapancha 2021 Sinhala Sub)

හැමෝටම සුබ දවසක්! ඕං මම අදත් කන්නඩ ෆිල්ම් එක්කට සබ් එක අරන් ආවා. අද අරන් ආවේ Rathnan Prapancha 2021 කියන ෆිල්ම් එකේ සබ් එක..ෆිල්ම් එකනන් Drama ගනයට තමා වැටෙන්නේ..ඒ වගේ IMDb දර්ශකයේ 9.2/10 වගේ අගයකුත් හිමිකරගන්න මේ ෆිල්ම් එකට හැකි වෙලා තියනවා..එහෙනම් වැඩි කතා නැතුව පිල්ම් එක පැත්තට යමු…

ඉතින් මේ ෆිල්ම් එකේ රත්නාගේ ලෝකේ ගැන තමා කියන්නේ..රත්නගේ චරිතෙට පනපොවන්නේ කන්නඩ නලු Dananjay විසින්.. ඒ වගේම ප්‍රධාන නිළියගේ චරිතයට පනපොවන්නේ Reba Monika John (මයුරි)..

රත්නාගේ අම්මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා කොල්ලෝ දෙන්නයි එයාගේ බල්ලයි 😁…සරෝජා (අම්මා) මේ බල්ලා නැති වෙලා ඒකට රත්නට කියනවා පත්තරේ දැන්වීමක් දාන්න කියලා..ඒ දැන්වීමක් දාන්න යනකොට එතන ඉන්න කෙනත් එක්ක කතාකරකර ඉද්දි තමා මෙයාට මයුරිව හම්බෙන්නේ.. දවසක් මයුරි මෙයාට කියනවා මෙයාගේ අම්මාගේ විස්තර ටිකක් හොයාගත්තා කියලා..රත්නා අහනවා අපේ අම්මාගේ මොන විස්තරයක්ද කියලා. එතකොට තමා මයුරි මෙයාට කියන්නේ මෙයාව හදාගන්න ගත්තු ළමයෙක් කියලා..එදයින් පස්සේ රත්නා එයාව හදාවඩා ගත්ත සරෝජව  ගනන් ගන්නෑ.

මයුරි මෙයාව හම්බෙලා මෙයාගේ ඇත්ත අම්මා තාත්තා ගැන විස්තරයක් කියනවා..රත්නා පුදුම වෙලා මයුරි කියන දේ අහන් ඉන්නවා.. ඊටපස්සේ මයුරියි රත්නයි එයාගේ ඇත්ත අම්මව හොයන් යනවා..

”  කවදාවත් යනවා කියන්න එපා ගිහින් ආයේ එනවා කියලා කියන්න  “

”  හැදුවට විතරක් මදි පෝශනය කරන්නත් ඕනේ  “

 ” ඕනම අම්මෙක්ට තමන්ගේ දරුවා සැපට නිදාගන්නවා බලන් ඉන්න එක තරම් වෙන සතුටක් නෑ “

රත්නට පස්සේ  සරෝජා ගැන දුක හිතෙනවා….රත්නට සහොදර සහොදරියන් කීයක් ඉදියිද? රත්නා එයාගේ ඇත්ත අම්මා ගැන හොයාගනීද? රත්නට මේවගේ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් වේවිද? ඒ ටික බලන්න ෆිල්ම් එක බලන්නම වෙනවා

තවත් විශේෂ දෙයක් තියනවා..ඔයත් කන්නඩ සිනමා රසිකයෙක්නම් දන්නවා ඇති පහුගිය දවස්වල මුලු කන්නඩ සිනමා රසික ජනතාවම හඬවමින් විශිෂ්ට කන්නඩ නලු,එහෙමත් නැත්තන් කන්නඩ සිනමාවේ “Power Star” පුනීත් රාජ්කුමාර් හදිසියේ අපෙන් සමුගන්නවා..😢 ඉතින් මේ ෆිල්ම් එක තවත් විශේෂ වෙන්නේ පසුගිය දා අපි අතරින් සමුගත්ත පුනීත් රාජ්කුමාර් තමයි මේ ෆිල්ම් එක වෙනුවෙන් නිර්මාණය වුණු Gicchi GiliGili කියන ගීතය ගායනා කරලා තියෙන්නේ..පුනීත් ගැන දන්න අය දන්නවා ඇතිනේ පුනීත් දක්ෂ රංඟනයට විතරක් නෙවෙයි කියලා…ඔහුටත් නිවන් සුව පතමින් එහෙනම් අදට ගිහින් එන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිදු දුල්ශාන් ( L U Z I ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිදු දුල්ශාන් ( L U Z I )

October 12, 2021


17
Total Subtitles

8 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    සුර්‍යගේ එක දෙන්නේ නැද්දෝ

  2. සිංහල උපසිරසියට ස්තුතියි
    dananjaya ගේ action ෆිල්ම් ටිකකට සබ් දෙන්න

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. අයියො පුනීත් රාජ්කුමාර් මිය ගියාද. උගේ ෆිල්ම් නම් පට්ට ෆයිට් අප්පා. අපරාදේ. හොද වෙලාවට එ ගැනත් කිව්වේ. සබ් එකට තැන්ක්ස් මචො

    • ඔව්..දැන් සතියක් විතර…හාර්ට් ඇටෑක් එකක් නිසා නැති වුණා..😢

  6. Sub ekata thanx

  7. Bhairava Geetha film ekath dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login