The title of the page
Queen of Tears (2024) E07 Sinhala Subtitles
Queen of Tears (2024) E07 Sinhala Subtitles
8

Queen of Tears (2024) E07 Sinhala Subtitles | “හැරවුම” | සිංහල උපසිරැසි සමඟ

(Queen of Tears (2024) Sinhala Subtitles)  (Queen of Tears (2024) Sinhala Sub) (Queen of Tears (2024) E02 Sinhala Subtitles) (Queen of Tears Sinhala Subtitles ) (Queen of Tears Sinhala Sub) (Queen of Tears Korean Drama (2024) Sinhala Subtitles) (Queen of Tears Korean Drama Sinhala Subtitles) (Queen of Tears Korean Drama (2024) Sinhala Sub) (Queen of Tears Korean Drama Sinhala Sub)

කොරියානු කතා පාරාදීසයට අලුතෙන්ම එකතුවෙන කතාමාලාව. නම තමයි “Queens Of Tears” කොරියානු භාෂාවෙන් “නුන්මුරි යොවාං” කියලා තමා කියන්නෙ. වොන් බිලියන 40ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 34.97) සරළවම රුපියල් බිලියන 10කට වඩා මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. 2022දි කාස්ට් එක, කතාව ගැන අපිට දැනගන්න ලැබුනත් 2023 දී තමයි මේකෙ පිටපත කියවීම් රූගත කිරීම් පටන් අරගෙන තියෙන්නෙ. මේක අයිති වෙන්නෙ Romance/ Comady කියන ශානරයන්වලට. කොටස් 16කින් සමන්විත මේ කතාමාලාව මාර්තු 9 වෙනි සෙනසුරාදා දින සිට tvN වගේම NETFLIX ඔස්සේ විකාශනය වෙන්න නියමිතයි.

මේ ටෙලිකතාවට Kim Hee Won, Jang Young Woo දෙපළ අධ්‍යක්ෂණ කර්තව්‍යයයෙනුත් Park Ji Eun තිර පිටපත් රචනයෙනුත් දායක වෙනවා. Crash Landing on You, The Legend of the Blue Sea, My Love from the Star වගේ සුපිරිම කතාවලත් තිර පිටපත් රචනයෙන් දායක වෙලා තියෙන්නෙ Park Ji Eun. The Producers කතාමාලාවත් ඇතුලුව එයා ලිව්ව කතා තුනකම ප්‍රධාන චරිතයන්ගෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ“අපේ තරු කුමාරයා” එයා ගැන විස්තරයකුත් පහලින් දාන්නම්කෝ. අධ්‍යක්ෂක යුවල ගැන කිව්වොත්, අපි කවුරුත් පිස්සුවෙන් වගේ ආස කරපු Vincenzo ඒවගේම අර අක්කලා නංගිලා තුන්දෙනෙක් හිටිය Little Women කතාමාලාවන් අධ්‍යක්ෂණය කරපු Kim Hee Won සහ Bulgasal: Immortal Souls කතාමාලාව අධ්‍යක්ෂක කරපු Jang Young Woo දෙන්නා එක්ව තමා මේක අධ්‍යක්ෂණය කරන්නෙ. වැඩේට අතගහපු අය බැලුවාම බැලුවට පාඩුවක් වෙන්නෙ නැති කතාවක් වේවි කියලමයි මට හිතෙන්නෙ.

▪️ හේතුව තාමත්,

👉 Crash Landing on you කතාවේ රි ජොං හ්යුක්ගෙයි යුන් සේ රීගෙයි ආදර කතාව..

👉The Legend of the Blue Sea කතාවේ ෂිම් චුං කියන දියකිඳුරි හෝ ජුන් ජේට ආදරේ කරපු විදිහ..

👉My Love from the Star කතාවේ චොන් සොං ඊගෙ පිස්සු වැඩ හින්දා දෝ මින් ජුන් අමාරුවෙ වැටුන විදිහ..

..මතකෙට එනවා වගේම මේ ඩ්‍රාමා තුනම මං ආසම කොරියන් ඩ්‍රාමාවලින් කිහිපයක්.

🔸එහෙනම් අපි දැන් හැරෙමු Queen of Tears කතාමාලාවට රංගනයෙන් එකතුවෙන නළු නිළියන්ගෙ පැත්තට..

🔹 කිම් සෝ හ්යොන් – KIM SOO HYUN – 김수현

2007 දී Kimchi Cheese Smile කියන ඩ්‍රාමා එකෙන් කරළියට පා තබපු කිම් සෝ හ්යොන් 2024 වෙද්දි ආරාධිත රඟපෑම් සහ Queen Of Tears කතාමාලාවත් ඇතුලත්ව ඩ්‍රාමා 16කටත් කෙටි චිත්‍රපට දෙකක් එක්ක චිත්‍රපට හතරකට රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඒ අතරින් Moon Embracing the Sun My Love from the star, It’s Okay to Not Be Okay, One Ordinary Day කියන කතාමාලාවන් වගේම The Thieves, Secretly, Greatly, Real කියන චිත්‍රපට විශේෂ තැනක් අරගන්නවා. කිම් සෝ හ්යොන් කියන්නෙ ඕනම චරිතයකට චරිතාරූඪ වෙන්න පුලුවන් නළුවෙක් කියලා කොරියන් කතාවල රසිකයො වෙන ඔයාලත් දන්නවා ඇතිනෙ. ඕනම පරාසයක ඕනම විදිහක චරිතවලට සිය දායකත්වය ලබා දෙන්න එයා පසුබට වෙන්නෙ නෑ.. One Ordinary Day, Real බැලුවනම් ඒක ඇස් ඉස්සරහම ඔප්පු වේවි. මේ වෙද්දි APAN Star Awards, Asia Artist Awards, Baeksang Arts Awards,Blue Dragon Film Awards, Seoul International Drama Awards Style Icon Awards කියන එකී මෙකී නොකී හැම සම්මානයක්ම දිනාගන්නත් Kim Soo Hyun සමත් වෙලා තියෙනවා. (සම්මාන 61 සහ නිර්දේශ වීම් 86ක්) ඒ වගේම කිම් සෝ හ්යුන් තමා දැනට එක් කතාංගයකට වැඩිම මුදලක් අයකරන නළුවා වෙන්නෙත්.. එයාගෙ දක්ෂතා හැකියාවන් කැපවීම බැලුවම එහෙන ගණන් උස්සන එකත් පාඩු නෑ. එහෙනම් අවුරුදු තුනකට පස්සෙ කිම් සෝ හ්යොන් Queen Of Tears කතාමාලාවෙන් කොයි වගේ COME BACK එකක්ද දෙන්නෙ කියලා අපි බලලම ඉමුකෝ.

🔹කිම් ජි වොන් – KIM JI WON – 김지원

ගායනය සහ නර්තනය ගැන පුහුණුවක් ලැබුවා වගේම පසුබිම් ගායිකාවක් විදිහට තමන්ගෙ අඩිතාලම හදාගත්ත කිම් ජි වොන් 2008 දි Mrs. Saigon කතාවෙන් රංගනයට පිවිසෙනවා. To the Beautiful You, The Heirs, Descendants of the Sun, Fight for My Way,Mr. Sunshine,Arthdal Chronicles, Lovestruck in the City, My Liberation Notes කියන ප්‍රසිද්ධ කතාමාලාවලට එයා රංගනයෙන් එකතු වුනා. ඒ අතරින් Descendants of the Sun, Fight for My Way ඩ්‍රාමවලට නම් මම වගේම ඔයාලත් ගොඩාක් ආස ඇති කියලා හිතනවා. කිම් ජි වොන් කියන්නෙත් APAN Star Awards, Asia Artist Awards,Elle Style Awards (Korea), KBS Drama Awards, SBS Drama Awards ආදී සම්මාන දිනාගත් වගේම නිර්දේශිත නාමයන් අතරටත් තමන්ගෙ නම එකතු කරගත්ත අතිදක්ෂ නිළියක්.

🔹 පාක් සොං හුන් – Park Sung-hoon – 박성훈

පාක් සොං හුන්ව අපිට මතක නම් වෙන කිසිම විදිහකට නෙවේ.. Glory කතාමාලාවේ එපාම කරපු දුෂ්ට කොල්ලා මතකනෙ අන්න එයාවත් මේ ඩ්‍රාමා එකෙන් අපිට බලාගන්න පුලුවන්.. අහිංසක උපාසක චරිතෙකටද ඉන්නෙ නැත්නම් කාට හරි බාල්දියක් පෙරලන්න බලන් ම ඉන්නවද කියලා අපිට බලාගන්න වෙන්නෙ ඩ්‍රාමා එක බලලම තමා. The Glory, Not Others,The Kidnapping Day කියන ඩ්‍රාමා වලින් එයා මෑත කාලීනව ප්‍රසිද්ධියක් ලැබුවා. ඒ ඩ්‍රාමා බැලුවනම් ඔයාලට එයාව අමතක වෙන්නනම් විදිහක් නෑ විශේෂයෙන් The Glory. ඉස්සරහට Squid game Season 2 එකෙනුත් අපිට පාක් සොං හුන්ව බලාගන්න පුලුවන් වේවි.

🔹ක්වොක් දොං යොන් – Kwak Dong-yeon – 곽동연

ක්වක් දොං යොන් කිව්වම මටනම් මුලින්ම මතකෙට එන්නෙ Vincenzo ඩ්‍රාමා එක. Love in the Moonlight ඩ්‍රාමා එකෙන් තමා එයාව ගොඩාක් අයට මතක ඇත්තෙ. ඊට අමතරව Gangnam Beauty, My Strange Hero, Never Twice, Big Mouth කතාමාලාවල වගේම අපිව සිනා සාගරයක ගිල්වපු Gaus Electronics ඩ්‍රාමා එකත් ඔයාලට මතක ඇතිනෙ. ඒ වගේම It’s Okay to Not Be Okay කියන ඩ්‍රාමා එකේ ආරාධිත රංගන ශිල්පියෙක් විදිහටත් එයා රඟපෑමෙන් එකතු වුනා. ඔයාලටත් ඒ කැරැක්ටර් එක අමතක නැතුව ඇති

🔹ලී ජු බින් – Lee Joo-bin – 이주빈

Find Me in Your Memory, She Would Never Know, Doctor Lawyer, Money Heist: Korea – Joint Economic Area, Love in Contract යනාදී කතාමාලාවන්වලට රංගනයෙන් එකතු වුන ලී ජු බින් කියන්නෙත් Queen of Tears කතාමාලාවේ තවත් එක ප්‍රධාන චරිතයකින් රංගනයෙන් දායක වෙන කෙනෙක්.

🔸 කලින් කිව්ව ප්‍රධාන චරිත පහට අමතරව Jeon Bea soo, Hwang Young Hee, Jang Yoon Joo, Kim Kap Soo, Kim Jung Nan, Na Young Hee, Jung Jin Young, Lee Mi Seok යනාදී ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් මේ කතාවට රංගනයෙන් දායක වෙනවා.

 

 

▪️ මීට අමතරව Sebastian Roché කියන French-American actor වගේම Song Joong Ki, Oh Jung Se මේ ඩ්‍රාමා එකට ආරාධිත රංගන ශිල්පීන් විදිහට රංගනයෙන් එකතුවෙනවා. Sebastian Roché  කොරියානු ඩ්‍රාම එකක රඟපාන පළවෙනි වතාව තමයි මේ. එතකොට, Queen of Tears අධ්‍යක්ෂණය කරන Kim Hee Won ගෙ Vincenzo ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතයෙන් වගේම එයාගෙම Little Women ඩ්‍රාමා එකෙත් Cameo එකකට හිටියා කියලා ඔයාලට මතක ඇතිනෙ. තව ආයෙමත් අපිට සං ටේ. ගං ටේ සහෝදරයො එක තිරයක දැක බලා ගන්නත් පුලුවන් වේවි.

 

▪️ක්වීන්ස් සමූහයේ දෙපාර්තමේන්තු ගබඩාවේ අධ්‍යක්ෂකවරිය තමා Hong Hea In (Kim Ji Won) කියන්නෙ. එයා පොහොසත් ව්‍යාපාරික පවුලකින් පැවතන් එන “ක්වීන්ස් සමූහය” අයිති පවුලෙ තුන්වෙනි පරම්පරාවෙ දියණියක් වෙනවා.

▪️Baek Hyun Woo (Kim Soo Hyun) කියන්නෙ යොංදුරි ගම්මානයේ අභිමානය. රටේ ඉහළම විශ්ව විද්‍යාලයකින් උපාධිය අරගත්ත නීතීඥයෙක් වෙන හ්යුන් වූ තමයි ක්වීන්ස් සමූහයේ නීති අධ්‍යක්ෂකවරයා. බෙක් හ්යුන් වූ, හොං හේ ඉන් දෙන්නා අතරෙ තියෙන සම්බන්ධය කිව්වොත් මේ දෙන්නා විවාහක යුවලක්. ඒ දෙන්නගෙ ආදර කතාව.. එතකොට එයාලට එන ප්‍රශ්න අමාරුකම්වලට ඒ දෙන්නා මූණ දෙන විදිහ ආදරය,හාස්‍යය,කුතුහලයත් කාරණාවනුත් ඇතුළත්ව අපිට බලාගන්න පුලුවන් වේවි.

▪️හිටපු Wall Street විශ්ලේෂකයෙක් වගේම විශේෂඥයෙක් වෙන යුන් අන් සොං (Park Sung Hoon) කොරියාවට ආපහු ඇවිල්ලා ප්‍රසිද්ධ ආයෝජකයෙක් වෙනවා ඒ අතරතුරේ එයා ක්වීන්ස් සමූහයේ පවුලත් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න පටන් ගන්නවා.

▪️ක්වීන්ස් මාර්ට් එකේ ප්‍රධාන විධායක නිළධාරියා තමයි හොං සු චොල් කියන්නෙ. (Kwak Dong Yoon) සු චොල් කියම්නෙ හේ ඉන්ගෙ බාල සහෝදරයා.

▪️චොන් දා හේ එහෙමත් නැත්නම් Lee Joo Bin කියන්නෙ සු චොල්ගෙ රූමත් බිරිඳ. එයා ලස්සන, සුඛෝපභෝගි ජීවිතයක් ගෙවන විචක්ෂණශීලී තරුණියක්. එහෙම බැලුවාම තරුණ විවාහක ජෝඩු දෙකක්ම මේ කතාවෙන් අපිට බලාගන්න පුලුවන් වේවි.

▪️කිම් කප් සු, හොං මන් දේගෙ චරිතය නිරූපනය කරනවා. ක්වීන්ස් සමූහයේ සභාපතිධූරය හොබවනවා වගේම හේ ඉන්ගෙ සීයා තමයි මන් දේ කියන්නෙ. තමන්ට තියෙන ධනස්කන්ධය හින්දා අධික තණ්හාවකින් සැකයකින් ජීවත් වෙන කෙනෙක් තමා හේ ඉන්ගෙ සීයා.

▪️Lee Mi Sook (Mo Seul Hee) මේ තමා මන් දේ සභාපතිවරයාට කිට්ටුම තැනැත්තිය. එයාට ක්වින්ස් සමූහයේ කිසිම දේපලක් ගැන තණ්හාවක් නැති හින්දා එයාට “ක්වීන්ස් මදර් තෙරේසා” කියලත් කියනවා. හොං මන් දේ මුළු පවුලෙන්ම වැඩියෙන්ම විශ්වාස කරන්නෙත් Mo Seul Hee ව විතරයි.

▪️හොං බොම් ජුන් (Jun Jin Young) කියන්නෙ ක්වීන්ස් සමූහයේ උපසභාපතිවරයා එහෙමත් නැත්නම් හේ ඉන්ට ගොඩාක් ආදරය කරන හේ ඉන්ගෙ තාත්තා.

▪️Na Young Hee නැත්නම් කිම් සොන් හ්වා කියන්නෙ හේ ඉන්ගෙ අම්මා. එයා වැඩියෙන් උනන්දුවෙන්නෙ එයාගෙ බාල පුතා සු චොල් ගැන.

▪️හොං බොම් ජා (Kim Jung Nan) මේ තමා හේ ඉන්ගෙ නැන්දා. විවාහය කියන්නෙ පිස්සු විකාරයක් කියලා හිතන් තනිකමත් එක්ක පොරබදන බොම් ජා නැන්දා හැමතිස්සෙම එයාට කියන්න ඕන දේ කියලා දාන කොටියෙක්ටත් වඩා භයානකයි කෙනෙක් කියලා තමා කියන්නෙ.

▪️Joen Bea Sooගෙ චරිතයෙ නම තමා බෙක් ඩු ග්වාන් කියන්නෙ. යොංදුරි ගම්මානයේ ප්‍රධානියා වෙන බෙක් ඩු තමා අපේ ප්‍රධාන චරිතය එහෙම නැත්නම් හ්යුන් වුගෙ (Kim Soo Hyun) තාත්තා.. එයා එයාගෙ ගම වෙනුවෙන් ලොකු අරගලයක් කරන කෙනෙක්.

▪️ජොං බොං හී මේ තමා හ්යුන් වුගෙ අම්මා. ගෙදර වැඩ, වගාවන්වල වැඩ එතකොට පළතුරු වතුවල වැඩ කරන හරිම දක්ෂ කඩිසර කාන්තාවක් තමා බොං ඒ කියන්නෙ.බොං ඒ චරිතවත් කරන්නෙ Hwang Young Hee.

▪️හ්යුන් වූට වැඩිමල් සහෝදරයෙක් වගේම වැඩිමල් සහෝදරියක් ඉන්නවා වැඩිමල් සහෝදරයා හ්යුන් ටේ බොක්සිං ව්‍යායාම ශාලාවක් කරගෙන යනවා. එයා ජීවත් වෙන්නෙ එයාගෙ දෙමව්පියෝ දෙන්නත් එක්ක. එතකොට හ්යුන් වුගෙ වැඩිමල් සහෝදරිය බෙක් මි සොන් රූපලාවන්‍යාගාරයක් පවත්වගෙන යනවා. එයා ජීවත් වෙන්නෙත් එයාගෙ අම්මා තාත්තා එක්කමයි.. කිම් ඩෝ හ්යුන්, බෙක් හ්යුන් ටේගෙ චරිතයෙනුත්.. ජං යුන් ජු බෙක් මි සොන්ගෙ චරිතයෙනුත් රංගනයෙන් එකතුවෙනවා.

ඔන්න ඔහොම තමා Queen Of Tears එහෙම නැත්නම් “නුන්මුරි යොවාං” ඩ්‍රාමා එක ගැන තියෙන විස්තර. විස්තරේ නම් ටිකක් දිග ඇති. සිනෙරූ සයිට් එකට ආව දවසෙ ඉදන් ලියපු දිගින් වැඩිම සටහන.

  • කතාව කොහොම වෙයිද?
  • කතාවෙ චරිත මේ විදිහමද?
  • සුදු චරිත කළු චරිත වෙයිද?
  • කළු චරිත සුදු චරිත වෙයිද?
  • Rom-Com කැටගරි එකට විතරමද අයිති, ලාවට හරි ත්‍රිලර් ගතියක් තියෙයිද?
  • කිම්-කිම් කපල් එකේ ආදර කතාව මොන වගේ වෙයිද?
  • ප්‍රේක්ෂක අපේ කුතුහලය කොයිතරම් දුරට හාරාවුස්සයිද?

එහෙනම් අපි කතාව බලලම ඉමු. වැඩ රාජකාරිත් එක්ක උපරිම ඉක්මනට.. ඔයාලට උපරිම රසවින්ඳනයක් දෙන්න පුලුවන් උපරිමෙන්ම සිංහල උපසිරැසි ගැන්වීමත් කරනවා කියලා පොරොන්දුවත් එක්කම මං එහෙනම් මේ දිග සටහනට නැවතීමේ තිත තියන්නම්.

හැමෝටම ජය!

✍️ සටහන ලියපු මම

👉 උචිනි පෙරේරා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


177
Total Subtitles

7 comments

  1. ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️

  2. Thank you so much ❤

  3. ♥️ බොහොම ස්තුති

  4. thanks thava tikak ikamanata denna barida

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්..

  7. Parasyte: The Grey dennako 🥹🥹🥹🥹🥹🥹🥹🥹

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login