Pretty Lethal (2026) Sinhala Subtitles
Pretty Lethal (2026) Sinhala Subtitles
5.8
61
74

Pretty Lethal (2026) Sinhala Subtitles | “ බැලරිනාලා සහ මිනීමරුවන්ගේ රහස් තිප්පොළ ” | සිංහල උපසිරැසි සමඟ

(Pretty Lethal (2026) Sinhala Subtitles) (Pretty Lethal (2026) Sinhala Subtitle) (Pretty Lethal (2026) Sinhala Sub)

ඇමරිකාවේ ඉඳන් හංගේරියාවේ තියෙන ලොකු බැලේ තරඟයකට යන තරුණ නර්තන කණ්ඩායමක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ කණ්ඩායමේ ඉන්න කෙල්ලෝ පස්දෙනා එකිනෙකාට වැඩිය කැමති නැහැ, නිතරම රණ්ඩු. කොහොමහරි මෙයාලා යන බස් එක කැලයක් මැදදී කැඩෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා මෙයාලා කැලේ මැද තියෙන පරණ තැබෑරුමකට (Inn) යනවා රෑ ගතකරන්න.

මේ තැන අයිති Devora  කියන කාන්තාවට. ඇයත් ඉස්සර දක්ෂ බැලේ නර්තන ශිල්පිණියක්. හැබැයි මේ තැන සාමාන්‍ය හෝටලයක් නෙවෙයි, පාතාල අපරාධකාරයන්ගේ සහ මිනීමරුවන්ගේ රහස් තිප්පොළක්. මේ කෙල්ලෝ පස්දෙනාට මේ රහස අහම්බෙන් දැනගන්න ලැබෙනවා. ඊටපස්සේ එතන ඉන්න මිනීමරුවෝ ටික මේ කෙල්ලන්ව මරන්න පන්නනවා. හැබැයි ඒ අපරාධකාරයෝ හීනෙකින්වත් හිතපු නැති විදිහට, මේ කෙල්ලෝ පස්දෙනා තමන්ගේ බැලේ පුහුණුව පාවිච්චි කරලා අර යෝධයන්ට ගහන්න ගන්නවා.

  • අධ්‍යක්ෂණය: Vicky Jewson

  • ප්‍රධාන රංගනය: Lana Condor, Iris Apatow, Millicent Simmonds, Avantika, Maddie Ziegler සහ ජනප්‍රිය නිළි Uma Thurman.

  • කාණ්ඩය: Action, Thriller, Suspense

  • ධාවන කාලය: පැය 1යි විනාඩි 31යි

මේකේ Action ටික නම් සුපිරියටම තියෙනවා. බැලේ ඩාන්ස් කරන ගමන් කරන සටන් ජවනිකා හරිම අමුතුයි වගේම ගොඩක් නිර්මාණශීලීයි. ඒ වගේම ‘Kill Bill’ ෆිල්ම් හරහා ලෝකේම හොල්ලපු Uma Thurman ගේ villain චරිතයත් ෆිල්ම් එකට ලොකු ගැම්මක් දෙනවා. John Wick වගේ ෆිල්ම් හදපු 87North Productions ලා තමයි මේකටත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා කම්මැලි නැතුව එක දිගටම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

3 comments

  1. සබ් එකට තෑන්ක්ස්

  2. Thanks for the sub!!!!!

  3. Poorna Prasanna

    superb movie..thank you very much for the sub guys

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login