The title of the page
Parasyte: The Grey (2024) E06 Sinhala Subtitles
Parasyte: The Grey (2024) E06 Sinhala Subtitles
7.2
100
85

Parasyte: The Grey (2024) E06 Sinhala Subtitles | “නමිල්-ගන් ජන ගී උත්සවය” | සිංහල උපසිරැසි සමඟ

(Parasyte: The Grey (2024) E01 Sinhala Subtitles) (Parasyte: The Grey Sinhala Subtitles) (Parasyte The Grey Sinhala Subtitles) (Parasyte: The Grey (2024) E01 Sinhala Subtitle) (Parasyte The Grey Sinhala Subtitle)

Parasyte: The grey

Information

Drama – Parasyte: The Grey

Hangul – 기생수: 더 그레이

Director – Yeon Sang-Ho

Writer – Hitoshi Iwaaki (manga), Yeon Sang-Ho

Network – Netflix

Episodes – 6

Release Date: April 5, 2024

Language – Korean

Country – South Korea

Cast – කාස්ට්

ජොන් සො නි (Jeon So Nee) ජොන්ග් සු ඉන් ලෙස

2023 ආව සෝල්මේට් ෆිල්ම් එකේ ගො හා යුන් මතකයි නේද, ඒ වගේම Our Blooming Youth ඩ්‍රාමා එකේ මින් ජෙ යි. ඒ චරිත නිරූපනය කරපු ජොන් සො නි තමා මේ කතා මාලාවෙ ප්‍රධාන චරිතයක්.වෙන ජොන්ග් සුන් ඉන්ගෙ චරිතයට පණ දෙන්නෙ

කො ක්යො හ්වන් (Koo Kyo Hwan)සොල් කන්ග් වු ලෙස

D.P කතාමාලාවෙ සහ D.P Season 2 කතාමාලාවෙ හන් හො යොල් මතකද, ඒතකොට kill Boksoon චිත්‍රපටියෙ හන් හී සන්ග්. මේ චරිත රගදක්වපු කො ක්යො හ්වන් තමා පැරසයිට් ද ග්‍රේ කතා මාලාවෙ සොල්කන්ග් වුට පණ පොවන්නෙ.

ලී ජන්ග් හ්යොන් (Lee Jung Hyun) චොයි ජුන් ක්යොන් ලෙස

Limit, Decision to Leave, Night of the Undead,Peninsula කියන චිත්‍රපටි වල චරිත නිරූපණය කරපු ජන්ග් හ්යොන් තමා මෙම කතාමාලාවෙ ජුන් ක්යොන් කියන පොලිස් නිළධාරිනියගෙ චරිතයට පණ පොවන්නෙ. යුම් මූන් සුක් (Eum Moon suk) බෙක් නම් කු ලෙස.

ක්වොන් හෙ හ්යො (Kwon Hae Hyo) කිම් චුල් මින් ලෙස

Wedding Impossible, Flex x Cop කියන කතාමාලා වලට මෙන්ම Hommage, In Front of Your Face කියන චිත්‍රපටි වලටත් රංගනයෙන් දායක වුන ක්වොන් හෙ හ්යො තමා මෙම කතාමාලාවෙ කිම් චුල් මින් කියන පොලිස් නිලධාරියාගෙ චරිතය නිරූපණය කරන්නෙ.

එහෙනම් කතාව දිහාවට හැරෙමු,

හදිස්සියේම එක දවසක පරපෝෂිත පිලවා වගයක් පෘතුවියට කඩා වැටෙනවා, මේවා කොහෙන්, කොහොම ආවද කියලා කිසි කෙනෙක් දන්නෙ නෑ. මේ පරපෝෂිතයන්ට ජීවය රැකගන්න නම් මනුෂ්‍ය සිරුරක් ඕනෙ. මෙයාලා මනුෂ්‍ය සිරුරකට ඇතුල් වෙලා ඒ පුද්ගලයාගෙ මොළය ආහරයට අරන්, ඒ කෙනාව අත්පත් කරගන්නවා. පරපෝෂිතයෙක් ඇතුල් වුනාට පස්සෙ ඒ අදාල කෙනා තවදුරටත් මනුස්සයෙක් වෙන්නෙ නෑ. පිටතින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ පෙනුම තිබුනත් වුනත් ඇතුලෙ ඉන්නෙ ඉතාමත් කෲර යක්ෂයෙක්.අපේ කතාවෙ ප්‍රධාන චරිතයක් වෙන ජොන්ග් සු ඉන්ගෙ සිරුරටත් පරපෝෂි පිලවයක් ඇතුල් වෙනවා, නමුත් යම් හේතුවක් නිසා මේ පරපෝෂිතයට සු ඉන්ගෙ මොලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්න බැරිවෙනවා. මේ හේතුව නිසා සු ඉන්ට ඒ පරපෝෂිතයා එක්ක එයාගෙ සිරුර බෙදාගන්න වෙනවා. පරපෝෂිතයාගෙ එකම අරමුණ සු ඉන්ගෙ සිරුර ආරක්ෂා කරගැනීම, මොකද ඒ සිරුර විනාශ වුනොත් එයත් විනාශ වෙන නිසා.

කන්ග් වූට සු ඉන්ව හම්බවෙන්නෙ අහම්බයෙන්. කන්ග් වූගෙ වැඩිමහල් සහෝදරියගෙ අමුතු හැසිරීමත් බාල සහෝදරියගෙ අතුරුදහන් වීමත් නිසා කන්ග් වූ එයාගෙ වැඩිමහල් සොහොයුරිය ගැන ටිකක් විමසිලිමත් වෙනවා. මේ හේතුවෙන් තමා එයාට පරපෝෂිත විකෘතියක් වෙලා ඉන්න සු ඉන්ව හම්බවෙන්නෙ. එතකොට චොයි ජුන් ක්යොන් කියන පරපෝෂිත මර්ධන ඒකකයේ ප්‍රධානියාගෙ එකම අරමුණ මේ ලෝකෙන් පරපෝෂිතයෙන් තුරන් කිරීමයි. ඇගේ ආදරණීය සැමියා පරපෝෂිතයෙක්ගෙ ගොදුරක් බවට පත් වුනාට පස්සෙ තමා ඇය මේ විදිහට පරපෝෂිතයන්ගෙ ප්‍රධාන සතුරා බවට පත් වෙන්නෙ.එතකොට කිම් චුල් මින් කියන්නෙ කුඩා කාලයේ ජොන් සු ඉන්ට උදව් කරපු පොලිස් මහත්මයෙක්. නිලධාරිනි ජුන් ක්යොන්ගෙ ඒකකය ඔහුගෙ බලප්‍රදේශයට එන නිසා ඔහුටත් මේ පරපෝෂිතයන් අල්ලන වැඩ වලට සම්බන්ධ වෙන්න වෙනවා.

ඉතින් කුතුහලය පිරී මේ කතාව නරඹන්න ඔබ සැමට ආරාධනා කරන මම,

චතුනිකා මංචනායක.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

8 comments

  1. Dahami Dharmamali
    Cineru Family Member

    බොහෝම ස්තූතියි..❤️❤️

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  4. queen of tears epi 13/14 sub dannko

  5. ස්තූතියි සහෝදරී..බුදුසරණයි

  6. Chanaka Sangeeth

    Thanks for all subtitles

  7. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  8. බොහෝම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login