Parasakthi (2026) Sinhala Subtitles
Parasakthi (2026) Sinhala Subtitles
4.1
77

Parasakthi (2026) Sinhala Subtitles | “අද්විතීය ශක්තිය ” | සිංහල උපසිරැසි සමඟ

පලවෙනියටම කියන්න ඕන දේ තමයි මේ නමින්ම්ම 1952 දී තිරගතවු මේ නමින්ම වු චිත්‍රපටය හා කිසිම සම්බන්ධයක් හෝ බැදීමක් නෑ කියලයි. තව දෙයක් මේ චිත්‍රපටයේ විශාල කොටසක් ශ්‍රි ලංකාවේ රූගතකර තිබීම විශේෂයක්.

පරාශක්ති නැත්නම් සිංහලෙන් අද්විතීය ශක්තිය චිත්‍රපටයේ කතාව පාදක වී ඇත්තේ 1960 පොල්ලාච්චි හිදී හින්දි භාෂාව අනිවාර්ය රාජ්‍ය භාෂාව ලෙස දන්වා සිටීමත් සමග තමිල්නාඩු ( එවකට මැඩ්‍රාස් ප්‍රාන්තය) ප්‍රාන්තයේ ප්‍රාන්තයතුල හින්දි භාෂා විරෝධි අරගලයේ සහෝදරයන් දෙදෙනෙකුගේ ක්‍රියාකාරකම් අභාසයට ගෙනයි.

මේක මුලදිම යෝජනා වී තිබුනේ සූර්යා, දුල්කර් මේ සහෝදර චරිතය කරන්නයි. නමුත් සූර්යාගෙන් යම් ගැටලුකාරි තත්වයක් මතුවීමත් සමගම එය සිවකාර්තිකේයන් හා අදර්වා වෙතට සහෝදර චරිත මාරුවුනා. මේකට සුදා කෝන්ගාර කිව්වේ ප්‍රධාන හේතුවක් එයා හරියටම දන්නේ නෑ ප්‍රශ්නය මොකක්ද කියල, නමුත් ප්‍රධාන හේතුවක් වුනා සූර්යාට එක දිගටම රූගතකිරීම්වලට සහභාගිවිය නොහැකි වීමත් එසේ නොකළොත් නිෂ්පාදන වියදම ඉහළ යන නිසා බවත් කියල. නමුත් කතබහ තිබුනේ කතාවේ ලොකු වෙනස්කම් කීරීමට සූර්යාට අවශ්‍යවුනත් සුදා ඒකට එකඟ නොවීමත් කියල.

අධ්‍යක්ෂණය කොලිවුඩ්වල දක්ෂ අධ්‍යක්ෂකවරිය වන සුදා කෝන්ගරා විසින්. තිර රචනය සුදා කෝන්ගාරා, අර්ජුන් නඩේසන්, ගනේෂා , දෙබස් සුදා කෝන්ගාරා, අර්ජුන් නඩේසන්, මදන් කර්කි, ශාන් කරුප්පුසාමි කතාව මදිමාරන් පුකලේන්දි විසිනි. නිෂ්පාදනය ආකාශ් බාස්කරන්. සිනමාකරණය රවි කේ චන්ද්‍රන් , සංස්කරණය සතිස් සූර්යා සංගීතය ජී. වී. ප්‍රකාශ් කුමාර්

මේකේ ප්‍රධාන චරිතය සිවකාර්තිකේයන් හා අදර්වා එක්ක කොලිවුඩ් ආගමනය ශ්‍රිලීලා. සුපිරිම විලන් විදියට රවි මොහන්. තව සහය චරිතවල් ගොඩායි.

සිවකාර්තිකේයන් ප්‍රධානතම භූමිකාව රගපෑවත් ඊටත් වඩා කැපීපෙනෙන රංගනයකින් චිත්‍රපටයේම තමන් නතුකරගන්නට අදර්වා සමත්වෙනවා. අදර්වාගේ රංගනය මෙතෙක් මා දුටු හොඳම රංගනය මේක වෙනවා අනිවාර්යයි. රවි මොහන් වීර චරිතයට වඩා ප්‍රතිවීර චරිතයට ගැලපෙනවා වගේ. කතා දෙකක් නෑ චිත්‍රපටයේදී අවධානය රවිවෙත රදවාගන්නට ඔහු සමත්වෙනවා. රවිගේ විලන් රංගනයට සිවා මදිකියල මට හිතුනා. රවිට මුහුණදෙන චරිතයනම් කලේ අදර්වා තමයි. ශ්‍රීලීලා ලොකු දෙයක් නැතිවුණත් ලොකු අවුලකුත් නෑ.

සංගීතය ජී වී වෙනම කියන්න දෙයක් නෑ. චිත්‍රපටයේ ජීවයට ලොකු සහයක් වෙලා තියෙනවා. සම්පූර්ණ චිත්‍රපටයම ගත්තනම් පොඩි පොඩි අඩුපාඩුකම් නැතුවා නෙවෙයි. ඒ දේවල් වැඩිපුර දක්නට ලැබුනේ ක්ලයිමැක්ස් එකේදි. ඒක චිත්‍රපටයේ අවසානයට පොඩ්ඩක් බලපෑවා වගේ දැනුනා. ඒක මොකක්ද කියල කට්ටිය බලලම කියන්නකෝ එහේනම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


280
Total Subtitles

7 comments

  1. Era Boy
    Cineru Family Member

    ගොඩක්ම පින් 😍😍😍

  2. ස්තූතියි පීටර් අයියේ සබට.
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ….

  3. Malik Perera
    Cineru_users

    original apauwama balanawa thanks bro

  4. original පිටපත් නිකුත් වෙලා අප්ටෙඩ් කරන්නේ නැද්ද

  5. kaveesha rambukwella

    Original eke eka dannako

  6. අප්ඩේට්එකට තෑන්ක්ස් පීටර් අයියේ

  7. Thank you very much. There’s an Indian good TV series in Amazon prime video called “Big Girls Don’t Cry”. Can you give subtitles for that too.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login