One Piece (2023) S02 E05 Sinhala Subtitles
One Piece (2023) S02 E05 Sinhala Subtitles
8.3
93
93

One Piece (2023) S02 E05 Sinhala Subtitles | “ නැවේ තවත් කෙල්ලෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න One Piece රසිකයින් ගොඩක් කාලයක් තිස්සේ මඟ බලන් හිටපු Netflix One Piece Live Action Series එකේ දෙවෙනි කතා සමය (Season 2) පසුගිය මාර්තු 10 වෙනිදා (2026) නිල වශයෙන් නිකුත් වුණා. පලවෙනි Season එකට ලැබුණු අතිවිශාල සාර්ථකත්වයෙන් පස්සේ, මේ පාර කතාව “One Piece: Into the Grand Line” විදියට තමා නම් කරලා තියෙන්නේ.

පළවෙනි කතා සමය අවසන් වුණේ Luffy ඇතුළු Straw Hat නඩේ East Blue එකෙන් පිටත් වෙලා Grand Line එකට යන්න ලෑස්ති වෙන තැනින්නේ. මේ Season 2 එකේදී එයාලා Loguetown වලින් පටන් අරන්, Reverse Mountain (Laboon කියන දැවැන්ත තල්මසාව හමුවීම), Whiskey Peak, Little Garden, සහ අන්තිමට හිමෙන් වැහුණු Drum Island දක්වා යන ගමන තමයි පෙන්නන්නේ. ඒ වගේම මේ ගමනේදී එයාලට “Baroque Works” කියන භයානක රහසිගත සංවිධානයත් එක්ක හැප්පෙන්නත් සිද්ධ වෙනවා.

🦌 අලුත් චරිත සහ නළු නිළියන්

පරණ කට්ටියට (Iñaki Godoy – Luffy, Mackenyu – Zoro, Emily Rudd – Nami, Jacob Romero – Usopp, Taz Skylar – Sanji) අමතරව මේ පාර අලුතින් එකතු වෙන චරිත නිසා කතාව තවත් රසවත් වෙලා තියෙනවා

  • Tony Tony Chopper: ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු Straw Hat නඩේ අලුත්ම සාමාජිකයා. Chopper කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න හීන දකින, යක්ෂ පලතුරක් (Devil Fruit) කාපු හුරුබුහුටි රින්ඩියර් (Reindeer) කෙනෙක්.

  • Smoker සහ Tashigi: Luffy ගේ පස්සෙන් එන දරුණු Marine නිලධාරීන් විදියට මෙයාලා කතාවට එකතු වෙනවා.

  • Dr. Kureha: Chopper ගේ ගුරුවරිය වෙන මේ අමුතු චරිතය කරන්නේ ප්‍රසිද්ධ නිළි Katey Sagal විසින්.

  • Baroque Works කණ්ඩායම: මෙහි ප්‍රධානියා වෙන අද්භූත Mr. 0 හෙවත් Sir Crocodile විදියට Joe Manganiello වගේම, Miss All Sunday (Nico Robin) විදියට Lera Abova සහ Miss Wednesday (Vivi) විදියට Charithra Chandran එකතු වෙලා තියෙනවා.

කොටස් 8කින් යුත් මේ කතා සමය Netflix එකේ release වුණු ගමන්ම ලෝකේ පුරාම Streaming charts වල #1 වෙන්න සමත් වුණා. ඇනිමේ එකේ තියෙන හැඟීම්බර අවස්ථා, විශේෂයෙන්ම Chopper ගේ අතීත කතාව ලස්සනට Live Action එකට ගෙනල්ලා තියෙනවා කියලා ගොඩක් අය ප්‍රශංසා කරනවා.

මෙහිදී Alabasta දූපතට යන සම්පූර්ණ ගමනම අවසන් වෙන්නේ නැති වුණත්, ඒ ලොකු සටනට පාර කපන විශිෂ්ට අඩිතාලමක් මේ Season 2 එකෙන් දාලා තියෙනවා. Episodes 8ම එකවර නිකුත් කරපු නිසා, දැන් කිසිම බාධාවක් නැතුව එක දිගටම  බලන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. බොහෝම ස්තූතියි මචං සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login