The title of the page
Noodles (2023) Sinhala Subtitles
Noodles (2023) Sinhala Subtitles
6.8
88

Noodles (2023) Sinhala Subtitles | පොලිස් මහත්තුරු | සිංහල උපසිරැසි සමඟ

(Noodles (2023) Sinhala Subtitles) (Noodles (2023) Sinhala Subtitles) (Noodles Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම!

ඔන්න අදත් සමිත අයිය බාරදුන්න ෆිලුමකට සබක් අරගෙන ආව.. අසා ලිවීමක් කරේ.. වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න! ෆිලුමෙ නම නම් පොඩ්ඩක් අමුතුයි වගේ නේද.? නමට නම් ෆිලුමේ කිසිම ගැලපීමක් නෑ ඉතින්.. අනේ මංදා ඔව්වා..

මේක අයත් වෙන්නෙත් මං සාමාන්‍යයෙන් ඔයාලට ගේන ජාතියේම කැටගරි එකට.. ඒ කියන්නෙ Crime & thriller .. අවුලක්ම නෑ ෆිලුම හොදයි… හැබැයි අන්තිම ටිකේ නම් නිකමට වත් හිතෙන්නෙ නැති දෙයක් වෙන්නෙ..
ඔයාලම බලන්න කුතුහලේ ඉතුරු කරන්නම්! මේ Tamil ෆිලුම රිලීස් උනේ මේ අවුරුද්දෙ සැප්තැම්බර් 8 වෙනිදා මේක අධ්‍යක්ෂණය කරන්නෙ Madhankumar Dakshinamoorthy කියන අධ්‍යක්ෂක වරයා විසින්.

රංගනයෙන් නම් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් දන්න කියන නළුවෙක් වෙන Harish Uthaman.. හැබැයි මෙයා ප්‍රධාන චරිත කරන ෆිලුමක් නම් මං මේ බැලුවමයි…
ගොඩක් දෙනෙක් මෙයාව දැකල තියෙන්නෙ සහය නළුවෙක් විදිහටනෙ..අවුලක් නෑ පොරට ගේමක් ගහන්න පුලුවන් කියල නම් තේරුනා..ඔයාලම බලන්නකො එහෙනම්..

Cast
Harish Uthaman as Saravanan
Sheela Rajkumar as Sakthi
Madhankumar Dakshinamoorthy as Inspector Elango
Thirunavukkarasu as Shankar
Aazhiya Senthilkumar as Priya
Vasant Marimuthu as Thirunavukkarasu

විස්තරේ කියනව නම්, සර්වනන් කියන්නෙ ජිම් එකක පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්.. මෙයාට ලස්සන පවුලක් තියෙනව.. දුවයි බිරිදයි තමයි ඒ පවුලෙ ඉන්නෙ..දවසක් මෙයාගෙ අසල්වැසියොත් එක්ක මෙයා ගෙදර සතුටු සාමිච්චියේ යෙදිල ඉන්නකොට ගෙදර කට්ටිය පොඩ්ඩක් කතාකරනව සද්දෙ වැඩියි කියල ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇවිල්ල පොඩි බර බරයක් දානව, එතනදි සර්වනන් මේ පොලිස්කාරය එක්ක පැටලෙනව.. පොලිස්කාරය මේක මතක තියන් ඉදල ගේමක් ඉල්ලන්න තමයි ලෑස්ති වෙන්නෙ.. ඔය අතරෙ සර්වනන් ගෙදර නැති වෙලාවක සර්වනන්ගෙ දුවගෙ අතේ තියෙන දුරකථනය උදුරගන්න ගෙදරට එන මනුස්සයෙක්ව සර්වනන්ගෙ බිරිදගෙ තල්ලු කිරීමක් නිසා බිම වැටිල එයාගෙ ඔළුව වදිනව..
ඔන්න ඔතනින් තමයි අවුල පටන් ගන්නෙ..

ඇත්තටම මේ මනුස්සය මැරුණද.?
පොලිස්කාරය මෙයාල එක්ක මොන විදිහට ගේමක් ඉල්ලයිද.?
සේරම දැනගන්න කතාව බලන්නකො..
බලල ඉවර උනාම අනේ ලොකු කතාවක් නෑනෙ කියලත් හිතෙයි.. කොහොම හිතෙයිද කියල බලන්න මුලින්ම බලල ඉන්නකො..

අදට ගිහින් එන්නම්! හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

3 comments

  1. Raid
    Kick
    Lucky man
    Fukrey 3

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login