Nila Nila Odi Vaa (2018) E8 Sinhala Subtitles
ඔන්න එහෙමනම් මගේ මගේ දෙවෙනි දමිළ සීරිස් එකේ 8 වන කොටස අරගෙන ආවා. ” නිලා නිලා ඕඩි වා “ තේරුමනම් “සදේ දුව එන්න” කියන එකයි. මේක 2018 දී විකාශණය වූ අතර Comedy, Romance, Thriller ඝණයට අයත් වේ. imdb 8/10 ලබා ගැනීමට සමත්වෙලා තියෙනවා. කතාව හා අධ්‍යක්ෂණය Nandhini JS විසිනි. මෙය Viu & Make Believe Productions සම නිෂ්පාදනයක් වේ . Viu වෙබ් නාලිකාව මගින් විකාශණය විය. මෙය ඔවුන්ගේ පලවෙනි දමිළ වෙබ් සීරිස් එකද වේ. කොටස් 13 කින් යුක්ත වන අතර එක කොටසක් විනාඩි 22 ක් පමණ ධාවන කාලය හිමිකරගෙන ඇත. රංගනයෙන් Ashwin Kakumanu , Sunaina හා Anupama Kumar දායක වෙනවා. Ashwin Kakumanu දමිළ සිනමාවේ දෙවෙනි පෙළ නලුවෙක් වන මොහු මන්කාත්තා හි ගනේෂ්ගෙ චරිතයට පන පොවනු ලැබුවා.
ඉතින් අපට වෙබ් දමිළ වෙබ් සීරිස් නම් තාම හුරුනැති කාලයෙ. අපේ සිනේරු විසින් දමිළ වෙබ් සීරිස් සදහා සිංහල සබ් කරන්න තීරණය කලා. ඒ වගේම දමිළ වෙබ් සීරිස් සදහා සිංහලෙන් නිකුත්වු පලවෙනි සබ් එක ලෙස ” කන්නාමූච්චි “ එක් වුනා . ඒකට අවස්ථාව උදාකරල දුන්න සිනෙරු එකට ස්තූතිය .
Nila Nila Odi Vaa (2018) E8 Sinhala Subtitles
මේ “නිලා නිලා ඕඩිවා ” එක ගැන කියනවනම් . ලස්සන ආදර කතාවක්. හැබැයි ඒ ආදරය ටිකක් වෙනස් . අපි දකින ආදර කතාවකට වඩාහරිම වෙනස්. මේකට ලැබිල තියෙන ප්‍රේක්ෂකය ප්‍රතිචාරයනම් ඉහලයි. ඒ වගේම කොටස් 13 ම එක දිගටම බලන්න පුලුවන් තත්වයෙන් තියෙනවා. අපෙ කතානායක ඕම් (Ashwin ) තමන්ගේ පෙම්වතියට ප්‍රථම ප්‍රේමය කියාගන්න බැරිව ඇයව සොයාගැනීමටත් නොහැකිව තැවෙන තරුණයෙක්. ඉතින් කාලයක් යනකොට ඕම් ටෑටු (පච්ච) ශිල්පියෙක් ලෙස දියුණු වෙලා එයාගේම ස්ටූඩියෝ එකක් අරිනවා. ස්ටූඩියෝ එකට තැනක් හොයාගන්නේ ලාබෙට ලැබෙන පරන ගෙයක් . ඒක හොල්මන් ගෙයක් කියල දන්නවා වුනත් ගාන ඩු නිසා ඕම් ඒක අන්නවා. දවසේ අවසානෙයේදී ඕම්ට එක පාරටම තමන්ගේ පෙම්වතියව හමුවෙනවා. ඔන්න පටන් ගැන්ම ඕකයි. අපි මෙතෙක් බැලුවේ මිනිස් අදරයක් . නමුත් අපි දැන් බලමු මිනිස් වැම්පයර් ප්‍රේම කතාවක්.
Nila Nila Odi Vaa (2018) E8 Sinhala Subtitles
08 වන කොටස
ගිය කොටස මතකයි නේ . යමුනයි ඕමුයි එකට ඉන්නවා දැකලා නිලාට වුන දේ. ඔන්න ඕම්නම් කූල් මෑන් නිසා නිලාව ෂේප් කරගන්නවා. ඉතින් ඕම්ව මීරාට හදුන්වා දෙන දවසේම නිලාව හොයාගෙන ඇලෙක්ස් එනවා. ඇලෙක්ස්ගෙන් ඕම්ටයි නිලාටයි කරදරයක් වෙයිද කියල බලමු නේද ?
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 12, 2019
Ilaga kotase sub aekath adama danna baida niyama kathawa
Ilaga kotase sub aeka adama danna baida niyama kathawak 😎