The title of the page
7.3
98

My Lovely Liar (2023) E05 Sinhala Subtitle | ” බොරු අල්ලන හැඩකාරී ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම !

ඔන්න එහෙනම් අදත් අලුත්ම කොරියානු ඩ්‍රාම එකක උපසිරැසි අරගෙන තමයි ආවේ.ඉතින් මේ ඩ්‍රාම එක විකාශනය ආරම්භ කලේ ඊයෙ.ඒ කොරියානු tvN නාලිකාව හරහා.

Mystery | Rom:Com කාණ්ඩයට අයත් මේ ඩ්‍රාම එක තමයි My Love Liar.ඇත්තටම My Love Liar කියන්නෙ මේ ඩ්‍රාම එකේ ඉංග්‍රීසි Title එක.නැත්නම් මේකේ කොරියානු නම තමයි ‘ 소용없어 거짓말 ‘ ( සොයොං ඔබ්සො කොජින්මල් ) තේරුම තමයි ‘ වැඩකට නැති බොරු ‘ කියන එක. හරි එහෙනම් තව දුරටත් ඩ්‍රාම එක ගැන කිව්වොත් ,
පැයක ධාවන කාලයක් තියෙන කතාංග 16 කින් සමන්විත කතාවක් තමයි මේක.සතියේ සෑම සඳුදා සහ අඟහරුවාදා දිනයක තමයි විකාශනය වෙන්නෙ.Seo Jeong-eun විසින් රචනා කල මෙය Nam Sung-woo ගේ අධ්‍යක්ෂණයක්.

මේ ඩ්‍රාම එකේ ප්‍රධාන නිලිය ලෙසින් රංගනයෙන් එක් වෙන්නෙ Kim So Hyun.ඉතින් මමත් මේ ඩ්‍රාම එකට සබ් කරන්න හේතුව එයා තමා.මොකද අවුරුදු දෙකකට පස්සෙ තමා එයා ආයිම මේ විදියට ඩ්‍රාම එකකට එකතු වෙන්නේ.අන්තිමට ආවෙ River Where The Moon Rises ඩ්‍රාම එකනේ.ඉතින් මේ ඩ්‍රාම එක එයාගෙ ඩ්‍රාම එකක් වෙනුවෙන් බලා හිටිය ෆෑන්ස්ලට නම් හරිම වටීවි.එතකොට මේ ඩ්‍රාම එකේ ප්‍රධාන නලුවා වෙන්නෙ Hwang Min Hyun.Alchemy S02 එකේ රංගනයෙන් එකතු වුනු කෙනෙක්.

හරි එහෙනම් කතාව පැත්තට හැරුනොත් , මොක් සොල් හී කියන්නෙ විෂේශ හැකියාවක් තියෙන ගෑනු ළමයෙක් ..එයාට යමෙක් කියන දෙයක් අහල ඇත්තක් ද , බොරුවක් ද කියල දැනගන්න පුළුවන්..ඉතින් මෙයාගෙ මේ හැකියාව යොදාගෙන තමා මෙයා සල්ලි හොයන්නෙ..ඉතින් ඒ අස්සෙ මාර කරදරත් වෙනවා මෙයාට.ඉතින් ඔය අතරෙ කිම් ඩෝ හා කියන පිරිමි ලමය හම්බෙන්නෙ..නමුත් එයා ඊටත් වඩා ලොකු කරදරයක පැටලුනු කෙනෙක්.

මෙතනින් එහාට කතාව ඉතින් බලලම දැනගන්න.එහෙනම් මං ගිහින් එන්නම්. මේකෙ දෙවනි කොටස අරගෙන සුදී අක්කා එයි ඔයාලව හම්බවෙන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. Thanks for subtitles!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login