The title of the page
7.1

Mukhachitram (2022) Sinhala Subtitle | ” ගෘහස්ථ හිංසනයට එරෙහිව ” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ❤️ ඔන්න අදත් සුපිරිම සුපිරි තෙලුගු ෆිලුමක් අරන් ආව.. ෆිලුම පෙරේදා නිකුත් උනත් ESub එකක් සෙට් නොවුන නිසා වැඩේ පොඩ්ඩක් කල් දාල තිබ්බේ.. ඒත් ඊයේ හවස සිනෙරු “මදුශාන් ප්‍රියන්කර” සහෝ මට msg එකක් දාල ESub තියෙන වීඩියෝ කොපියක් හොයල දුන්න.. ඔහුටත් ගොඩක් ස්තුතියි දුන්න සපෝර්ට් එකට 🥺❤️

සුපුරුදු පරිදි මහන්සි වෙලා පොස්ට් හදන අංජුල අයියාවත් මතක් කරගෙනම ෆිලුම දිහාට යමු 😉

2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥️ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ අන්තිම විනාඩි 45 උනත්, කතාවට සම්පූර්ණ සාධාරණේ ඉෂ්ට කරන්නේ ඔහු විසින්! 😘

●Cast
◈Priya Vadlamani
◈Vishwak Sen
◈Ayesha Khan
◈Chaitanya Rao

විස්තරේ පොඩ්ඩක් කියන්නම් 🤟

රාජ් කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්..මෙයා විවාහ යෝජනාවකින් ගමක ජිවිත් වෙන මහතී කියල අහිංසක කෙල්ලෙක්ව කසාද බදිනවා… ඒත් රාජ්ගේ පාසල් කාලයේ ආදරය මායා..අවුරුදු ගානකට පස්සේ හමුවෙන මායා රාජ් විවාහයට සුදානම් වෙලා ඉන්නකොට එයාට ආදරෙයි කියනවා.. ඒත් රාජ් මේකට අකමැති වෙලා මහතිව කසාද බැදලා ඉන්නකොට.. මායා හදිස්සියේම ලොකු අනතුරකට මුහුණ දෙනවා..මේ අනතුරින් ලේ ගොඩක් ගිහින් තියෙන නිසා එයාට දෙන්න දුර්ලබ ලේ වර්ගයක්‌ ඕන වෙනවා.. මේ ලේ වර්ගය මහතී ළග තියෙනවා..මේ වෙනකොටත් මහතී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.. එහෙම ඉන්නකොට ලේ දෙන්න හොද නැති උනත් මහතී මායාට ලේ දෙනවා.. මෙහෙම ලේ දීලා ඉන්නකොට එදාටමහතී ගේ ඇගේ සමබර තාවය නැති වෙලා උඩ තට්ටුවෙන් පහලට වැටිලා මැරෙනවා.. මේ මරණය ස්වබාවිකව සිද්ද වෙන මරණයක් නෙවෙයි.. මේක පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා 🙄
මං මේ කතාවේ මුල් පැය බාගෙ සරලව කියල දැම්මට මේකෙ මාරම අපේ ජීවිතේට ගතයුතු දේවල් ගොඩක් තියෙනවා..සමාජයේ ලොකුවට කතා කරන්නෙ නැති මාතෘකාවක්! ඒත් අපි කතා කල යුතුම මාතෘකාවක් මේක!

ඒක දැනගන්න හැමෝටම මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🤗❤️තවත් ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්..

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

9 comments

  1. Pattaaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  3. සුපිරි thank u subtitles akata ❤🔥❤🔥 brother

  4. Agent kannaiyram 2022 akatath sub aka denawada

  5. love you cineruu. love you bro

  6. laKMal
    Cineru_users

    Teen Wolf The Movie (2023)

  7. ane saho, sub eka movie ekath ekka player ekata dammama ^%%^**^LH%%^$GD$^^&&!@@!PO__”””:O)(“”+”(((~~ onna oya wage melo therumak nathi ewa thamai enne. kmp walath vlc walath movies eketh ehemai. font iskoola potha dala baluwa. eth hariyanne naha. mewa wenne oyalama deepu video ekata oyalagema sub dammama. eka kohomada hadaganne?

    • Km Player එක නැතුව Pot Player එක හරි VLC එක හරි යූස් කරන්න..ඕක KM එකේ Error එකක්..

  8. Harsha Priyadarshana

    SUpiri kathawak Supiriyata SUb ekath karala tiyenawa ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login