Mother Mary (2026) Sinhala Subtitles
Mother Mary (2026) Sinhala Subtitles
5.8
70
47

Mother Mary (2026) Sinhala Subtitles | “මරියතුමිය” | සිංහල උපසිරැසි සමඟ

(Mother Mary (2026) Sinhala Subtitles) (Mother Mary (2026) Sinhala Subtitle) (Mother Mary (2026) Sinhala Sub)

මේ අවුරුද්දෙ ආපු A24 ලගෙ අලුත්ම ෆිල්ම් එක තමයි Mother Mary. මේක නිකම්ම නිකන් පොප් ගායිකාවකගෙ ජීවිත කතාවක් විතරක්ම නෙවෙයි, ඊට වඩා ගොඩක් එහාට ගිය Psychological Thriller එකක්…

මේ ෆිල්ම් එකෙන් කියන්නෙ ලෝක ප්‍රසිද්ධ පොප් තරුවක් වෙන Anne Hathaway රංඟනයෙන් දායක වෙන Mother Mary ගෙ කතාව. එයා ස්ටේජ් එකේදී ලොකු අනතුරකට මූණ දෙනවා. ඊටපස්සේ ඒකෙන් ගොඩවිත් ආයෙත් ස්ටේජ් එකට එන්න එයා ලොකු සූදානමක් කරනවා. මේ වැඩේට එයාගේ පරණ යාළුවෙක් වගේම එයාගේ ඇඳුම් ඩිසයින් කරපු කෙනා වෙන Michaela Coel රඟපාන Sam ව මුණගැහෙන්න Mary තීරණය කරනවා. මේ දෙන්නා කාලයක් තිස්se තරහක් හින්දා වෙලා වෙන් වෙලා හිටියෙ…

මේ කතාව ඇතුළෙ ලොකු තේරුමක් හැංගිලා තියෙනවා. මේකෙ පෙන්නන Entity එක නිකම්ම හොල්මනක් නෙවෙයි. ඒකෙන් සංකේතවත් කරන්නේ මේ දෙන්නගෙ අතීතයේ වුණ වේදනාවන්, කැඩිලා ගිය බැඳීම් සහ හිතේ තියෙන Trauma එක. ජනප්‍රියත්වයේ උපරිමයට යන්න ගියාම මනුස්සකමයි මානසික නිදහසයි කොහොමද නැති වෙන්නෙ, කලාව වෙනුවෙන් කොච්චර දේවල් කැප කරන්න වෙනවද කියන එක මේකෙන් පෙන්නලා දෙනවා…

මේ Film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ David Lowery. ඔයාලා බලලා ඇතිනෙ එයාගෙ The Green Knight (2021), A Ghost Story (2017) වගේ කතා. වෙනස්ම විදිහෙ කතා අමුතු ලස්සන විදියකට තිරයට ගේන්න David මාර දක්ෂයෙක්. මේකෙදිත් Mary ගෙයි Sam ගෙයි හිත ඇතුළෙ තියෙන ප්‍රශ්න අපූරුවට ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට පෙන්නන්න මේ අධ්‍යක්ෂකට පුළුවන් වෙලා තියෙනවා…

මේ Film එකේ Music ගැන නම් නොකියම බැහැ. වර්තමාන Pop Music තරු අතර ඉන්න Jack Antonoff, Charli XCX සහ FKA Twigs තමයි මේකෙ Songs, Background Music කරලා තියෙන්නෙ. ජර්මනියෙ ෂූට් කරලා තියෙන මේ ෆිල්ම් එකේ කැමරාකරණයයි, Editing වැඩයි සුපිරියටම තියෙනවා. චරිතවලට දැනෙන පීඩනය අපිටත් දැනෙන විදිහට මාරම වේගවත්, පිස්සු හැදෙන විදියෙ Visual ටිකක් තියෙනවා…

මේක නිකම්ම නිකන් සින්දු කියන Film එකක් නෙවෙයි. Music Industry එකේ තිරය පිටිපස්සෙ තියෙන අඳුරු පැත්ත මේකෙන් හොඳට පෙන්නනවා. අනික Anne සහ Michaela අතර තියෙන හැඟීම්බර රඟපෑම වගේම ඒ දෙන්නගෙ දෙබස් මේ ෆිල්ම් එකේ ලොකුම තැනක්…

Pop සංගීතයට ආස, ඒ වගේම Psychological Thriller ෆිල්ම් බලන්න කැමති අයට නම් “Mother Mary” කියන්නෙ Treat එකක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


81
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login