The title of the page

MONTAGE (2020) Sinhala Subtitles | “වේදා” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඉතින් ඔන්න තව සුපිරි Short ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ ඇවිල්ලා නම් ටිකක් දවස් මොනවා හරි සබක් කරන්න ඕනේ කියලා YouTube එකේ කැරකෙනකොට මේක සෙට් උනේ.. මේකේ ප්‍රධාන නිළියගේ නම් ” මායා එස්. ක්‍රිෂ්ණන් ” එයා ” ස්ටෑන්ඩ් අප් කමඩියන් ” කෙනෙක්.. ඒ වගේම ෆිල්ම් වල එහෙමත් රඟපාලා තියෙනවා රජිනිකාන්ත්ගේ ” 2.0 ” එකේ එහෙම.. මේකේ සමහර ලයින් හදලා තිබුනේ නැති නිසා මට පොඩ්ඩක් ටයිම් ලයින් හදලා තමයි කරන්න උනේ.. මේක 18+ තමයි.. ඒත් එහෙම බලන්න බැරි සීන් මුකුත් යන්නේ නැහැ.. ඒත් වචන 18+ සමහර තැන්..( ඒත් මේක පට්ට පණිවිඩයක් තියෙන Short ෆිල්ම් එකක් ) ( මුලින් තනියම බලලා කස්ටිය එක්ක බලනවා නම් බලන්න සෙට් නම් ) එහෙම අර වගේ සීන් මුකුත් නැහැ හැබැයි ඈ බය වෙන්න දෙයක් නැත.

කතාව පැත්තට හැරෙමු නේද..

වේදා කියන්නේ චායාරූප කරණයට හුඟක් ආස කරන කෙල්ලෙක්.. එයා ඔහොම ඉතින් පින්තූර වගයක් ගන්න කියලා ගමනක් යන්න ඔක්කොම රෙඩි කරගෙන ඉන්නකොටම ” නරේන්ද්‍ර අයියා ” ( නරේන්ද්‍ර මෝදී ) නිව්ස් වල කියනවා රටම ලොක්ඩවුන් කරනවා කියලා.. දැන් ඉතින් එයාට යන්න හිටපු ගමන යන්න බැහැනේ.. ඒත් ඉතින් එයා එයාගේ පින්තූර ගන්න ආසාව අතඇරියේ නැහැ.. එයා ඉන්නේ මහල් නිවාසෙක ඒ උඩ තට්ටුවට නැගලා මෙයා පින්තූර ගන්න එහෙ මෙහෙ බලනකොට මෙයාට සෙට් වෙනවා බැඳපු ජෝඩුවක් ඉන්නවා.. මෙයා පුරුද්දක් විදිහට එයාලගේ ගෙදරට කැමරා කාචේ දාගෙන තමයි ඉන්නේ.. ඒ ගෙදර වෙන හැමදේම මෙයා දකිනවා ( බලාගෙන ඉන්නේ ) මෙයා බලන් ඉන්නේ ඒ ගෙදර කාමරේ දිහා.. එච්චරයි පෙන්නේ ඒකයි.. ( හී ඉතින් හැමදෙයක්ම දකිනවා ) ඒ ගෙදර වෙන දේවල් මෙයාගේ ජීවිතේම හුඟක් වෙනස් කරනවා.. ඒ වගේම ඒ ගෙදර වෙන්න ගිය භයානක දෙයක් මෙයා නිසා නවතිනවත් එක්ක.. මේ කතාව ඇතුලේ තව හුඟක් දේවල් තියෙනවා.. ඔක්කොම කියන්න බැහැ එහෙම කිව්වොත් වැඩක් නැහැ.

” සර්ජුන් කේ. එම් ” මේ  Short ෆිල්ම් ඩිරෙක්ටර්ගේ තමයි.. ” ලක්ෂ්මි ” සහ ” මා ” කියන Short ෆිල්ම් දෙකත්.. ඒවත් සුපිරි කියන්නේ කියලා වැඩක් නැහැ.. ( ” මා ” එක නම් සුප්ප.. )

එහෙනම් මම කැපුනා මේක නම් අනිවා අරගෙන බලන්න.. දෙමල නොබලන අය උනත් කමක් නැහැ අරගෙන බලන්න.. ඒ තරම් සුපිරියක් මේක..
එහෙනම් කොල්ලෝ අපි ගියා..
ආයේ එන්නම් මේ වගේ සුපිරියක් අරගෙන ඉක්මනටම බායි බායි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

9 comments

  1. Udaya saman
    Cineru Family Member

    ඒ ගමන අතාරින්නෙම නැතුව දෙනවනෙ බං එක දිගටම..නියමයි ඇ

  2. ස්තූතියි සහෝ

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    තව එනවා.. තව එනවා.. Udaya බ්‍රෝ..

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kavi එල සහෝ!!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤️

  8. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Buddhika Lakmal ❤️

  9. thanks machi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login