The title of the page
Mili (2022) Sinhala Subtitles
Mili (2022) Sinhala Subtitles
7.4
80
82

Mili (2022) Sinhala Subtitles | මිලී | සිංහල උපසිරැසි සමඟ

(Mili (2022) Sinhala Subtitles) (Mili (2022) Sinhala Subtitles)

ලැබුවා වූ 2023 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම, සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන, සාමය සතුට සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා, Cineru සමිත අයියා ඇතුළු සිනෙරු පවුලේ හැමෝම වෙනුවෙන් මං ප්‍රාර්ථනා කරනවා…🤍

ඔන්න අදත් අලුත් අවුරුද්දේ මං අලුතෙන්ම ආපු තවත් සුපිරිම සුපිරි හින්දි ෆිලුමක් අරන් ආව..පෙරේදා තමයි අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනේ..ඔන්න ඉක්මනට අරන් ආව ඒකත් 😉 හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා ❤️

යමු ෆිලුම පැත්තට…

මේක 2019 නිකුත් උන Helan කියන මලයාලම් චිත්‍රපටයේ, හින්දි ප්‍රතිනිර්මාණයක් කිව්වොත් හරි… හරිම ලස්සන කතාවක් තියෙන්නේ.. මේක අයත් වෙන්නෙ Survival Thriller කියන Category එකට.. Thriller විතරක්ම නෙවෙයි ඇ ලස්සන ආදර කතාවකුත් තියෙනව! මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2022 නොවැම්බර් 04 වෙනිදා…විනාඩි 127ක් පුරා දිවයන මේ චිත්‍රපටයේ IMBD අගය 7.4ක් වගේ අගයක් ලබා ගෙන තියෙනවා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mathukutti Xavier නම් අධ්‍යක්ෂකවරයා..මේකේ ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ සුරූපී Janhvi Kapoor.. එතකොට උප ප්‍රධාන චරිත සදහා දායකත්වය ලබා දීල තියෙන්නේ Sunny Kaishal, Manoj Pahwa වැනි හින්දි සිනමාවේ අපිට මුණගැහෙ නළුවන්…

කතාව පොඩ්ඩක් කියන්නම්..

මිලී කියන ගැහැණු ළමයා එයාගේ තාත්තා එක්ක තමයි ජිවත් වෙන්නෙ.. ඒ වගේම එයා කැනඩාවලට යන බලාපොරොත්තුවෙන් ඉන්නේ.. ඒ වගේම මිලීට සමීර් කියලා ආදරවන්තකුත් ඉන්නව.. හැබැයි මුලදී නම් මේක තාත්තා දන්නෙ නෑ… අපේ ප්‍රධාන චරිතේ මිලී වැඩ කරන්නේ කෑම ඩිලිවරි කරන කඩේක..මිලී තමන්ගේ ආදරවන්තය ගැන තාත්තට කියන්න අවස්ථාවක් එනකම් බලාගෙන හිටියත්,දවසක් හදිස්සියේම වෙන සිද්දියක් නිසා තාත්තා එයාගේ ආදරේ ගැන දැනගෙන මිලී එක්ක කතා නොකර ඉන්නව.. මිලී ඒ දුකට දවසක් වැඩ කරන තැන රෑ 12 වෙනකම් ඉන්නවා.. ඔහොම ඉන්නකොට තමයි බඩු වගයක් තියෙන්න මිලීට කඩේ Freezer එක ඇතුලට යන්න වෙන්නෙ.. මෙයා ඇතුලේ ඉන්න බව නොදැන මෙයාගේ මැනේජර් freezer එකේ දොර වහල යන්න යනවා… මිලී Freezer එක ඇතුලේ හිර වෙනවා… මෙතනින් එහාට මිලීට මොකක් සිද්ද වෙයිද… ඔයාලට ආරාධනා කරනවා බලන්න කියලා.. 😍❤️ හරිම ලස්සන හිතට දැනෙන ෆිල්ම් එකක්…😉

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් මං ඉක්මනට එන්නම් ❤️හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

– මම එතන අවුරුදු 35ක් තිස්සෙ මුරකාරයෙක්
විදිහට සේවය කරනවා.!

– හැමදාම දහස් ගණන්
මිනිස්සු එතනට එනවා යනවා.

– කවුරුත් මං දිහා බලන්නෙ
වත්, කතා කරන්නේවත් නෑ.

– ඇත්තටම අපි කවදාවත් කතා කරල නෑ!

– ඒත් හැමදාම ඔයාගේ දුව, මගෙ මූණ
දිහා බලල මාත් එක්ක හිනා වෙලා යනවා!.

– හැබැයි ඊයේ සවස එයාගෙ හිනාව
දැක්කෙ නෑනෙ කියල මට කල්පනා උනා!

– ගොඩක් වෙලාවට මිනිස්සු අවධානය දෙන්නෙ නැති
කෙනෙක්ට, කවුරුහරි කෙනෙක් අවධානය දෙනවනම්,

– කවදාවත් ඒ කෙනාවවත්, එයාගෙ
හිනාව වත් අමතක කරන්න බෑ!

මිලී!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

10 comments

  1. sub ekata tnxx shoo

  2. Gatta.Kusthi.2022 tha denna puluwanda 🔥❤️

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. Hindinm dn copy vithrai

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login