The title of the page
Mela (2000) Sinhala Subtitles
Mela (2000) Sinhala Subtitles
3.8
65

Mela (2000) Sinhala Subtitles | “සැනකෙලිය” | සිංහල උපසිරැසි සමඟ

(Mela (2000) Sinhala Subtitles) (Mela (2000) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම.ඔන්න මම සිනෙරු එකත් එක්ක එකතු වෙල පලවෙනි උපසිරසිය ඔයාලට ඉදිරිපත් කරනව.ඒ කියන්නෙ සිනෙරු  එකට අළුත් උනාට මම වෙන සයිට් එකක උපසිරසි කරපු කෙනෙක්,මේ වෙද්දී මම උපසිරසි 33ක් කරල තියෙනවා,මේක මගේ 34වන උප සිරසිය,සිනෙරු එකට බාර දෙන පලවෙනි උපසිරසිය. ඉතින් මම විශ්වාස කරනව සිනෙරු එකේ හැමෝම මාව සාදරයෙන් පිලි ගනියි කියල.ඉතින් අළුත් යාළුවො සෙට් ඒකකුත් මට මේකෙන් හම්බ වෙනව.ඉතින් මම විශේෂයෙන්ම පැරනි අළුත් හැම එකක්ම උපසිරසි කරනවා,ඒ නිසා සිනෙරු එකත් එක්ක ඉන්න හැමෝටම මම ආරාධනා කරනව මටත් ශක්තියක් වෙන්න කියල.

ඉතින් මම අද ඔයාලට අරන් ආවෙ 2000වසරේ ජනවාරි 07 දින නිකුත් උන ලස්සන හින්දි චිත්‍රපටියක උපසිරසි එක්ක,විශේෂයෙන් කියන්න ඕනි පලවෙනි තිරගත කිරීමේදී මෙහි ආදායම ඩොලර් මිලියන 2.1 ක් උපයල තියෙනව. ඒකෙන් චිත්‍රපටියේ ගුනාත්මක කම හිතා ගන්න පුළුවන්,ඒ වගේම imdb අගය නම් 3.8 හම්බ වෙලා තියෙන්නෙ,ගූගල් පරිශීලන කැමැත්ත 65%ක් ලබා ගෙන තියෙනවා,Action/Adventure/Comedy/Drama/Romance කියන ඛාන්ඩයට තමයි මේක අයිති වෙන්නෙ,එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියල.

චිත්‍රපටිය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,අපේ කතා නායිකාව තමයි රූප කියන්නෙ,රූපගෙ ගමේ ලොකු සැනකෙලියක් ආරම්භ කරනවා,ඒකෙ සමාරම්බක උත්සවයට එම පලාතේ මහ ඇමති සහභාගි වෙනවා,එහිදී ත්‍රස්තවාදින් ඔහුව මරල දානවා,ඒ ත්‍රස්තවාදියා තමයි ගුජ්ජර් කියන්නෙ,රජය ඔහුගේ හිසටත් මිලක් නියම කරල තියෙනවා,එහිදී රූපගෙ අයිය ත්‍රස්තවාදිය එක්ක පැටලෙනවා,එහිදී රූපගෙ අයියව ගුජ්ජර් මරල දානවා,රූපව තමන්ගෙ ගනිකාව විදිහට උස්සන් යනවා,එහිදී රූප ඔහුගෙන් බේරෙන්න විශාල ඇල්ලකින් පහලට පනිනවා,මැරුනත් පලිගන්නව කියන චේතනාවෙන්,ඇල්ලෙන් පැන්නත් රූප බේරෙනවා,රූපගෙ එකම අරමුන තමයි ගුජ්ජර්ව මරල පලිය ගන්න එක,ඔය අතර රූපට කිෂන් සහ ශන්කර්ව මුන ගැහෙනවා,ඇත්තටම මේ දෙන්න කවුද?,රූපට පලිය ගන්න ඔවුන් කොහොමද උදව් කරන්නේ,රූපට ජය ගන්න හැකි වෙයිද? ගොඩක් හිනා වෙල බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්,

එහෙනම් ගිහිල්ල එන්නම්,තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසියක් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්නම්.
හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සම්පත් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සම්පත් විජේසිංහ

December 3, 2021


6
Total Subtitles

7 comments

  1. ගොඩාක් ස්තුතියි දිගටම මේ වගේ පරන ලස්සන ෆිල්ම්ස් වලට සබ් කරන්න .

  2. නියමයි. තව සුපිරි පරන 1990 – 2005 මේ කාලේ නොදිපු චිත්‍රපට තියෙනවා. එවත් එකින් එක දෙන්න ,තැන්ක්ස් සබ් එකට

  3. 🎀පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ🎀

  4. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් අමීර් ඛාන් ගේ Mann – 1999 චිත්‍රපටයටත් සබ් දෙන්න.

    කාලෙකට පස්සේ සහෝගෙන් පැරණි හින්දි චිත්‍රපටයක් හම්බවුනේ. 90 දශකයේ හින්දි චිත්‍රපට කොතනද? අපි එතන. කොයි සයිට් එකෙන් හරි කමක් නෑ අපිට 90 දශකයේ හින්දි චිත්‍රපටයි ඕනි. 90 දශකයේ හින්දි චිත්‍රපට කරන සොහොයුරු සොයුරියන් හිඟවීම තමයි ලංකාවේ ජනප්‍රිය උපසිරැසි කරන සයිට් වල කරුමේ. වෙන මොකවත් නෙමෙයි. කිසි කෙනෙකුට උනන්දුවක් නෑනේ 90 දශකයේන් චිත්‍රපටයක් සබ් දෙන්න. හැමෝම කරන්නේ අලුත් ෆිල්ම්. අලුත් ෆිල්ම්. අලුත් ෆිල්ම්. දෙමළ. තෙළිඟු නාන්න තියනවා.

  5. සුපිරි සහෝ දිගටම සබ් දෙමු

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login