The title of the page
Mahira sinhala sub

Mahira (2019) Sinhala Subtitles |කවුද මේ මායා?..|සිංහල උපසිරැසි සමග

ඔන්න අද සිංහල උපසිරැසි අරන් ආවේ තවත් සුපිරි 2019 වර්ෂයෙ නිකුත් වුණ කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණු Thriller ගණයේ චිත්‍රපටයක්.. IMDB මීටරේ පැත්තට හැරිලා බැලුවොත් 7.2/10 අගයක් මේ චිත්‍රපටියට ලැබිලා තියනවා.. කතාව පැත්තට ඔලුව දාලා බැලුවොත්, Mahira 2019 Sinhala Sub

මායා සහ ආධ්‍යා.. කාටවත් කරදරයක් නැතිව කර්නාටකයේ මුහුදුබඩ නගරයක සතුටින් ජීවත් වෙන මවක් සහ දියනියක්. කාටවත් කරදරයක් ⁣නැතිව පාඩුවේ ජීවත් වෙන මේ දෙදෙනාගේ ජිවිත එක වරම උඩු යටිකුරු වෙනවා. ඒ හිටි හැටියේ පොලිස් නිලධාරින් සහ අපරාධ කල්ලියක් මායා ගැන විපරම් කරන්න ගැනීමත් එක්ක. ඇත්තටම පොලිසිය සහ අපරාධනරුවන් මායා පසුපස හඹාඑන්නේ ඇයි.?
ඇත්තටම මායා යනු කවුරුද? ඇගේ අතීතය මොන වගේද?…

මේ හැමදේටම උත්තර දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. චිත්‍රපටය Mahira 2019.

මහිරා යනු කන්නඩ අපරාධ – ක්‍රියාදාම චිත්‍රපටයක්.එය මහේෂ් ගවුඩා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද මෙය විවේක් කොඩප්පා සහ ඔහුගේ මිතුරන් විසින් ජැක්ෆෘට් ප්‍රඩක්ෂන්ස් බැනරය යටතේ නිෂ්පාදනය කරන ලදී. රාජ් බී. ෂෙට්ටි සහ වර්ජිනා රොඩ්රිගස් සහ චෛත්‍රා ආචාර් යන කන්නඩ සිනමාවේ රංගන ශිල්පීන් විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ වගේම බාලාජි මනෝහර්, ගෝපාල් ක්‍රිෂ්ණා දේශ්පාන්ඩේ, කේපී ශ්‍රීධර්, බාබු හිරන්නියා, අපූර්ව සෝමා , ෂවුකත් අලි යන සෙසු පිරිස සහය රංගනයෙන් මෙම අපූරු නිර්මාණය හැඩ කරනවා. චිත්‍රපටය 2019 ජූලි 26 දින තිරගත වුනත්. මෙහි HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ මීට දින දෙක තුනකට කලිනුයි. ආරම්භයේ සිට එක දිගට කුතුහලය පිරුණු සුපිරි ත්‍රිලර් චිත්‍රපටයක් නරඹන්නට කැමතිනම්. මේ චිත්‍රපටය තමයි නියම බෙහෙත. අනිවාර්යයෙන් මග නොහැර නරඹන්න කියලා ආරාධනා කරනවා. දන්න කියන නලු නිලියන් නැති වුනාට. ඉතාම විශිෂ්ඨ දක්ශ නලු නිලියන්ගේ සුපිරි රඟපෑමක් එක්ක. සාම්ප්‍රදායික කන්නඩ සිනමාවේ දකින මසාලා නිර්මාණ වලින් ඔබ්බට ගිය අද්විතීය නිර්මාණයක් මහිරා..
තීරණය ඔබට බාරයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

2 comments

  1. Thanks sub ekata supiri ela yeah

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login