The title of the page
Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles
Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles
3.5
70

Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles | “මව්නි මම ඔබට හිස නමා ආචාර කරමි” | සිංහල උපසිරැසි සමඟ

(Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles) (Maa Tujhhe Salaam (2002) Sinhala Sub)

සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා හැමෝටම.ඔන්න එහෙනම් මගේ 03 වෙනි උපසිරසිය අරන් ආවා ඔයාල ලගට. එක ලග උපසිරසි දෙකක් දුන්නා ඔයාල වෙනුවෙන්. එහෙනම් දැන් ඔයාලට එක දිගට 03 වෙනි උපසිරසියත් දෙන්නයි යන්නේ. imdb අගය නම් 3.5 ගොඩක් අඩුවෙන් තමයි ලැබිල තියෙන්නේ,හැබැයි චිත්‍රපටියේ කිසිම අඩුවක් නම් පේන්නෙ නැහැ.ගූගල් පරිශීලන කැමැත්ත 70%ක් තමයි ලැබෙන්නෙ.

2002 ජනවාරි 25 දින ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මැද මෙම චිත්‍රපටිය ප්‍රධර්ශනය කරන්න ගත්තා. ෆිල්ම් එකේ නම කිවුවේ නැහැනෙ. Maa Tujhhe Salaam(මව්නි මම ඔබට ආචාර කරමි.) පැය 2කයි විනාඩි 42 පුරාවට දිවෙන මේ ෆිල්ම් එක අයිති වෙන්නේ (Action, Drama) කියන වර්ගීකරනයටයි.

සුපිරිම ෆිල්ම් එකක්. ඉන්දියා පකිස්තානු දේශසීමා ගැන දිවෙන යුදමය කතාවක්. 2004 වර්ශයේ තමයි මම පලවෙනි පාරට මෙම චිත්‍රපටිය රූපවාහිනියේ බැලුවේ. චිත්‍රපටියට ගැල පෙනම නලුවෙක් තමයි අද්‍යක්ෂ වරයා අරන් තියෙන්නේ. අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නලු සනීඩියෝල් තමයි ප්‍රධාන චරිතයට පන පොවන්නේ. ප්‍රධාන නිලිය විදිහට තාබු ඒ වගේම අර්බාස් ඛාන් රන්ගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නේ ටිනූ වර්මා ඔහුම තමයි ප්‍රධාන ත්‍රස්තවාදියා විදිහට රංගනයෙන් දායක වෙන්නේ.

මෙම චිත්‍රපටියට අන්තර්ජාලයේ කිසිම ඉන්ග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලා තිබුනේ නැහැ. මට තේරෙන විදිහට අසා ලිවීමක් තමයි කලේ. හැබැයි චිත්‍රපටියේ අඩංගු ගීත වලට නම් උපසිරසි කලේ නැහැ. මොකද ගොඩක් අමාරුයි.මම චිත්‍රපටිය බැලූ විට තේරුම් ගියා මම ෆිල්ම් එකට  උපරිම සාධාරනයක් කරල තියෙනව කියල. ඔයාලට බලද්දී ඒක තේරුම් ගන්න පුළුවන්. වැරදි ඇති. ඒකට සමාවෙන්න කියලත් ඉල්ලනවා.

කතාව ගැන කියනවා නම් අපේ රටේ යාපනය දිස්ත්‍රික්කය ප්‍රභාකරන් යටත් කර ගන්න හැදූවිට අපේ හමුදාව මුළු රටම බේර ගත්තා වගේ ඉන්දියාවෙන් කාශ්මීරය යටත් කර ගන්න පකිස්තානු ISIS ත්‍රස්තවාදීන් විශාල සටනක් දියත් කරන්න යනවා. එයට පකිස්තානු හමුදාවත් සහය දක්වනවා. ත්‍රස්තවාදීන්ට හැකි වෙයිද කාශ්මීරය යටත් කර ගන්න. ඉන්දියන් හමුදාව ඒ සදහා දක්වන ප්‍රතිචාරය කුමක් වේවිද. කතාව අර ගෙනම බලන්න ලස්සන කතාවක්. සැකයක් තියෙනවා නම් ටේලර් එක බලලම ඉන්න.

එහෙනම් හැමෝටම ලස්සන දවසක් සුබ දවසක් වේවා කියල ප්‍රාර්තනා කරන ගමන්…!!! තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරසියක් අර ගෙන ඔයාල ලගට ඉක්මනට එන්නම්. එතෙක් හැමෝම පරිස්සමින් ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සම්පත් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සම්පත් විජේසිංහ

December 3, 2021


6
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login