The title of the page
Lupin 2021 Part 2 E03 Sinhala Subtitles
Lupin 2021 Part 2 E03 Sinhala Subtitles
7.6
97
96

Lupin (2021) Part 2 E03 Sinhala Subtitles | අටවන පරිච්ඡේදය | සිංහල උපසිරැසි සමග

(Lupin 2021 Part 2 E03 Sinhala Subtitles) Lupin ප්‍රංශයේ නිෂ්පාදිත mystery සහ​ thriller ගනයට​ අයත් කතා මාලාවක්. මේ කතා මාලාව කොටස් 10 කින් සමන්විතයි. මෙහි පළමු කොටස් 05 ජනවාරි මාසයේදි නිකුත් කරා. ඒ නිකුත් කරපු කොටස් 05, පළමු මාසයේදීම මිලියන 70 ක් පමණ දෙනා නරඹා තිබූ අතර එය මේ වන විට Netflix ඔස්සේ විකාශය වූ වැඩිම පිරිසක් නැරඹූ ඉංග්‍රීසි නොවන​ කතා මාලාව ලෙසද​ ජනප්‍රිය වී තිබෙනවා.

පළමු කොටස් 05 න් ලැබූ සාර්ථකත්වයත් එක්ක මේ මස (ජූනි) 11 වෙනිදා ඉතුරු කොටස් 05 ත් Netflix අයතනය විසින්​ නිකුත් කර තිබෙනවා. ඒ කොටස් 05 සිංහල උපසිරැසි තමයි මේ විදිහට ඔයාලට ලබා දෙන්නෙ.

මේ කතා මාලාව පුරා කතා කරන්නේ වෘත්තීය සොරෙකු වන අසාන් ඩියොප් පිළිබඳවයි. ඔහු Senegal සිට​  තම පියා සමඟ ප්‍රංශයට සංක්‍රමණය වෙන්නෙ යහපත් ජීවිතයක් ගතකිරීමටයි. නමුත් ඔවුන්ට සේවය කිරීමට සිදුවන පවුලේ ස්වාමියා වන ධනවත් සහ බලවත් හියුබර්ට් පෙලෙග්‍රීන්, එම නිවසේ සිදුවන දියමන්ති මාලයක සොරකමට අසාන්ගේ පියාව අසු කර දෙනවා. එයින් සිදුවූ අවමානය නිසා අසාන්ගේ පියා, හිරේදී ගෙල වැලලාගෙන මිය යනවා. මේ නිසා අනාථ වන අසාන්, පියාගෙන් උපන් දිනයට ලැබුණු ආර්සෙන් ලූපින් නම් කෘතියේ ලූපින්ගේ චරිතය ආදර්ශයට ගෙන ඉතාමත් අති දක්ෂ සොරෙකු බවට පත් වෙනවා. අවුරුදු 25 කට පසු, ඔහු තම පියා නොකළ වරදකට හසු කර දුන් පෙලෙග්‍රීන් පවුලෙන් පළි ගැනීමට තම දක්ෂතාවයන් පාවිච්චි කරනවා. ඒ නිසා කුඩා කල පටන් ආදරය කළ ඔහුගේ බිරිඳ ක්ලේයාත්, ඔහුගේ පුත් රාවූල්ගේත් ජීවිතවලට වෙන අවධානම ගැනත් ඔහුට බලා ගැනීමට වෙනවා. ඒ හැම බාධකයක්ම ජයගෙන ඔහු පෙලෙග්‍රීන් පවුලෙන් පළිය ගෙන ඔහුගේ පියාට සාධාරණයක් ඉෂ්ට කරාවිද​?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

3 comments

  1. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. thank you brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login