Little House on the Prairie (2026) S01 E01 Sinhala Subtitles
Little House on the Prairie (2026) S01 E01 Sinhala Subtitles
6.6

Little House on the Prairie (2026) S01 E01 Sinhala Subtitles | “ නිදහස ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාමාලාව එනකන් ගොඩක්ම පිස්සුවෙන් ආසාවෙන් හිටියෙ ලිට්ල් හවුස් කතා මාලාව කියවපු අය. ඒ කාලෙ වැඩිය පොත් කියෙව්වෙ නැති කෙනෙක් උනත් යාලුවෙක් ගාව තියෙනවා දැකලා තමයි මමත් ඒ පොත් කට්ටලය කියවන්න ගත්තෙ. එදායින් පස්සෙ මමත් පොත් කියවන්න ගොඩක් ආස වුනා කිව්වොත් හරි. ඒ යෙහෙළියටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝරා ඉංගල්ස් වයිල්ඩ්ලර් (Laura Ingalls Wilder) විසින් රචිත Little House series එක අපිට හරි ආසාවෙන් කියවන්න සිංහලයට පරිවර්තනය කරලා දුන්නෙ ගංගා නිරෝෂ්ණී සුදුවැලිකන්ද කතුවරිය. ඇයටත් ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් පාඨක අපි අතරට ගෙනාවට. පොත් 10ක් ඊට ඇතුලත්. කියවපු ඔයාලා ඒ ගැන දන්නවා ඇති. කියවපු නැති අයත් අරගෙන කියවන්න. ඒ තරමට ලස්සනයි.

ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද කතුවරිය පරිවර්තනය කරපු Little House series එකේ පොත් 10 පිළිවෙලින්

කවුද මේ ලෝරා එහෙමත් නැත්නම් ලෝරා එලිසෙබෙත් ඉන්ගල්ස් වයිල්ඩර්. ලෝරා 1867 පෙබරවාරි 7 වෙනිදා චාල්ස් සහ කැරොලයින් යුවළට දාව උපත ලැබුවා. ලෝරා ඉපදෙනකොට මේ පවුල ජීවත් උනේ විස්කොන්සින්වල බිග් වුඩ්ස් කලාපයේ පිහිටි පෙපින් ගම්මානයට සැතපුම් 7 ක් උතුරට වෙන්න. ලෝරා එයාගෙ වැඩිමහල් සොහොයුරිය වන මේරි අමේලියාට පසු පවුලේ දරුවන් පස්දෙනාගෙන් දෙවනි දරුවා වුනා. ලෝරාට වයස අවුරුදු දෙකේදී (1869 දී) එයා එයාගෙ පවුලෙ අය එක්ක විස්කොන්සින් ඉදන් පදිංචිය වෙනස් කළා. මිසූරිවල රොත්වීල් (Rothville) හි නතර වුනාට පස්සෙ වර්තමාන කැන්සාස් හි ඉන්ඩිපෙන්ඩන්ස් (Independence) නගරය අසල ඉන්දියානු ප්‍රදේශයේ පදිංචි වුනා. ලෝරගෙ බාල සොහොයුරිය වුන කේරි 1870 අගෝස්තු මාසයේදී ඉන්ඩිපෙන්ඩන්ස් හිදී උපත ලැබූවා වගේම, වැඩි කලක් යන්නට මත්තෙන් සිය පවුලම ආයෙත් පදිංචිය වෙනක් කරනවා. මේ විදිහට පදිංචිය වෙනස් කරනකොට එයාලා ගෙවල් හදාගත්ත විදිහ, වගා කරපු විදිග, ලෝරගෙ අම්මා කැරොලයින් හදපු රසම රස කෑම, ලෝරගෙ මේරිගෙ මැහුම් ගෙතුම්, නත්තල වගේම නත්තලට එයාලට හම්බුන තෑගි, ලෝරගෙ පොඩි කාලෙ කෙලිදොළෙන් ගතකරපු විදිහ, අල්මන්සෝව මුණ ගැහෙන විදිහ, අශ්වයො, ලෝරගෙ සුරතලා ජැක්, රතු ඉන්දියන්කාරයො, එයාගෙ පවුල මුහුණ දුන්න කරදර, සුන්දර පරිසරය මේ වගේ ගොඩක් දේවල් උඩ තියෙන පොත් ටිකේ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. චිත්ත රූප මැවෙන තරමටම. 1885 අගෝස්තු 25 වෙනිදා දකුණු ඩැකෝටාවේ ඩී ස්මෙට් වලදි අල්මන්සෝ වයිල්ඩර් එක්ක ලෝරා විවාහ වෙනවා. ඒ දෙන්නට ඉපදෙන දුව තමා “රෝස්” කියන්නෙ. ලේඛිකාවක්, ගුරුවරියක් විදිහට ප්‍රසිද්ධියට පත් වුන ලෝරා, එයාගෙ ජීවිත කාලය පාදක කරගනිමින් එයාම රචනා කරපු Little House on the Prairie පොත් මාලාව (Little House series) ලොකු-පොඩි කා අතරත් වයස් භේදයක් නැතුව ජනප්‍රිය වුනා වගේම හැමෝම හරි ආදරෙන් වැළද ගත්තා. මෙන්න මේ ළමා පොත් මාලාවේ කතුවරිය වුන හැමෝම ආදරය කරපු ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් 1957 පෙබරවාරි 10 වෙනිදා සදහටම අපි අතරින් සමුගත්තා.

ඒ කිව්වෙ Little House පොත් මාලාව ගැනයි ලෝරා කියන්නෙ කවුද කියන එක ගැනයි පොඩී විස්තරයක්. කතාව ගැන පොඩී අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතෙනවා. අපි දැන් හැරෙමු Little House on the Prairie (2026) TV series එක පැත්තට.

මේ තියෙන්නෙ Little House on the Prairie පොත් මාලාවට අදාලව දිගැහැරෙන ලෝරා වයිල්ඩර්ගෙ ජීවිත කතාව රැගත් කතාමාලාව කියලා ඔයාලා දන්නවනෙ. ඒ හින්දා වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. කතාංග 8කින් යුක්ත මේ සීරිස් එක 2026 ජූලි 9 වෙනිදා Netflix ඔස්සේ අපිට බලන්න පුලුවන්.

ඉංගල්ස් පවුලේ චරිත වර්ණ ගන්වන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්

Alice Halsey – ලෝරා ඉන්ගල්ස් ලෙසින්

   

Luke Bracey – චාල්ස් ඉන්ගල්ස් ලෙසින්

Crosby Fitzgerald – කැරොලයින් ඉන්ගල්ස් ලෙසින්

Skywalker Hughes – මේරි ඉන්ගල්ස් ලෙසින්

 

පොත්වල තියෙන ඒ රසවින්දනයම කතාමාලාවකිනුත් දැක බලාගන්න පුලුවන් වෙන එක කොච්චර හොඳද? ලෝරගෙ අම්මා හදපු කෑම එහෙම? මෙන්න මේ වගේ ප්‍රශ්නත් ඔයාලට ඉතුරු කරන ගමන් මම සමුගන්නවා.

එහෙනම් හැමෝම ආසාවෙන් වැළද ගත්ත ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ ජීවිත කතාව ඇස් දෙකෙන්ම බලලා රසවිඳිමු.

ස්තූතියි..

සටහන ලිව්ව මම උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


1147
Total Subtitles

One comment

  1. Neranja Senarathna
    Cineru_users

    අපි චූටි කාලෙ මේක ජාතික රූපවාහිනියේ ගියා. පරන ටීවී සීරිස් එක. පොඩි මතකයක් විතරයි තිබුනේ. මම ඒක බලන්න ආස හිතිලා හෙව්වා. ඒත් පිලිවෙලට හරිහමන් එකක් ලැබුනේ නෑ. දැන් මට 40+ ඒත් මේක දැක්ක ගමන් ගත්තා. පොත් නම් බලලා නෑ. මේක ලස්සන කතාවක් වෙයි කියලා හිතනවා අපේ මතකයේ තියෙනවා වගේ. ඔබට ගොඩක් ස්තූතියි සොයුරිය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login