Kill Bill The Whole Bloody Affair (2006) Sinhala Subtitles
Kill Bill The Whole Bloody Affair (2006) Sinhala Subtitles
8.8

Kill Bill: The Whole Bloody Affair (2006) Sinhala Subtitles | “ ලේ විලක් මැදින් ගිය පලිගැනීමේ ගමන ” | සිංහල උපසිරැසි සමඟ

(Kill Bill: The Whole Bloody Affair (2006) Sinhala Subtitles) (Kill Bill: The Whole Bloody Affair (2006) Sinhala Subtitle) (Kill Bill: The Whole Bloody Affair (2006) Sinhala Sub)

ඔබ ක්වෙන්ටින් ටැරන්ටිනෝගේ (Quentin Tarantino) සිනමා ශෛලීන්ට ආදරය කරන කෙනෙක් නම්, “Kill Bill” කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවෙයි. අපි හැමෝම සාමාන්‍යයෙන් දන්නේ මෙය Volume 1 සහ Volume 2 විදියට කොටස් දෙකකට ආපු චිත්‍රපටයක් විදියටයි. හැබැයි  “Kill Bill: The Whole Bloody Affair” කියන්නේ මේ කොටස් දෙකම එකතු කරලා, ටැරන්ටිනෝ මුලින්ම සැලසුම් කරපු විදියටම හදපු පැය 4ක දීර්ඝ සම්පූර්ණ චිත්‍රපටයයි.

2003 සහ 2004 වසරවලදී Kill Bill චිත්‍රපටය කොටස් දෙකක් ලෙස නිකුත් වුණාට, ටැරන්ටිනෝ මෙය මුලින්ම නිර්මාණය කළේ තනි, දීර්ඝ චිත්‍රපටයක් විදියටයි. නමුත් එය සිනමාහල්වල පෙන්වීමට දිග වැඩි නිසා කොටස් දෙකකට කැඩුවා. “The Whole Bloody Affair” කියන්නේ ඒ කපාපු කොටස් නැවත එකතු කරලා, කතාවේ මැද අතුරු කතා (intermission) එකතු කරලා හදපු සම්පූර්ණ නිර්මාණයයි. මෙය මුලින්ම 2006දී කාන්ස් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණා.

විස්තරාත්මකව කිව්වොත්:

සම්පූර්ණ කතාවම තියෙනවා: Quentin Tarantino මේක මුලින්ම නිර්මාණය කළේ තනි චිත්‍රපටයක් විදියට. නමුත් ඒක දිග වැඩි නිසා තමයි සිනමා ශාලාවල පෙන්නද්දි Vol 1 සහ Vol 2 කියලා කොටස් දෙකකට කැඩුවේ. “The Whole Bloody Affair” එකේදි ඒ කොටස් දෙකම එකට එකතු කරලා තනි චිත්‍රපටයක් විදියට බලාගන්න පුළුවන්.

වෙනස්කම්: Vol. 1 එකේ සමහර ලේ පෙනෙන දරුණු සටන් ජවනිකා (උදාහරණයකට ‘Crazy 88’ ෆයිට් එක) සාමාන්‍ය ෆිල්ම් එකේ පෙන්නුවේ කළු/සුදු (Black & White) විදියට. නමුත් මේ “Whole Bloody Affair” එකේ ඒ ටික සම්පූර්ණයෙන්ම කලර් (Full Color) විදියට බලාගන්න පුළුවන්.

ඒ නිසා ඔයා ගාව තියෙන්නේ පැය 4 වර්ෂන් එක නම්, ඔයාට වෙනම Vol 1, Vol 2 බලන්න ඕන නෑ. ඒකේ ඔක්කොම තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. අඩෝ සබ් දිලනේ.මම හිටියේ දෙනකන් නැ කියල.පහෙ එකේ දැක්ක හැටියේ මම ඩවුන් කරල සබ් ටාන්සලෙට් කරල පැය එක හමාරක් බලලත් ඉවරයි මේක දකිනකොට.

  2. තෑන්ක්ස් මචෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login