Karakkam (2026) Sinhala Subtitles
Karakkam (2026) Sinhala Subtitles
5.1

Karakkam (2026) Sinhala Subtitles | “ පිත්තල කුරුස ” | සිංහල උපසිරැසි සමඟ

(Karakkam (2026) Sinhala Subtitles) (Karakkam (2026) Sinhala Subtitle) (Karakkam (2026) Sinhala Sub)

සාමාන්‍යෙන් අපි දකින සුදු සාරි ඇඳගත්ත හොල්මන් වෙනුවට, ඩිස්කෝ නටන, සින්දු කියන හොල්මන් සෙට් එකක් දැකලා තියෙනවද? ඔව්, 2026 මැයි මාසයේ තිරගත වුණු Karakkam කියන්නේ මලයාලම් සිනමාවේ බිහිවුණු පළවෙනි ‘Musical Horror Comedy’ ෆිල්ම් එක.

කතාව පැත්තට ටිකක් හැරුණොත්…

ධනුෂ් (Sreenath Bhasi) සහ ඛාජා (Praveen T.J.) කියන්නේ කිසිම වගකීමක් නැති, ජොලියේ ඉන්න යාළුවෝ දෙන්නෙක්. දවසක් රෑ හොස්ටල් එකේ වෙන රණ්ඩුවකින් පස්සේ, මේ දෙන්නා හොඳටම බීලා රෑ යාමේ යනවා පල්ලියක සුසාන භූමියකට. එතනදි මේගොල්ලෝ කරන ලොකුම මෝඩකම තමයි, එක දිගට තියෙන සොහොන් පහකින් පිත්තල කුරුස පහක් ගලවාගෙන එන එක. මේකෙන් වෙන්නේ ඒ සොහොන් වල නිදාගෙන හිටපු හොල්මන් පහක් අවදි වෙන එක. ඊටපස්සේ මේ හොල්මන් සෙට් එක මේ කොල්ලො දෙන්නා පස්සෙන් පන්නන්න ගන්නවා. එතනින් එහාට වෙන අලකලංචි ටික තමයි ෆිල්ම් එකේ තියෙන්නේ.

ප්‍රධාන චරිත වලට Sreenath Bhasi සහ Femina George රංගනයෙන් දායක වෙනවා. Subhash Lalitha Subrahmanian ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටියේ තියෙන විශේෂත්වය තමයි හොල්මන් වලට දීලා තියෙන retro ලුක් එක. ඒ කියන්නේ මේ හොල්මන් අතීතයේ හිටපු බාර් ඩාන්සර්ස්ලා, සංගීතයට ලැදි අය. Sam C.S. ගේ පසුබිම් සංගීතයත් ෆිල්ම් එකේ ත්‍රාසය වගේම විනෝදයත් තවත් වැඩි කරනවා. දැන් මේක SonyLIV හරහා OTT රිලීස් එකකුත් විදිහට බලන්න පුළුවන්. පැය 1යි විනාඩි 44ක් පුරාවට කම්මැලි නැතුව හිනා වෙවී බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක නිර්දේශ කරන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


735
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login