The title of the page
Kamathipura 2021 S01 Sinhala Sub
Kamathipura 2021 S01 Sinhala Sub
5.7

Kamathipura (2021) Complete S01 Sinhala Subtitles | ” කාමතිපුරහි සිදුවන ඝාතන රැල්ලක සුල මුල” | සිංහල උපසිරැසි සමඟ

(Kamathipura 2021 S01 Complete Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් අද මම ආවේ හින්දි වෙබ් කතා මාලාවකට සිංහල උපසිරැසි අරගෙනයි…..

 2021 මාර්තු මස 7 වෙනිදා Amazon prime හරහා අන්තර්ජාලයට නිකුත් වෙන මෙම කතාමාලාව කතාංග 7 කින් සමන්වෛතයි , කොහොම නමුත් මෙම කතා මාලාව නිකුත් කිසීමට සැලසුම් කර තිබුනේ 2021 මාර්තු මස 8 වෙනිදා Disney+ Hostar හරහායි, නමුත් පෙබරවාරි මස 25 වෙනිදා ඉන්දියානු රජය විසින් පැනවූ යම් නීති කීපයක් හේතුවෙන් මෙම කතා මාලාව මෙලෙස මාර්තු මස 7 වෙනිදා Amazon prime හරහා අන්තර්ජාලයට නිකුත් වෙනවා.

               මේ වන විට IMDb RATING  5.7 / 10 ලබාගෙන ඇති මෙම කතා මාලාව විනාඩි 30 කොටස් වශයෙන් පුරා පැය 3.30 ක කාලයක් ඉත්මාත් කුතුහලයෙන් යුක්තව ගලාගෙන යනවා. ඊට අමතරව මෙහි නිෂ්පාදන කටයුතු Vision Movie Makers  ආයතන විසින් සිදු කර ඇති අතර මෙම කතා මාලාව Crime/Thriller යන ශාරනයට අයත් වෙනවා..

ඊට අමතරව මෙහි රූගත කිරීම් කටයුතු සිදු කර ඇත්තේ ඉන්දියාවෙ මුම්භායි , මහාරාෂ්ට්‍රා වල සිදු කර ඇති අතර මෙහි ප්‍රධාන නිලිය ලෙස “අදිති ආචර්‍යා” යන චරිතයට පන පොවන්නේ Meera Chopra විසිනි. ඒ වගේම මෙහි කැපී පෙනෙන තවත් චරිත කීපයක් තමා Anang Desai , Kulbhushan Kharbanda , Varun Joshi , Anupam Shyam , Tanuj Virwani , Vikas Kumar , යන චරිත ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙම කතා මාලාව තුල රංගනයෙන් දායකත්වය දක්වනවා….

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…

කාමාතිපුර කියන්නේ “ගණිකා වෘර්තියෙන්” තම දිවිය පවත්වාගෙන යන ශ්‍රමිකයින්ගෙන් පිරුණු ගමක් මේ ගමේ ඉන්නවා එක මනුස්සයෙක් ඔහු නමින් ප්‍රහාර් ප්‍රතාප් මෙයාගෙ නම කිව්වාම මුලු කාමාතිපුරම බය වෙනවා ඒ ඇයි කියලා ඔයාලා කතාව බලනකොට දැනගන්න, මෙයා තමා මේ කාමාතිපුර ” ගණිකා නිවාස” පවත්වාගෙන යන්නේ , ඉතින් මෙහෙම යන මේ කාමතිපුරහි නාග්පාඩා කියන ගමට අලුතින් පත් වෙලා එනවා පොලිස් නිලධාරිණියක් ඇය නමින් අදිති ආචාර්‍යා ඇය ඇගේ සියලුම වැඩ නීතියට අනුවයි කරන්නේ . මේ නගරයේ වැඩ බාර අරන් වසර 2ක් ගත වෙලත් තාමත් ප්‍රහාර් ප්‍රතාප්ව හම්බවෙන්න ආවේ නෑ කියන තරහ ප්‍රහාර් ප්‍රතාප්ට තිබ්බා, ඔය අතරේ තමා මේ ගම තුල පලවෙනි මරනය සිද්ද වෙන්නේ ඒ ගණිකාවක්… මේ නඩුව පිළිබඳව පරීක්ෂන කටයුතු බාර වෙන්නේ අදිති ආචාර්‍යට, ඉතින් මේ න්බඩුව විසඳගෙන යනකොට අදිතිට සිද්ද වෙනවා ප්‍රහාර්ගෙන් උදව් ගන්න ඒ විදිහට මේ දෙන්නා හම්බවෙන්න ගත්තාම අදිති දැනගන්නවා ප්‍රහාර් ප්‍රතාප් එක්ක පොඩි කාලේ ඉඳලම අදිතිට සම්භන්දකමක් තියෙනවා.. ආහ් තව දෙයක් මේ මැරුන කෙල්ලගේ අතේ එක පච්චයක් තියෙනවා ඒ “ගෝනුස්සෙක්ගේ පච්චයක්” ඉතින් මේ නඩුව යම් ආකාරයකට විසඳුනා කියලා හිතනකොටම තවත් මරනයක් සිද්ද වෙනවා ඇයත් ගණිකාවක් ඇගේ අතෙත් තියෙනවා අර විදිහෙම පච්චයක් , ඉතින් ඔන්න ඔහොමයි මේ ඝාතන රැල්ල ආරම්භ වෙන්නේ…

  • අදිතිගෙයි ප්‍රහාර්ගෙයි අතර තියෙන සම්භන්දකම මොකක්ද..?
  • මේ ඝාතන කරන්නේ සීරියල් කිලර් කෙනෙක්ද ?
  • මොකක්ද මේ ගෝණුස්සගේ ටැටූ එක ..?
  • ඇයි මෙහෙම ගණිකාවන් විතරක්ම මරන්නේ..?

මේ හැම දේකටම උත්තර දැනගන්න නම් අනිවාරෙන්ම කතාව බලන්න වෙයි , හැබැයි එක දෙයක් සබ් එක ගහපු මමත් අවසානෙට ශොක් උනා මොකක්ද මේ උනේ කියලා …….

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු අදට මම සමුගන්නවා හැමෝටම සුභ දවසක්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. තැන්ක්ස් සහෝ, හොද නෙට්ෆ්ලික්ස් tv series එකකට සබ් දෙන්නකෝ

  3. Thanks…..jayawewa…!

  4. Thanks brother
    Sunflower hindi series ekath dennko,supiryak wage,tamilmv eke thynow

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login