The title of the page
9.2
97

Jirisan (2021) E15-16 END Sinhala Subtitles | “මිනීමරුවාගේ අවසානය…!” | සිංහල උපසිරැසි සමඟ

(Jirisan 2021 Sinhala Subtitles)
Native Title: 지리산
Also Known As: Mount Jiri, Jiri Mountain, Jilisan, Cliffhanger
Screenwriter: Kim Eun Hee
Director: Lee Eung Bok
Genres: Action, Thriller, Mystery, DramaTags: Forest Ranger, Rescue, Secret, Strong Female Lead, Suspense
Country: South Korea
Type: Drama
Episodes: 16
Airs: Oct 23, 2021 – Dec 12, 2021
Airs On: Saturday, Sunday
Original Network: tvN iQiyi
Duration: 1 hr. 10 min.
ImbD : 7.8/10
Google rating : 96%
MyDramaList: 8.2/10
Content Rating: 15+ – Teens 15 or older
   
                 
ඉතින් මේ ඔක්තෝබර් මාසේ 23 වෙනිදා tvN නාලිකාවේ 15 වෙනි සංවත්සරය උදෙසා විකාශය වූ විශේෂ කතාමාලාව Jirisan එහෙමත් නැත්නම් Mount Jirisan කොරියානු කතාමාලාවේ අවසානයට තමයි ඇවිත් තියෙන්නේ.
හැබැයි පොඩි දුකක් තියෙනවා, කතාවට මුලදි කට්ටියගේ තිබ්බ ආසාව දැන් නම් නැති වෙලාම ගිහින්ද කොහේ,රේටින් එහෙමත් ටිකක් බැහැලා, සමහරවිට ඕනවට වැඩිය කුතුහලයට බහුතරයක් කැමති නැතුව ඇති. කොහොම හරි ඒවා අමතක කරලා අපි යමුකෝ කතාව පැත්තට. 
කතාව මුලින්ම පටන් ගන්නේ ජිරිසන් කන්දේ රේන්ජර් කෙනෙක් විදිහට එනවා හිටපු ලුතිනන්වරයෙක් වෙන කන්ග් හ්යුන්-ජො, එයා ආපු ගමන්ම යවනවා කන්දේ ලමයෙක් අතුරුදහන් වෙලා කියලා බේරගන්න, ඒ යන අතරේ තමයි එයාට ජිරිසන් කන්දේ ඉන්න රේන්ජර්ලාගේ හොඳටම කන්ද ගැන දන්න සෝ යී-ගන්ග්ව හම්බෙන්නේ. 
මේ හ්යුන්-ජෝට තියෙනවා අනාගතේ දකින බලයක් ඒකත් කන්දේ මැරෙන මිනිස්සු ගැන. හැබැයි ඉතින් මුලදි කවුරුත් මෙයාව විශ්වාස කරන්නේ නෑ අඩුම යී-ගන්ග්වත්, ඒත් හ්යුන්-ජෝ දැක්කා වගේම මිනිස්සු මැරෙද්දි යී-ගන්ග් එයාව විශ්වාස කරලා ඒ මිනිස්සු බේරගන්න හදනවා. ඔහොම යද්දි හ්යුන්-ජෝ දැනගන්නවා මේවා නිකන්ම අනතුරු නෙමෙයි, කවුරු හරි කන්දේ ඉඳන් මිනිස්සුන්ව මරනවා කියලා. ඔහොම හොයාගෙන යද්දි දැනගන්නවා ජිරිසන් කන්දේ කලින් තිබ්බ “කළු පාලම් නිම්න ගම” කියලා ගමක් ගැන. මෙච්චර කල් මැරිලා තියෙන ඔක්කොම මිනිස්සුත් මේ ගමේ අය තමයි හ්යුන්-ජෝ දැනගන්නවා. 
හැබැයි මිනීමරුවා අල්ලගන්න කලින් හ්යුන්-ජෝටයි යී-ගන්ග්ටයි අනතුරක් වෙනවා. එකෙන් පස්සේ යී-ගන්ග් රෝද පුටුවට වැටෙද්දි හ්යුන්-ජෝ කෝමා තත්වයට පත් වෙනවා. ඒත් මිනීමරුවා අල්ලගන්න තියෙන අධිෂ්ඨානය නිසා එයාගේ ආත්මය කන්දේ සැරිසරනවා.දා-වොන්ව මතකනේ. යී-ගන්ග් එයාව කන්දට යවලා හ්යුන්-ජෝ මිනිසුන්ව බේරගන්න සලකුණු තියපු තැන් වල කැමරා හයි කරන්න යවනවා. එහෙම යද්දි දා-වොන් හ්යුන්-ජෝගේ ආත්මය දකිනවා. හැබැයි අන්තිමේ එයත් මිනීමරුවට බිලි වෙනවා. හැබැයි ඔය අතරේ හොස්පිට්ල් එකෙන් කියනවා හ්යුන්-ජෝගේ ජීවිතේ ගැන ආසාව අත ඇරලා දාන්න කියලා. ඉතින් යී-ගන්ග්, හ්යුන්-ජෝගේ ජීවිතේ බේරගන්න බැරි වුනත් එයාගේ ආත්මයට සැනසීමක් දෙන්න මිනීමරුවා අල්ලගන්න යනවා. 
ඉතින් අද අන්තිම කොටස් දෙකින් ඔයාලාට බලාගන්න පුලුවන් මිනීමරුවා කවුද කියලා. හැබැයි එක තැනක  හිතෙනවා හ්යුන්-ජෝ ඒ වෙලාවේ තව ටිකක් ඉවසන් හිටියා නම් ගොඩක් අය ජීවත් වෙන්න තිබ්බා කියලා. මේ කියන්නේ මොකක්ද කියලා ඔයාලාට තේරෙයි මිනීමරුවා කවුද කියල දැනගත්තාම. 
මේ කතාමාලාවේ ප්‍රධාන චරිත ලෙස,
● Jun Ji-Hyun – සො යි-කන්ග්
● Joo Ji-Hoon – කන්ග් හ්යුන්-ජො
● Sung Dong-Il – ජො දේ-ජින්
● Oh Jung-Se – ජුන්ග් ගෝ-යොන්ග්
සහ සෙසු චරිත ලෙස,
●Jo Han Chul – පක් ඉල්-හේ (රේන්ජර් වරුන්ගේ කණ්ඩායම් නායකයා)
●Jun Suk Ho – කිම් වුන්ග්-සොන් ( පොලිස් පරීක්ෂක )
●Lee Ga Sub – කිම් සොල්  ( උද්‍යානයට කැමැත්තෙන් බැඳුන සේවකයෙක්)
●Go Min Si – ලී දා-වොන් ( නවක රේන්ජර්වරියක් )
ලෙස රංගනයෙන් දායකත්වය දෙනවා.
ඉතින් හැමෝම දන්නවානේ ජිරිසන් කතාමාලාවේ තේමා ගීතය ගායනා කරේ  BTS සංගීත කණ්ඩායමේ ජින් කියලා. ඉතින් එයාගේ OST එක වගේම ලස්සන OST ගොඩක් තියෙනවා. ඒවගේ නම් පහල තියෙනවා. අහලා බලන්නකෝ.
 DestinyKim Feel
MemoriesGaho
Yours – Jin
In Color – Lee Sora
 Stay – O3ohn
 Our Road – Rothy 
 Little Garden – Taeyeon 
 Always With You – Paul Kim
 Valley of the Shadow – Yi Sung Yol 
 I’m Coming Home – Jukjae 
Harmony of Leaves – Henry ft. Jinwoo Park
මෙච්චර දවසක් කතාවට සබ් දෙනකම් බලන් හිටපු, කමෙන්ට් කරලා අපේ මහන්සිය අගය කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.  එහෙනම් මේ වගේම ලබන සතියේ අලුත් කතාවකට සබ් අරන් අපි එනවා. එතකම් හැමෝම පරිස්සමින් ඉන්න.
උචිනි පෙරේරා සමගින් මේධාවි ෆර්නෑන්ඩස්.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. ගොඩක් ස්තූතියි ඕගොල්ලන්ට. යන්තම් ඒකත් ඉවර කළා. එවගේම Bad and Crazy korean drama එකේ සිංහල සබ් දෙන්න අමතක කරන්න එපා.

  2. JIRISAN එකට උපසිරැසියට ලබා දුන්නු ඔය දෙන්නටම ගොඩාක් ගොඩාක් පින් ❤️
    සබ් එකට ගොඩාක් තෑන්ක්ස් 😊
    මේ සතියේ ටෙලිකාස්ට් පටන් ගන්න,
    • Snowdrop
    • Bad And Crazy
    • Bulgasal: Immortal Souls
    මේ සුපිරි ඩ්‍රාමා තුනටත් උපසිරැසි දෙමු 🤗
    THANK YOU SO MUCH ❤️‍🔥

  3. Sandunika algiriyavithana

    Thaks for subtitles 😍😍😍

  4. තෑන්ක්ස් මේක complete වෙනකන්ම සබ් දුන්නට.DEC 20 එන්න තියෙන MOONSHINE කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න. (YOO SEUNG HO ඉන්න එක.)

  5. Tjnx for the sub…. Chimera ekatath sub one

  6. Sub ekata thanx

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  8. Krishani
    Cineru_users

    Mulu drama 1tama godak piliwelata sub dila tiye. Samahara ost walatat 💜️💜️ thank you dennatama 💐💜️💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login