The title of the page
Jawan (2023) Sinhala Subtitles
Jawan (2023) Sinhala Subtitles
6.6
86

Jawan (2023) Sinhala Subtitles | “සොල්දාදුවා” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම…

ඔන්න ඉතින් ගොඩක් අය කැම් කොපියවත් නොබලා, ගොඩක් ඉවසිල්ලෙන් බලන් හිටපු ෆිලුමේ OTT රිලීස් උනා අද උදේ.. කෙටියෙන්ම කිව්වොත් මේ අවුරුද්දේ ආපු සුපිරිම බ්ලොක් බාස්ටර් හිට් එක තමයි මේක…

වැඩේ බාරගන්න කියලා බලකලේ අපේ ඉදුවර මලයා.. මුලින්ම එයාට ස්තුතියි මට මේකෙ ගීත පවා ගහලා උදව් කරාට..  ඒවගේම අපේ කවිෂ්ක සංකල්ප සහෝදරයා ගීත දෙකකට සබ් කරල දුන්න, ඔහුටත් ගොඩක් ස්තුතියි… මං අසා ලිවීමක් කරේ.. වැරදි අඩුපාඩු තිබ්බොත් හිතන්න එපා ඇ ❤️

මං හිතන්නේ මේ ෆිල්ම් එක ගැන නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.. මොකද මං මීට කලින් ෆිල්ම් එකක් ගැන මෙච්චර fb පෝස්ට්.. Tik tok.. වට්සැප් ස්ටේටස් ෂෙයාර් වෙනවා නම් දැකලම නෑ.. මොකද ඒ තරමට මේ ෆිල්ම් එක හැමෝම අතරේ වගේ සුපර් හිට් 😛

එහෙනම් යමුකෝ ෆිලුම දිහාට..

Jawan කියන එකේ තේරුම තමයි “සොල්දාදුවා” කියන එක…

*මේක සොල්දාදුවෙක් ගැන කතාවක්…

*තවත් පැත්තකින් මේක බලවතාගේ යකඩ සපත්තුවට පෑගෙන දුප්පත් මිනිහා ගැන කතා කරන ෆිල්ම් එකක්..

*තවත් පැත්තකින් පුතෙක් තමන්ගේ අම්මා වෙනුවෙන් සහ අම්මා කෙනෙක් තමන්ගේ පුතා වෙනුවෙන් කරන කැපකිරීම ගැන කතා කරන ෆිල්ම් එකක්..

*අනික් පැත්තෙන්, පුතෙක් තාත්තා වෙනුවෙන් කරන කැප කිරීම පෙන්නන ෆිල්ම් එකක් 

මේක තමයි කොලිවුඩයේ ඇක්ෂන් මසාල ෆිල්ම් පැත්තෙන් හැමෝම වගේ දන්න අට්ලී කියන අධ්‍යක්ෂකවරයගෙ කාලෙකට පස්සේ දීපු අලුත්ම සහ ඔහුගේ පලවෙනි හින්දි බ්ලොක් බාස්ටර් හිට් එක..

කෙටියෙන්ම කියනවා නම් මේක කොලිවුඩ් ස්ටයිල් බොලිවුඩ් ෆිල්ම් එකක්..

ෆිල්ම් එක අයත් වෙන්නෙ Action, Drama, Crime කියන Category එකට..භාෂා 4කින් මේක නිකුත් වුණත් ඔරිජිනල් භාෂාව හින්දි. Tamil එකේ අනික් අයට නම් හඬ කවලා තිබුනේ නෑ, හැබැයි ශාරුක්ට නම් හඬ කවලා තිබුන..(හින්දි එකටමයි සබ ගැහුවේ.. ඒ නිසා ඒකම අරන් බලන්න..

එතකොට IMDB අගයත් මේ වෙනකොට 7.6/10 ක්‌ වගේ ලබාගෙන තියෙනවා..ඒවගේම අදායම් අතින් ගත්තත් මේක අතිසාර්ථකයි කියලා කියන්න පුළුවන්.. මොකද මේක තිරගත කරන්නත් කලින් T Series ආයතනය විසින් කෝටි 250කට මේකෙ ප්‍රකාශන අයිතිය අරගත්තා.. මේකෙ නිෂ්පාදනය පිරිවැයත් කෝටි 250ක්‌.. එතැනින්ම මෙයාල වියදම හොයල ඉවරයි. ඒවගේම මං මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේකෙ ලොවපුරා සමස්ත ආදායම කෝටි 1400ක් පහු කරලා තියෙනවා.

පතාන් එකෙයි මේකෙයි තියෙන වෙනස මොකක්ද කියනවා නම් පතාන් සම්පුර්ණ ඇක්ෂන් බේස්.. එකේදී ලොකුවට ස්ටෝරි එකට මුල් තැන දීලා තිබුනේ නෑ.. හැබැයි Jawan කියන්නේ ස්ටෝරි බේස්.. මුල් තැන දීලා තිබුනේ ස්ටෝරි එකට.. කොටින්ම කියනවා නම් ඇහිපිල්ලමක්‌ නොගහ බලං ඉන්න පුළුවන් කතාවක්..

ඇක්ෂන් මසාල ෆිල්ම් බලන අයට නම් කුපිරියක් කියලා බය නැතුව කියන්න පුළුවන්..

ඩිරෙක්ටර්, කාස්ට්, ප්ලොට් ගැන විස්තර පහලින්.. ලිපිය පොඩ්ඩක් දිග වෙයි.. ඒ නිසා හදිස්සි අය සබ අරගෙන කොමෙන්ට් එකක් දාල යන්..

මුලින්ම කියන්නම් ඔයාලගේ ඇගේ ඉන්න නිව්ටන්ව පැත්තකින් තියලා මේක බලන්න ගන්න ඇ.. මොකද ඇක්ෂන් මසාල රසිකයෝ බලාපොරොත්තු වෙන විදිහටම තමයි මේක දීලා තියෙන්නේ.

✔අට්ලී | Director

අට්ලී, රාජා රානි ෆිල්ම් එකේ සහය අධ්‍යක්ෂක පටන් ගත්තු ගමන ඔන්න මේ වෙනකම් ලොකු කට්ටක් කාල ඇවිල්ල තියෙනවා කොහොම හරි..එයා ඩිරෙක්ට් කරපු පලවෙනි ෆිල්ම එක “තේරී” එකෙන්ම එයා බ්ලොක් බාස්ටර් ලේබල් එක අලවගන්න සමත් වුණා.

ලොකු ලොකු ඩිරෙක්ටර්ලාගේ Script පවා ප්‍රතික්ෂේප කරපු කොලිවුඩ් සුපිරි තරුව තලපති විජේ, මේ අට්ලී කියන මේ නවක අධ්‍යක්ෂකවරයාගේ Script එකට කැමති වෙනවා.. ඇක්ෂන් මසාල ටයිප් එකට මරු කොමඩි ටිකක් සහ Emotional ගතියක් අපි කැමති විදියටම එකතු කරලා, ගින්දර ෆිලුමක් දීලා තලපතිට හිටපු නැති ෆෑන්ස්ල පවා අරන් දීලා, තලපති Screen එකේ වළඳක්‌ හේදුවත් ඒක කෝටි 200 පන්නන මට්ටමට අට්ලී තලපතිව උස්සල තියෙනවා.. ඊටපස්සේ අට්ලීගෙ ආපු Mersal, Bigil ෆිල්ම් දෙකේම ම ප්‍රධාන නළුවා වෙන්නෙත් තලපතිමයි.

ඔන්න ඊටපස්සේ තමයි අට්ලී, තලපති රැල්ලෙන් පොඩ්ඩක් එහාට වෙලා,ශාරුක් එක්ක සෙට් වෙන්නෙ..හරියටම 2013 දි අට්ලී ශාරුක් එක්ක ගත්තු ෆොටෝ එකක් fb දැම්මම ඒකට ගොඩක් අය “Photoshoped”, “Edited” වගේ කමෙන්ට් වලින් අපහස කරනවා.. හැබැයි හරියටම ඊට අවුරුදු 10 කට පස්සේ බොලිවුඩ් කිංග් ගෙ 64 වෙනි ෆිල්ම් එක අවුරුදු 36 මේ ලාබාල අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරනවා.. ඇත්තටම කියනවා නම් එදා මෙයාට ආපහස කරපු මිනිස්සුම අද මෙයාට අත්පොලොසන් දෙනවා.. කොහොමද ඒ ගැම්ම..

“Never Give Up You’re Dream”

එකදිගට දකුණු ඉන්දියානු ෆිල්ම් 4 ක්‌ ගහපු අට්ලී, ශාරුක් නිසා උතුරු ඉන්දියානු ෆිලුමකට අත ගහනවා.. හැබැයි වැඩේ කියන්නේ ෆිලුම උතුරු ඉන්දියානු උනාට ප්‍රධාන නිළිය, විලන්, Music Director ඇතුළු ගොඩක් දෙනා දකුණු ඉන්දියාවේ අය.. අට්ලීට කොලිවුඩ් කරලා කරලා, බොලිවුඩ් අල්ලන එක අමාරුයි වෙයි කියලා තමයි ගොඩක් අය කිව්වේ.. ඒත් එයා ලේසියෙන් ඒ ගේම ගැහුවා කියලා මේක බලන ඕනම කෙනෙක්ට තේරෙයි.. හැබැයි ඒකට හේතුව SRK කියලා කිව්වොත් මං නිවැරදි.. මොකද SRK ට තරම් ඉන්දියාවේ ෆෑන් බේස් එකක් වෙන කිසිම නළුවෙක්ට ඇතියි කියලා මං නම් හිතන්නෑ.

 

✔අනිරුද් | Music Director

මේ අවුරුදු 32 ක පුංචි කොල්ලා ගැන ගොඩක් අය හොයන්න බලන්න පටන් ගත්තේ ලෝකේෂ් කනගරාජ්ගෙ ෆිල්ම් සෙට් එකත් එක්ක.. මොකද ඒ ඇක්ෂන් ෆිල්ම් ටිකට මියුසික් වලින් මාරම කලර් එකක් දීලා තිබුනා.. ඒ අතරින් වික්‍රම් 2022 ෆිල්ම් එකේ රෝලෙක්ස්ට දීලා තිබුණු BGM මියුසික් එක කොලිවුඩ් රසිකයෝ අතරේ උන්මාදයක් උනා.. ඔන්න ඔහොම ඉද්දි තමයි අට්ලී එයාගේ අලුත් වැඩේට අනිරුද්ව සම්බන්ද කරගන්නේ 

ශාරුක්ගෙ Entry වලට අනිරුද් දීලා තිබුණු BGM එක නම් ගින්දරටම තිබුනා.. ෆිල්ම් එකට Next Level ගැම්මක් අරන් දුන්න ඒ මියුසික්… සින්දු ටික ගැන කියනවා නම් ගොඩක් ලස්සන සින්දු ටිකක් තියෙනවා මේකෙ.. ගොඩක් අය නම් කියනවා ශාරුක්ගෙ අනික්‌ ෆිල්ම් වල සින්දු තරම් මේ ටික ඔලුවට නම් ගියෙ නෑ කියල… හැබැයි පහු පහු වෙන්න සේරම සින්දු ටික කට්ටිය ආදරෙන් වැලදගත්තා.. (සින්දුත් සේරම සබ් කරා බලන්නකෝ) කොහොම හරි කොලිවුඩ් ෆිල්ම් වලට මියුසික් කර කර හිටපු කොල්ලා බොලිවුඩ් ෆෑන් බේස් එකත් ඇල්ලුවා.

✔ශාරුක් | Main Role | අසාද් / වික්‍රම් රතෝර්

එකදිගටම කරපු ෆිල්ම් සෙට් එකම Flop උනායින් පස්සේ ටික කාලයක් සද්ද නැතුව හරිම වෙලාව එනකම් බලං හිටපු SRK පතාන් එකෙන් මුළු බොලිවුඩයම හෙල්ලුවා… ඒ එකදිගට ආපු ගොඩක් Hindi ෆිල්ම්ස් flop උන කාලෙක… අනික් නළුවෝ සේරම Remake කරලා කරලා ඒවා දඩාර flop කරගෙන පැත්තකට වෙලා ඉද්දි, මං මේ අභියෝගේ බාරගන්නවා කියලා ශාරුක් පතාන් එළියට දානවා..ඒකත් එයාට හුරු පුරුදු Romance වලින් පොඩ්ඩක් අහක් වෙලා ඇක්ෂන් ඒවගෙන්…අනික තමයි ඒක කවුරුත් මුලදී නොහිතපු විදිහට කෝටි 1000 ත් පන්නල ආදායම් වාර්තා කුඩු පට්ටම් කරලා දානවා..

ඔන්න ඊට මාස ගානකට පස්සේ තමයි SRK බාරගත්තු අනික් අභියෝගේ එලියට එන්නෙ.. ඒ චිත්‍රපටි 3ක්‌ කරපු ලාබාල අධ්‍යක්ෂකවරයෙක් එක්ක කරපු මේ ෆිල්ම් එක.. අනික ඒකට නිෂ්පාදන පිරිවැය පවා දුන්නේ ශාරුක්.. මාරම දේ කියන්නේ ශාරුක්ට කවදාවත් හුරු නැති දකුණු ඉන්දියාවේ නළු නිලියෝ සෙට් එකක් එක්ක වැඩ කරන්න ගන්නෙත්.. හැබැයි කොහොමින් කොහොමින් හරි වැඩේ පත්තු වෙලා SRK කියන්නේ ඉන්දියාවේ ඉන්න කවදාවත් හොල්ලන්න බැරි නළුවෙක් කියලා එයා පෙන්නනවා.. පතාන් එකෙන් SRK හදපු රෙකොර්ඩ් එක වෙන කාටවත් කඩන්න නොදී ජවාන් එකෙන් දවස් 18ක්‌ වගේ කෙටි කාලයකින් එයාම කඩල දානවා.. Bollywood King කියලා එයාට මිනිස්සු කියන්නේ ඇයි කියන හේතුව හැමෝටම පෙන්වා දෙමින්..

ඉතින් මේකෙදි අපිට එයාව ෆෑන් ෆිලුමෙන් කාලෙකට පස්සේ Double Acting Role එකකින් බලාගන්න පුළුවන් වෙනව..ශාරුක්ගෙ ඇක්ටින් ගැන නම් කියන්න දෙයක් නෑ අම්මෝ ගින්දර..Stunt කරන්න වෙන කෙනෙක් යොදාගෙන තිබුනත් ශාරුක් එයාගේ වයස හොයන්නවත් බැරි වෙන මට්ටමට ඇක්ටින් එක දීලා තිබ්බ.. මං නම් කියන්නේ ශාරුක්ගෙ ෆිල්ම් වලට කොමඩි වලට වෙනම කෙනෙක් ගන්න ඕන නෑ..මොකද ශාරුක් වැඩේ ලෙසටම බැලන්ස් කරනවා.. මේකෙ ශාරුක් මරු කොමඩි ටිකකුත් දීලා තියෙනවා ලෙසටම.. අනික අපි ශාරුක්ගෙන් කොලිවුඩ් ස්ටයිල් වැඩ කිඩ බලලම නෑ නේ.. එහෙනම් මේකෙන් බලමුකො…

✔නයන්තාරා | Heroin | නර්මදා

නයන්තාරා ශාරුක් එක්ක රගපාන පලවෙනි අවස්ථාව මේක.. ඒවගේම නයන්ගෙන් ගොඩක් වෙනස් විදිහේ මරු ඇක්ෂන් ටිකක් බලාගන්න පුළුවන් උනා මේ ෆිල්ම් එකෙන්.. අට්ලි Bigil ෆිලුමේ රූකඩයක් වගේ තියලා තිබ්බ නයන්ගෙන් මේ සැරේ නම් වැඩක් අරන් තියෙනවා කියලා පෙනුනා.. ශාරුක් නයන්තාරා Chemistry එක ගැන කියනව නම් අපිට දෙන්නව එකට හුරු නැති නිසාදෝ මන්ද මට නම් වැඩිය Romance ඇගට දැනුනේ නෑ..හැබැයි කොහොම හරි නයන් එයාගේ ජොබ් එක හොදට කරලා තිබ්බා.

 

✔විජේ සේදුපති | Villain | කාලී

මෙන්න චරිතේ..Hero නම් එහෙම.. විලන් නම් එහෙම, Romance ඕන්නම් එහෙම.. කොමඩි ඕන්නම් එහෙම.. ඇක්ෂන් ඕන්නම් එහෙම… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන ඒකට උපරිම සාදාරනයක්‌ කරන කෙනෙක් තමයි සේදු කියන්නේ මේ වෙද්දී එයා ෆිල්ම් 4 ක විලන් රෝල් එක කරලා තියෙනවා..ඒකත් ඉන්දියාවේ සුපිරිම නළුවෝ එක්කම.. එයා වැඩේ පටන් ගත්තෙම කොලිවුඩ් සුපර් ස්ටාර් එක්ක

Petta – Rajini Kanth
Master – Thalapathi Vijay
Vikram – Kamal Hasan
Jawan – SRK

(Vikram Vedha, Uppena මට අනුව විලන් රෝල් නෙවෙයි )

අට්ලී මේකේදි සේදුපතිගෙන් වැඩ අරන් තියෙනවා මදි වගේ හැගීමකුත් ආව.. හැබැයි කොහොම හරි විලන්ට ගැලපෙනම කෙනා අට්ලී තෝරාගෙන තියෙනවා..

✔දීපිකා | Special Appearance |අයිශ්වර්යා

මාරම Role එකක් මාරම Scence ටිකක් ෆිල්ම් එකේ තිබුණු ලස්සනම චරිතේ දීලා තිබ්බේ දීපිකාට කිව්වොත් මං හරි.. මොකද පතාන් එකෙන් ලොකු ඇක්ෂන් දීලා දීපිකාට ලොකු බරක් දීලා තිබුන වගේ දෙයක් දැනුනා.. හැබැයි මේකේදි නම් හැමදේම ගානට බැලන්ස් කරලා Special Appearance කියල මුළු ඕඩියන්ස් ඒකේම අවධානය එක තප්පරේට දීපිකාට අරන් දීලා.. මුළු ෆිල්ම් ඒකෙම එයා හිටියා වගේ හැගීමක් එන විදිහට දීපිකාගෙ Role එක හදල තිබ්බ අට්ලී.. ෆිල්ම් එකේ තිබුණු Emotional Scene ටිකෙන් වැඩි බරක් තිබුනේ දීපිකාට..කොහොමින් කොහෝමින් හරි එයාගෙ ටිකේ මුළු ඕඩියනස් එකම ඇඩෙව්වා.. මේකට මොකට Special Appearance කියලා දැම්මද මන්ද.. තනිකරම Main Role එකක් කරේ.. ඒවගේම තමයි SRK + Deepika Chemistry එක නම් අම්මොහ්.. කියන්න වචන නෑ මාරම ගැලපීමක් ..

ඒවගේම කියන්න ඕන ගොඩක් අය තලපතිගේ කැමියෝ එකක්‌ එයි කියලා බලාපොරොත්තුවෙන් හිටියනේ.. හැබැයි ගොඩක් අයගේ බලාපොරොත්තු සුන් කරගෙන ඒ කැමියෝ එක රගපෑවේ Sanjay Dut… පොර පොරගේ වැඩේ දුවිලි පොදක් වත් නොගාගෙන ඩයලොග් වලින්ම ගැම්මට කරා..

හින්දි එක තියෙටර් බලපු ගොඩක් අය අහපු අනික් දේ තමයි කෝ Yogi Babu කියලා සොරි ළමයි.. එයා ඉන්නේ Tamil, Telugu Version වල විතරයි.. Hindi එකේ ඒ Role එක කරන්නේ වෙන කෙනෙක්..

 

ෆිලුමේ විස්තරේ නම් ලොකුවට කියන්න යන්නෑ ඇත්තටම…

මොකද එහෙම කියන්න ගියොත් මේකෙ රහ නැතුව යනව.. අට්ලී කියන්නේ සාමන්‍යයෙන් සමාජයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන කෙනෙක් නේ.. වෙනද වගේම එයා මේකටත් ඒවා මූලික කරගෙන තිබුනා..
විශේෂයකට තියෙන්නේ මේකෙ එයා තනි මාතෘකාවක්‌ නැතුව සෞඛ්‍ය, ගොවිතැන, ආයුධ මාෆියාව වගේ ගොඩක් මාතෘකා ගැන කතා කරල තිබුනා..

* සිස්ටම් එක චේන්ජ් කරන්න හදන “අසාද් ” 

* තමන්ගෙ අම්ම තාත්තට කරපු දේට පලිගන්න හදන ” අසාද් “

* ආයුධ මාෆියා කාරයෙක්ගෙ බිස්නස් එකකට අහුවෙලා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෝ වෙනුවෙන් කාලිගෙන් පලිගන්න හදන ” වික්‍රම් රතෝර් “

මේ ෆිල්ම් එක ගොඩක් ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැලද ගත්තා… ඒ නිසා ඔයාලටත් ආදරෙන් ආරාධනා කරනව මගහැරගෙන බැරිම Bollywood King SRK ගෙ 64 වෙනි මේ සුපිරිය බලන්න කියලා..

ගිහින් එන්නම්..හැමෝම කොමෙන්ට එකක් දාගෙන යමු…

බුදුසරණයි.. ජයවේවා!

උපසිරැසිය 100% ගැලපෙන වීඩියෝ පිටපත් මේ පොස්ට් එකේම ලබා දී ඇත. කරුණාකර එයම පමණක් ඩවුන්ලෝඩ් කරගැනීමට කාරුණික වන්න..

[Original HDRip/WEB පිටපතක් සඳහා උපසිරැසිය සහ වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත..]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

79 comments

  1. Kasun Widusha
    Cineru_users

    සුපිරියක් තමයි …. තෑම්ස් සබ් එකට…❤️💪

  2. Thanks sub ekata

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Mage kollo godakma pin….
    Original ekata update one honde…
    AAAAdarei……Jayamaweewa…..!!

  4. web eka enne kawadad

  5. බොහොම ස්තූතියි 🙏 ❤️

  6. Original enne kawadada ?

  7. සුපිරි shan bro……ath hhdrip akak awamama බලනවා update akak denna athakota…..❤❤❤🔥

  8. Thanks for the sub
    මෙක් ඩ්වුන්ලොඩ් කරද්දි 60% එහා ගියාට පස්සේ error එකක් එනවා. පොඩ්ඩක් ඒ ගැන බලන්න. කොලොටි 02 ම එහෙම වෙනවා

  9. Film eka kohoma ekak unath wisthare hari lassanata hithata danena widiyata kiyala thiynawa ekath wenamama skill ekak.thank you sub ekata.

  10. Samith
    Cineru_users

    Original thama nedda bro

  11. original enne kavadda machan?

  12. චූටි කිටියා 🥰🥰

    Web ekata update karannako web eka avilla thiyenne 👍✌️❤️

  13. Original awa neda bro

  14. Web rip ekata sub nadda

  15. webrip walata sub eka gelapenawada

  16. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Original aapugaman update karata godak pin..
    PSA copy ekata niyamata match wenawa..
    mahansi wela karana me sewayata thanks kiyala madi…..
    AAAAAAAAAdarei…………………….!!

  17. web copy eka penne nane. cam copy vitarai thama.

  18. Extended cut ekk awil thiyenwne brdh

  19. Sabilash
    Cineru_users

    Jawan HardCopy HC – Copy Video aka Nada???
    Update karannko plz 😒😒😒

  20. ඔරිජිනල් භාෂාව හින්දි එකද, ටැමිල් එකද? 🤔

  21. yts 1080p ekt support d bro

  22. බොහොම ස්තූතියි 🙏…..

  23. HC copy eka upload karanawada ?

  24. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  25. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    කාලෙකින් සයිට් එකට (සිනෙරූ පවුලට) ආවේ. මරු බං. සබ් එක නියමයි. ලිපියත් පට්ට. ආසාවෙන් බැලුවා. ෆිල්ම් එක පතාන් එක්ක සසඳන්නවත් හොඳ නෑ, මේක මරු ඒකට වඩා. ඉක්මනින්ම මාත් එන්නම් සබ් ටිකක් අරගෙනම. සිනෙරූ මගේ ආදරණීය පවුලට ජය වේවා! සමිත, අංජුල, අශේන්, පීටර් අයියා ඇතුලු හැමෝටම ජය වේවා!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Sub ekak onemai kollo…
      kalin wage…..

  26. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    කොමෙන්ට් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ❤️🥺 ගොඩක් ආදරෙයි ❤️❤️ ජයම වේවා ❤️❤️ අලුත් ෆිලුමක් එක්ක සෙට් වෙමු ❤️

  27. Uchini Perera
    Cineru Family Member

    ස්තූතියි මලයා සබ් එකට.. ගැම්මක් ඈ ❤️

  28. R.g lahiru sampath

    AY DEN LIVE STREAM KARANNA UPLOAD KARANNE NETTE

  29. Thanks sub ekata supiriyak 🥰🥰

  30. මෙවගෙ ලස්සන සුපිරි ලිපියක් ෆිල්ම් එකක් ගැන කාලෙකින් කියෙව්වෙ..පට්ට අස හිතුනා… එක එච්චරටම සුපිරි එකට ලියල තියෙනව බොරු නැතුව …. thank you 😍

  31. බොහොම ස්තූතියි 🙏…

  32. Kosala thilakarathne

    thanks for update to hd

  33. Bhola shanker 2023 ekatath sub denna

  34. ×265 Nadda sgo

  35. 10% k download wenna thiyeddi stop wela salli gewanna kiyanawane

  36. subtitales ganna pay karanna onada mama downlod kara sub awe ne kohomada downlod karanne

    • නෑ..එහෙම ඕන නෑ..බට්න් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ..

      • mama downlod kara sub awe ne.HC copy/ video copy tha kohomada karanna ona mama video copy down lownlod kare sub awe ne

        • Normal Video කොපි වලට සබ් ඇඩ් කරලා නෑ..සබ් ඇඩ් කරලා තියෙන්නේ HC වීඩියෝ කොපි වලට..නෝර්මල් වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරානම් සිංහල උපසිරැසිය කියන තැන ක්ලික් කරලා සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇඩ් කරගන්න..

  37. skhanda 2023 teligu eke sub eka dennko webrip awith godak kal

  38. subtitle eka wada karanne na nee. ai ee?

  39. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  40. Thanks for the sub!

  41. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login