The title of the page
James Sinhala Subtitle
James Sinhala Subtitle
9.4
98

James (2022) Sinhala Subtitles | “ජේම්ස්” | සිංහල උපසිරැසි සමඟ

(James (2022) Sinhala Subtitles) (James (2022) Sinhala Subtitle) (James Sinhala Subtitle)

ඔන්න එහෙනම් ආයෙත් ඉක්මනට ඔයාලව හම්බෙන්න ආවා ෆිල්ම් එකක් අරගෙන.. හැබැයි ඉතිං මේ නලුවා මේ වෙද්දී අපි අතරින් සමු අරන් ඉවරයි.. මම මෙයාගේ ලොකු ෆෑන් කෙනෙක් නොවුනත් මෙයාට වුන දේ හින්දා ගොඩක් දුක හිතුනා..එහෙනම් පුනිත් ගැන පොඩ්ඩක් කියන්නම්..

පුනිත් රාජ්කුමාර් උපත ලබන්නෙ 1975 – මාර්තු – 17 මෙයා තමන්ගේ පාසල් ගමනත් එක්ක පුංචි වයසේ ඉඳල විවිධ චිත්‍රපටවල රංගනයෙන් දායක වෙලා තියෙනවා.. ඒ වගේම තමයි සම්මාන රැසක් දිනාගෙන තියෙනවා.. පූණිත් කියන්නෙ කන්නඩ සිනමාවේ ලොකු තරැවක් මෙයා ඔක්කොම චිත්‍රපට 29 කරලා තියෙනවා.. මෙයාව ගොඩක් අය හඳුන්වන්නේ අප්පු කියන නමින් ඉතිං කවුරුත් නොහිතපු වෙලාවක 2021 ඔක්තොම්බර් 29 වෙනිදා හෘදයාබාධයක් නිසා පුනිත් මිය යනවා.. එතකොට එයාගේ වයස අවුරැදු 46 මේක ඉන්දියාවට වගේම ලංකාවේ රසිකයන්ටත් ලොකු දුකක් ගෙනාවා..

කර්නාටක රජයෙන් ඉහලම සිවිල් සම්මානය කර්නාටක රත්න කියන එක පුනිත් ගෙ මරණින් පස්සේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා..ඒත් ඉතිං පුනිත් ගෙ අන්තිම චිත්‍රපටිය ජේම්ස් වෙන්නේ නෑ හැබැයි..මරණය පත්වෙන්න කලින් රඟපාපු තව එක ෆිල්ම් එකක් ඉදිරියේදී රිලීස් වෙන්න තියනවා කියලා ප්‍රකාශ කරලා තියනවා…. එයාට වාසනාව නැති වුනා ඉතිං අපි හැමෝම එයාට නිවන් සුව පතනවා හොඳ තැනකට යන්න කියලා..

එහෙනම් කතාව ගැන කිව්වොත්,

මේක හමුදාව සම්බන්ධ කතාවක් කියලා බලන හැමෝටම පේන්න තිබ්බත් මුලදි මේක පටන් ගන්නෙ වෙනස්ම විදියකට.. ඉන්දියාවේ ලොකු මත්ද්‍රව්‍ය ජාලයක් වටලන්න එන සොල්දාදුවෙක් ගැන තමයි තියෙන්නෙ.. ඉතිං එයා එකපාරට එහෙම දේකට මොකටද අත ගහන්නේ කියලා මම කියන්නෙ නෑ..

මේකේ කතා නායකයා තමයි සන්තෝෂ් හැබැයි එයාගේ අනික් නම තමයි ජේම්ස් කියන්නෙ.. ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් ඉන්නවා විජේ කියලා.. එයාගේ තාත්තා මැරුනට පස්සේ තමයි මෙයාට මේක හම්බෙන්නෙ.. එතකොට විජේට ඕනි වෙනවා දක්ෂ ආරක්ෂකයෙක් තමන්ගේ ලඟට ගන්න.. එතකොට තමයි එතන හිටපු කෙනෙක් ජේම්ස් ගැන කියන්නෙ.. කොහොම හරි විජෙගෙ ආරක්ෂයා වෙලා ගොඩක් හොඳට ජේම්ස් එයාලගේ හිත දිනා ගන්නවා විජෙගෙ නංගී තමයි නිශා.. එයා ඉන්නෙ වෙන රටක එයත් ඉන්දියාවට ඇවිත් මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙනවා.. ඉතිං මම කන්නඩ ෆිල්ම් රසිකයෙක් නොවුනත් මේක බලද්දී ඇත්තටම සුපිරියක් කියලා හිතුනා.. ලස්සන සිංදු ටිකක් ලස්සන තැන් ටිකක්.. අනික තමයි මේකේ කැමරා ⁣ෂොට් VFX නම් පට්ට..හැබැයි ඉතිං ෆයිට් වලදි මම අකමැති දෙයක් තමයි ඕනිවට වඩා උඩින් යන එක.. කන්නඩ ෆිල්ම් වල කොහොමත් එහෙමයිනෙ.. හැබැයි ඉතිං පුනිත් නැති අඩුව හින්දා ඒවා එච්චර ලොකුවට පේන්නෑ..ලස්සන ෆිල්ම් එකක් කතාව ලස්සනට ගලපලා තියෙනවා..

එහෙනම් පුනිත්ගෙ ෆැන්ස්ලට අපි ආරාධනා කරනවා එයාගේ අවසාන ෆිල්ම් එක බලන්න කියලා.. ආයෙත් ඉතිං එයාව අපිට සෑබෑවට සිනමාවේ දකින්න ලැබෙන්නෑ. මොනවා කරන්න ද..

එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා !

(James Sinhala Sub) (James 2022 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

21 comments

  1. සබට තෑන්ක්ස් මචං..🧡

  2. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Pattaaaaaaaaaaaaaaaaaaaaa

  4. චතුර මදුසංක thank bro sinhala sube ekata meka puneeth rajkumarge supirima film ekak ohu athi dakasha naluvek avasanavata ohu kannada sinamavata ahimi una patta dukai .

  5. ela supiriiyak [Yutha Satham (2022) Tamil][ Ek Love Ya (2022) Kannada] mevatah sube oni jayawewa.

  6. Sub ekta thnx bro ❤️‍🔥

  7. Kohomad film eka Download karanne

    • වීඩියෝ පිටපත් කියලා තියන තැනින් ගන්න..VPN on කරගෙන සයිට් එකට ආවොත් ඒ බට්න් එක පෙන්වන්නෑ..

  8. Vpn eka off karala thiyenne..mokadd me kiyana butten eka saho.lankawe iddi nam man download kare meken thamayi.den be

    • samitha
      Cineru Family Member

      ලංකාවේ නම් විතරයි ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්වන්නේ , අපේ ටෙලිග්‍රෑම් එකට ජෝයින් වෙන්න එකෙන් ලින්ක් ගන්න පුළුවන්

  9. chamith madhushka

    Sub ekta thnx Aadavallu Meeku Joharlu (2022) mekath one

  10. Thmx mcn 😍

  11. අඩේ මම කැමතිම නලුවෙක්…දැන් දන්නේ නැති උනා කියලා 🥺🥺🥺🥺😥😥😥

  12. Thanks sub ekata

  13. Badva rascal sub plz

  14. Arawinda Sunimal

    thanks sub ekata eyath giya ne

  15. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.d

    • මම හිතන විදිිියට පුනිත්ට එච්චර වැඩ දාන්න බැරි කමක් නෑ…මොකද ඉන්දියාවේ තමන් රගපාපුු පලවෙනි film 10 ,දවස් 100 පහුකරපු පලවෙනි නලුවා පුනීත්.. .අනිත් එක එයා නැතිවුනෙත් workout කරන්න ගිහින්..ඒ හින්ද මම හිතන විදියට පුනිත්ට fighting easy.❤️❤️🤣

      Rest in piece power star..🙏🙏

      Subtitles වලටයි විශේෂයෙන් film එකටයි…ගොඩක් ස්තුතිය..🙏

  16. Hiroosha Rashmina

    Aadavallu Meeku Joharlu (2022) ඕකට සබ් එක ඕනි

  17. Super….
    Thanks you so much….

  18. Secret N ( නාරා )
    Cineru Family Member

    ඒකත් බැලුවා පුණීතුත් යන්නම ගියා 😢😢😢😢😢😢😢 ( ආසම කන්නඩ නළුවා )
    තෑන්ක්ස් මචං සබ් ඒකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login