The title of the page
jacobs ladder 1990 sinhala sub
jacobs ladder 1990 sinhala sub
7.5
84

Jacob’s Ladder (1990) Sinhala Subtitles |රජයේ රහස් ව්‍යාපෘතිය|සිංහල උපසිරැසි සමග|

කොහොමද ? මුලින්ම කියන්න ඕන මේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය කියල.ඉතින් මේකෙන් සෑහෙන්න උපසිරැසි අරන් බැලුවට. හදද්දි තමා ඒකෙ තරම තේරෙන්නෙ.හාහා පුරා කියල හදන්න ගත්ත පලවෙනි ෆිලුමෙම ලයින් එක්දාස් තුන්සීයයි.ඒත් මේක ඉල්ලල තියෙනව දැක්ක නිසාත්.හොද ෆිලුමක් නිසාත් සබ් එක කලා.(jacobs ladder 1990 sinhala sub)

ෆිල්ම් එකේ විස්තර පැත්තට හැරුනොත් IMDB 7.5 අගයක් ගත්ත සුපිරි ෆිල්ම් එකක්.අද්‍යක්ශනය කරල තියෙන්නෙ Adrian Lyne කියන අසූව – අනූව දශකෙ ජනප්‍රිය අද්‍යක්ශකවරයෙක්.චරිත ගැන කතා කළොත් එදා මෙදා තුර වැඩිම අගයකට IMDB දර්ශකය කැරකවූ ,ලොව හොදම ෆිල්ම් එක ලෙස විරුදාවලි ගත්ත The Shawshank Redemption එකේ Andy විදියට රගපාපු Tim Robbins මයි මේකෙත් ප්‍රදාන චරිතය කරන්නෙ.තව අපි ආසම කරපු Home Alone චිත්‍රපටයේ ප්‍රදාන චරිතයත් මේකෙදි එක් වෙනව.

කතාවේ අන්තර්ගතය ගත්තොත්,

වියට්නාම් හමුදා මෙහෙයුමකදි හමුදා ගමන අවසන් කරපු ජේකබ් යන චරිතය වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ.ජේක්ට ලගකදි ඉදල අමුතු අමුතු සිද්දීන් වගයකට මුහුණ දෙන්න වෙනව.ඒව පටන් ගන්නෙ දුම්රිය අංගනයකදී .ඒ පටන් ගත්ත අත්භූත සිදුවීම් මාලාව දිගින් දිගටම ජේක්ට වද දෙන්න ගන්නව.ඒ අතරතුර ඔහුගේ මිත්‍ර පරණ හමුදා නිලදාරියෙකුත් කතා කරල ඔහුව හමුවෙන්න ඕන කියනව.දෙන්න හමුවෙලා කතා කරන කොට දැනගන්නව දෙන්නටම ඒ වගේ සිදුවීම් වෙනව කියල.කතාව ගලායන අතරතුරදි දැනගන්නව ,ඒ යුද්දෙට ගිය ඒ බලඇණියේ සියලු දෙනාම ජේකබ් වගේම අද්භූත සිද්දීන් වලට මුහුණ දෙනව කියල.

ජේකබ් හිතන්නෙ රජයෙන් මොනා හරි ඔවුන්ට කරල කියල.රජයට එරෙහි වෙන්න වෙන නිසා ලෝයර් කෙනෙක් වත් මෙයාල ගන්නව.නමුත් දවසක් ලෝයර් ජේක්ට කෝල් කරල කියන්නෙ ඔයාගෙ යාලුවො වැඩේ අත ඇරිය කියල.ජේක් ලෝයර් ව හොයන් ගිහින් හේතුව ඇහුවම ලෝයර් දෙන්නෙ හිතා ගන්න බැරි උත්තරයක්.ඒ මොකක්ද ? රජය ඇත්තටම සම්බන්දද ? නැත්නම් වෙන දෙයක්ද ?කියල හොයාගන්න ඔයාලටම බාර කරනව.තව කියන්න ඕන හිතපු නැති අවසානයක් තියෙන්නෙ.ඔව් ඔව් පොඩි මයින්ඩ් බ්ලෝවින්ග් එකක්.හරි එහෙනම් ෆිල්ම් එක බලන්න ආරාදනා කරන ගමන්.පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. උපසිරැසිය BR පිටපත් සදහා අදාල වේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝද් මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝද් මදුශාන්

May 10, 2020


12
Total Subtitles

7 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ මේක සුපිරි film එකක් අන්තිමට කරකවල අතාරිනවා 😳.. සුබ පතනවා පලවෙනි සබ් එකට 👊👊 දිගටම කරන් යන්න සබ් දෙන වැඩේ..
    ජය වේවා.! 😊😊😊

  2. Thanks sub ekata supiri ela Looney tunes TV show season 1 Sub dennko please

  3. Thanks sub ekata supiri ela Looney tunes TV show season 1 Sub dennko please

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    පුළුවන් නම් මේවටත් සබ් දෙනවද හැම එකටම නෙවේ පුළුවන් එකකට 😊
    * Dark Floors (2008)
    * Uninhabited (2010)
    * Primer (2004)
    * Unseen (2016)
    * Relic (1997)
    * The Cured (2017)
    * The First Wave (2014)
    * Still/Born (2017)
    * Unsane (2018)
    * Sighting (2016)
    * Bed of the Dead (2016)
    * Contracted (film series)
    * Alpha Gateway (2018)

  5. කවුරුහරි කියනවාද මේකෙන් කොහොමද සබ් එක ඩවුන් කරන්නේ කියල …ප්ලිස් උදව් කරන්නකෝ…ඩවුන්ල්ලලෝඩ් කරන්න තැනක් නැහැනෙ …ප්ලිස් ලොකු උදව්වක්

    • Peter Barthelot
      Cineru Family Member

      දැන් බලන්න. ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login