It Welcome to Derry (2025) S01 E01 Sinhala Subtitles
It Welcome to Derry (2025) S01 E01 Sinhala Subtitles
7.1
76
72

It: Welcome to Derry (2025) S01 E01 Sinhala Subtitles | “භීතිය උපන් නගරය” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් යාලුවනේ! ඔන්න ඉතින් මේ සැරේ අරගෙන ආවේ අපි හැමෝම ආසාවෙන් වගේම භීතියෙන් බලපු ලෝක ප්‍රසිද්ධ ‘IT’ චිත්‍රපට මාලාවේ පෙර කතාවයි (Prequel). Horror සහ Mystery කැටගරි එකට වැටෙන, හුස්ම හිරකරගෙන බලන්න පුළුවන් සුපිරිම කතා මාලාවක ආරම්භය තමයි මේ!

මේ කතාව දිව යන්නේ 1960 ගණන් වල සීතල යුද්ධය (Cold War) පවතින කාලයේ ඩෙරී නගරය වටා. කතාවේ එක පැත්තකින් මේජර් හැන්ලන් (Hanlon), තමන්ගේ පවුලත් එක්ක ඩෙරී වල තියෙන ගුවන් හමුදා කඳවුරට එන්නේ විශේෂ රාජකාරියකට. පිටින් බලද්දී සාමකාමී වගේ පෙනුනට, මේ නගරයේ පරණ කාණු පද්ධති ඇතුලේ ලොකු අභිරහසක් හැංගිලා තියෙනවා.

කතාවේ ප්‍රධානම සිද්ධිය වෙන්නේ මැටී (Matty) කියලා පොඩි ළමයෙක් අභිරහස් විදියට අතුරුදහන් වෙන එකයි. පොලීසිය සහ නගරයේ වැඩිහිටියෝ හිතන්නේ එයා මැරිලා හරි පැනලා ගිහින් හරි කියලා. ඒත් එයාගේ යාලුවෝ ටික (ලිලී, ටෙඩී, ෆිල්) විශ්වාස කරනවා මැටී තාම පණ පිටින් ඉන්නවා කියලා. මොකද ලිලීට එයාගේ බාත් ටබ් එකේ බට ඇතුලෙන් මැටී සින්දු කියනවා ඇහෙනවා.

ඉතින් මේ යාලුවෝ ටික මේ සින්දුව මොකක්ද කියලා හොයාගෙන, මැටී ඉන්න තැන හොයන්න පාලු තියටර් එකකට රිංගනවා. “The Music Man” චිත්‍රපටයේ එන “Trouble” කියන සින්දුව ඔස්සේ යන මේ ළමයින්ට, කාණු පද්ධතිය ඇතුලෙන් හම්බවෙන්නේ මැටීවද? නැත්නම් ඊට වඩා භයානක දෙයක්ද?

Pennywise ගේ සාපයේ ආරම්භය හොයාගන්න කුතුහලෙන් ඉන්න අයට මේක නියම අවස්ථාවක්. ඩෙරී නගරයේ අතීතය කොයි වගේද, ඇයි ළමයි නැති වෙන්නේ කියන ප්‍රශ්න වලට මේ කතා මාලාවෙන් උත්තර හම්බවෙයි.

Horror ෆිල්ම් පිස්සන්ට නම් මේක අතාරින්නම හොඳ නැති කතාවක්.

හරි එහෙනම්, මෙතන ඉඳන් ඔයාට බාරයි. ලයිට් නිවලා, හෙඩ්සෙට් එකක් දාගෙන තනියම මේක රසවිඳින්න කියලා මතක් කරන ගමන්, ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක්! ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

10 comments

  1. Sub dei kiyla hithuwe na thanks hode

  2. Era Boy
    Cineru Family Member

    මරු කොල්ලෝ.. ❤️❤️

  3. අඩෝ…… තෑන්ක්ස් මචං මේකට සබ් ගේනවට…….

  4. Ep 2th ikmnata oni

  5. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි නියම වැඩක් සහෝ

  6. dhanusha
    Cineru_users

    cineru eke sub mara quality

  7. thanks bro … 2 episode ekath awith ekath denna

  8. Thanks machan .waddek

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login