Ip Man 3 (2015) Sinhala Subtitles
Ip Man 3 (2015) Sinhala Subtitles
7
76

Ip Man 3 (2015) Sinhala Subtitles | “ බොක්සින් සහ වින්ග් චුන් එකට හැප්පුනාම! ” | සිංහල උපසිරැසි සමඟ

(Ip Man 3 (2015) Sinhala Subtitles ) (Ip Man 3 (2015) Sinhala Subtitle) (Ip Man 3 (2015) Sinhala Sub)

කොහොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේ Ip Man 3 චිත්‍රපටය
Ip Man 3 කියන්නේ Ip Man ෆිල්ම් සෙට් එකේ ආපු වෙනස්ම සහ පට්ටම ෆිල්ම් එකක් කිව්වොත් හරි. කලින් ෆිල්ම් දෙකේම අපි දැක්කේ රට වෙනුවෙන් ගහගන්න Ip Man කෙනෙක්ව වුනාට මේ ෆිල්ම් එකේ අපි දකින්නේ තමන්ගේ පවුල වෙනුවෙනුයි “නියම මාස්ටර් කවුද?” කියන එක පෙන්නන්නයි ගේම ඉල්ලන Ip Man කෙනෙක්ව. ඩොනී යෙන්ගේ සුපිරි වින්ග් චුන් ඇක්ෂන් එක්ක ලෝක ප්‍රසිද්ධ බොක්සිං ශූර මයික් ටයිසන් එකතු වුනාම කොහොමද කියලා මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.
කතාව යන්නේ 1959 හොංකොං වල. අපේ මාස්ටර් Ip Man දැන් ටිකක් සාමකාමී ජීවිතයක් ගත කරන්න හැදුවට එයාට ලොකු ප්‍රශ්න දෙකක් එනවා. එක පැත්තකින් මයික් ටයිසන් රඟපාන ෆ්‍රෑන්ක් කියන ලොකු මැරයා Ip Man ගෙ ළමයා ඉගෙන ගන්න ඉස්කෝලේ අල්ලගන්න හදනවා. අනිත් පැත්තෙන් චියුන් ටින් චි කියලා තව වින්ග් චුන් මාස්ටර් කෙනෙක් එනවා Ip Man ට චැලෙන්ජ් කරන්න. මිනිහා හිතන් ඉන්නේ Ip Man ට වඩා එයා වැඩ්ඩෙක් කියලා. ඉතින් මිනිහා Ip Man ට චැලෙන්ජ් කරනවා “කවුද රියල්ම ග්‍රෑන්ඩ් මාස්ටර්” කියලා බලන්න. මේ ඔක්කොම අස්සේ Ip Man ගෙ බිරිඳට දරුණු අසනීපයක් හැදෙනවා. ෆිල්ම් එකේ ඒ කොටස නම් ඇත්තටම හිතට වදිනවා.
ෆිල්ම් එකේ ලොකුම ගැම්ම තමයි Ip Man සහ මයික් ටයිසන් අතර යන ෆයිට් එක. වින්ග් චුන් වල තියෙන අකුණු වගේ වේගයයි හෙවිවෙයිට් බොක්සින් වල තියෙන අලි හයියයි එකට හැප්පෙන හැටි බලන්නම ඕන. විනාඩි 3යි ෆයිට් එක තියෙන්නේ වුනාට ඒ ටිකට හුස්ම හිරවෙනවා. ඒ වගේම අන්තිමට යන වින්ග් චුන් මාස්ටර්ලා දෙන්නගේ ෆයිට් එක නම් පිස්සු හැදෙනවා. දිග පොලු වලින් සහ බටර්ෆ්ලයි පිහි වලින් වගේම අතින් පයින් ගහගන්න ඒ ෆයිට් සීන් එක ඇක්ෂන් මූවි හිස්ට්‍රි එකේම තියෙන කොලිටිම ෆයිට් එකක්. මේ ඔක්කොම අතරේ අපේ බෲස් ලී පොඩි කාලේ Ip Man ගෙන් ඉගෙන ගන්න එන සීන් එකකුත් මේකේ බලාගන්න පුළුවන්.
මේක නිකන්ම ගහගන්න ෆිල්ම් එකක් නෙමෙයි. තමන්ගේ වයිෆ් ගැන සහ පවුල ගැන වගේම තමන්ගේ ආත්ම ගෞරවය ගැන ලස්සන කතාවක් මේකේ යනවා. Yuen Woo-ping ගේ ඇක්ෂන් ඩිරෙක්ෂන් නිසා ෆයිට් සීන් ටික බලද්දි ඇහැට හරිම ලස්සනයි. ඇක්ෂන් වලට ආස නම් සහ මාෂල් ආට්ස් වලට ආස නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන පට්ටම ෆිල්ම් එකක් තමයි Ip Man 3 කියන්නේ.
හමුවෙමු තවත් සුපිරි කතාවකින් ip man 4 එක්ක…
.මම sajith dhananjaya
ඔබට ජය …….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


23
Total Subtitles

3 comments

  1. තෑන්ක්ස් මචං සබ්එකට

  2. කියල වැඩක් නෑ සුපිරි brother …..❤️❤️❤️❤️
    ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව තැන්ක්ස් යු brother sub එකට ❤️❤️❤️

  3. BRO ! 4 EKA IKKANATA DANNA PULUWANDA ………❤️🙃

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login