Influencer (2025) Sinhala Subtitles
Influencer (2025) Sinhala Subtitles
6
94
66

Influencer (2025) Sinhala Subtitles | “ ලයික්ස්, කමෙන්ට්ස් සහ ලේ වැගිරීම්! CW ආයෙත් ඇවිල්ලා ” | සිංහල උපසිරැසි සමඟ

(Influencers (2025) Sinhala Subtitles) (Influencers (2025) Sinhala Subtitle) (Influencers (2025) Sinhala Sub)

මතකද කාලෙකට කලින් ආපු Influencer පළවෙනි ෆිල්ම් එක? තායිලන්තේ ගිහින් තනියම ට්‍රැවල් කරන කෙල්ලන්ට පොවලා, රවට්ටලා මරලා දාපු අර අහිංසක මූණක් තියෙන යක්ෂ කෙල්ල CW ව? ඔන්න එයා ආයෙත් වැඩ පටන් අරන්! හැබැයි මේ පාර තැන වෙනස්, ගේම ඊට වඩා සැරයි!

කතාව මෙහෙමයි… තායිලන්තෙන් පැනලා ගියපු CW දැන් ඉන්නේ ප්‍රංශයේ. එයාට අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ඩයන් කියලා. දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා වගේ පෙනුනට, CW ගේ පරණ පුරුදු තාම ගිහින් නෑ. ඩයන්ට පොඩි සැකයක් ඇවිත් CW ගේ බෑග් අවුස්සද්දි අහුවෙන්නේ හිතාගන්න බැරි දේවල් ටිකක්… පරණ පාස්පෝට්, මිනීමැරුම් වල විස්තර… ඉතින් ඊටපස්සේ මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ? ඩයන් ඉවරයි! 💀

දැන් තමයි හොඳම හරිය පටන් ගන්නේ. CW පැනලා යනවා බාලි (Bali) වලට. හැබැයි මේ පාර එයාට ලේසියෙන් බේරෙන්න හම්බවෙන්නේ නෑ. මොකද පළවෙනි ෆිල්ම් එකේ CW ගෙන් යන්තම් පණ බේරගත්ත මැඩිසන් මේ පාර CW පස්සෙන් පන්නගෙන එනවා පලිගන්න!

බාලි වල ඉන්න තවත් ප්‍රසිද්ධ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෙට් එකක් මැද්දට මේ දෙන්නා කඩා පාත් වුණාම වෙන්නේ ලේ විලක්! Social Media වල අපි දකින ලස්සන ජීවිත අස්සේ හැංගිලා තියෙන කැත ඇත්ත, ලයික්ස් වෙනුවෙන් ඕනම දෙයක් කරන පිස්සුව සහ අන්තිමට මුළු ලෝකෙම බලාගෙන ඉද්දි LIVE මිනීමරන හැටි දැක්කම ඇඟ හිරිවැටිලා යනවා. 🤯

මේක නිකන්ම හොරර් ෆිල්ම් එකක් නෙවෙයි. Social Media වලට ඇබ්බැහි වුණු අයට, ලයික්ස් පස්සේ දුවන අයට නියම පාඩමක් උගන්නන සුපිරිම Psychologial Thriller එකක්. අන්තිම තත්පරේ වෙනකම් හුස්ම අල්ලගෙන බලන්න වෙන ට්විස්ට් පිරුණු පට්ටම නිර්මාණයක්.

ඉතින් තාම බැලුවේ නැත්නම් දැන්ම බාගෙන බලන්න. ඩේටා නාස්ති වෙන්නේ නෑ කියලා ගැරන්ට් කරනවා! 😎🎬

කමෙන්ට් එකක් දාගෙන යන්න! ඔයා දන්න, Phone එකේම ජීවත් වෙන යාළුවා කවුද? එයාට පරිස්සම් වෙන්න කියලා මේක Share කරන්න!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි චතුරිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි චතුරිකා

November 20, 2025


19
Total Subtitles

3 comments

  1. බොහෝම ස්තූතියි සිස් සබ් එකට

  2. Thanks for the sub!!!!

  3. Tharindu Rukshan
    Cineru_users

    Thanks Puluwan nm Influence one eketh link eka danna…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login