I Am God (2025) Sinhala Subtitles
I Am God (2025) Sinhala Subtitles
9

I Am God (2025) Sinhala Subtitles | “ නීතියට හොරා දඬුවම් දෙන දෙවියා ” | සිංහල උපසිරැසි සමඟ

(I Am God (2025) Sinhala Subtitles) (I Am God (2025) Sinhala Subtitle) (I Am God (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාළුවනේ! අද මම අරගෙන ආවේ ඔයාලගේ ඇඩ්‍රිනලින් මට්ටම උපරිමයටම ගෙනියන, මුල ඉඳන් අගටම කුතුහලයෙන් එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම කතාවක් අරගෙනයි. මේක නිකන්ම නිකන් මිනීමැරුම් කතාවක් නෙවෙයි, ඊට එහා ගිය ගැඹුරු පලිගැනීමක්!

මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ‘දේවා’. හැමෝම මෙයාට කියන්නේ ‘Devil’ නැත්නම් ‘යකෙක්’ කියලා. හිතුවක්කාර, ඉක්මනින් කේන්ති යන, ඒ වගේම තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන චරිතයක්. දේවා සහ එයාගේ පෙම්වතිය වන ‘බිංදු’ වටා ගෙතුණු ලස්සන ආදර කතාවක් මැදට තමයි නගරයම හොල්ලන බිහිසුණු සිදුවීමක් කඩාපාත් වෙන්නේ.

නගරයේ අහඹු විදිහට දරුණු මිනීමැරුම් මාලාවක් සිද්ධ වෙනවා. මේ මිනීමරුවා තමන්ගේ ගොදුරු පණපිටින් පුළුස්සලා මරලා දානවා විතරක් නෙවෙයි, හැම තැනකම ලේ වලින් ලියලා යනවා “I Am God” (මම දෙවියන්) කියලා.

ඇයි මේ මිනීමරුවා තමන් දෙවියන් කියලා හඳුන්වන්නේ? නීතියට කොටු කරගන්න බැරි වුණු අපරාධකාරයෝ පස්සේ පන්නන මේ රහස්‍ය පුද්ගලයා ඇත්තටම කවුද? අත්හිටුවා තිබූ සේවය නැවත ලබාගෙන මේ පරීක්ෂණයට එන දක්ෂ පොලිස් නිලධාරී ‘භාරත්’ ට මේ අභිරහස විසඳන්න පුළුවන් වෙයිද?

දේවාගේ දඩබ්බර ජීවිතයත්, මේ බිහිසුණු මිනීමැරුම් ජාලයත් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

I Am God (2025) කන්නඩ සිනමාවෙන් ආපු මේ චිත්‍රපටය මනරම් ගීත, ආදරය සහ සටන් ජවනිකා වලින් පිරිලා තියෙනවා. නීතිය අතට අරගෙන වැරදිකාරයන්ට දඬුවම් දෙන “දෙවියන්ගේ” අවසානය මොකක් වෙයිද?

ඉතින් මේ කුතුහලය පිරුණු කතාවත් බලලම රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. තවත් මෙවැනිම සුපිරි කතාවකින් ආයෙත් හමුවෙමු. හැමෝටම සුභ දවසක්! ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    පටිට ❤️😍🔥💥

  2. ස්තූථියි සහෝ මේකට සිංහල උපසිරැසි දුන්නට

  3. Ado kalekin baluwa supiriyak hitha ganna beri una mokda a une kiyala. Love thriller mystery okoma tibba booring nathi film ekak. Thanks saho me wage euwa genwata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login