The title of the page
Hymn of Death (2018) Complete Season Sinhala Subtitles
Hymn of Death (2018) Complete Season Sinhala Subtitles
7.6
82

Hymn of Death (2018) Complete Season Sinhala Subtitles | මරණයට ලියූ ආදර ගීතය | සිංහල උපසිරැසි සමඟ

Also known as – The Hymn of Death , Death Song
Hangul – 사의 찬미
Sinhala meaning – මරණයේ ගීතිකාව
Revised Romanization – Saui Chanmi
Literally – Praise of Death
Genre – Historical , Romance , Melodrama
Written by – Jo Soo-jin
Directed by – Park Soo-jin
Starring – Lee Jong-suk , Shin Hye-sun
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 6 (mini)
Camera setup – Single-camera
Running time – 35 minutes for a part
Production company – The Story Works
Distributor – Seoul Broadcasting System , Netflix
Original network – SBS TV
Picture format – 1080i (HDTV)
Audio format – Dolby Digital
Original release – November 27 – December 4, 2018

–CAST–

Lee Jong-suk , කිම් වූ ජින් ලෙස,

මොහු මීට ප්‍රථම W, Pinocchio, While you were sleeping, Big mouth, Doctor Stranger, I can hear your voice
වැනි අති ජනප්‍රිය කතා රැසකට රංගනයෙන් දායක වී ඇත.

Shin Hye-Sun , යුන් සිම්-ඩියොක් ලෙස,

මැය මීට ප්‍රථම Mr.Queen, Angel’s Last Mission: Love, Still 17, stranger, වැනි අති ජනප්‍රිය
කතා රැසකට රංගනයෙන් දායක් වී ඇත.

ආයුබෝවන්..😇💖
සිනෙරුවාසී යාළුවො හැමෝටම…

දවසක් මම නිකමට දැක්කා හැංගිලා තියෙන කොරියන් කතාවක්. එපිසෝඩ් හෙන පොඩ්ඩක් තියෙන mini series එකක්. චූටි කොටස් හයක් තියෙන. (episode 3 ක්) දවසක් ඇතුලත බලන්න පුළුවන් කතාවක්. ඉතින් මං ඒක ගැන තව තව හෙව්වා 🤔 ඒ හෙව්වෙ ඇයි කිව්වොත් ඒ මේක හදලා තියෙන්නෙ ඇත්තම කතාවකින් නිසා..

මට ඒකට සිංහල උපසිරැසි හොයාගන්න බැරි උනා..ඒ නිසා උපසිරැසි හදලා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.(HDTV) ඉතින් මේ කතාවට කවුරුත් දන්න Mr.queen එහෙම නැත්තන් ජනප්‍රියනිළි ෂින් හේසන් වගේම ජනප්‍රියනළු ලී ජොං-සූක් රංගනයෙන් දායක වෙනවා. 2018 නොවැම්බර් මාසෙදි SBS නාලිකාවෙන් මේ කතාව විකාශනය උනා.

මුලින්ම මම කියන්න ඕනෙ..ඕනවට වඩා හිතන, සංවේදි කතා දුක හිතෙන කතා බලන්න බැරි අයට මේක ටිකක් බලන්න අමාරු වෙයි කියලා. මේ ලිපිය වෙනදට වඩා ටිකක් දිග වෙයි. ඒත් කියවන්න ආස අය කියවන්න. spoile වෙනවට ආස නැති අය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඉතින් එහෙනම් අපි කතාවට බහිමු..😇✍️💖

මේ කතාව හුදෙකලා උන ආදර කතාවක් ගැනයි. වෙන කවුරුත් නෙවේ. කොරියානු සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රථම වෘත්තීය සාහිත්‍ය විචාරකයා හා කවියා, වෙන කිම් වූ-ජින් ගේ හා කොරියාවෙ පළමුවෙනි ඔපෙරා ශිල්පිනිය වෙන සිම් ඩියොක් ගේ ඛේදනීය ආදර කතාව තමා මේ…

කතාව ගලාගෙන යන්නෙ ජපානයත්, පැරණි කොරියාව එහෙමත් නැත්තන් ජෝසොන් වලත් අතර. මේ කාලයේ ජපානය තමා ලෝකෙම ඉන්න උද්දච්චම ආසියානු රට.(පස්සෙ හොඳටම කෑවා ඒක වෙනම එකක්)
ඉතින් ජපානය කොරියාව අල්ලගෙන හිටපු කාලයේදී සිද්ද උන කාටත් අමතක වෙලා ගියපු දෙදෙනෙකුගෙ සැබෑ ආදර කතාවක් තමා මේක. හරි අපි දැන් මේ ඉන්නෙ 1920 – 1926 අතර කාලයේ ජපානයේ.
කිම් වූ ජින්. ඉතින් එයා මේ වෙනකොට ජීවත් වෙන්නෙ ජපානයේ ටෝකියෝ වල ඉංග්‍රීසි උපාදියක් හදාරන ගමන්. එයා ටිකක් ධනවත් පවුලකින් පැවත එන තරුණ කොල්ලෙක්.ඔහුට මේ අතරෙ මුන ගැහෙනවා යුන් සිම්-ඩියොක් කියලා කෙල්ලෙක්ව.

සිම් ඩියොක් ගැන කිව්වොත් එයාගෙ පවුල දුප්පත් වැඩිය මුදල් නැති පවුලක්.ඇය ඔපෙරා ගායිකාවක් වගේම සංගිත උපාදියක් හදාරන්න ජපානෙට ඇවිල්ලා ඉන්නෙ රජයේ මුදල් වලින්. ඒකාලයේ සංගීතය , කලාව අත්විඳින්න තරම් මිනිස්සුන්ට නිදහස තිබුනෙ නෑ. ඒ නිසා කලාව වගේ විශයන් වල් වැදී තිබූ අවදියක ගායනයට හිමි උනේ හරිම පොඩි තැනක්.ඇත්තම කිව්වොත් මෙයා තමා කොරියාවෙ පළවෙනි වෘත්තීමය ඔපෙරා ගායිකාව..

ඉතින් මෙයාලා දෙන්නා මුලින්ම හම්බෙන්නෙත් මෙයාලගෙ රස්සාවල් නිසාම තමයි.මේ දෙන්නා එකට කාලයක් වැඩකරනවා වගේම ආදරෙන් බැඳෙනවා.පවුල් පසුබිම නිසා වගේම වූ ජින් ගෙ තාත්තගෙ බල කිරීම් නිසා මෙයාලට හදිසියේම වෙන් වෙන්න සිද්ද වෙනවා..ඉතින් මේ දෙන්නා අවුරුදු කිහිපයක් වෙන් වෙලා ඉඳලා ආයෙමත් මුණ ගැහෙනවා.

ඉතින් එතකොට යුන් සිම්-ඩියොක් කොරියාවෙ ඔපෙරා ගායිකාවක්. ඇයට ආරාධනාවක් ලැබෙනවා ජපානයේ ගීත ඇල්බම් එකක් කරන්න. එතකොටත් වූ ජින් ඉන්නෙ ටෝකියෝ වල. මෙයාලා තේරුම් ගන්නවා මේ ලෝකෙදි මෙයාලට එකතු වෙන්න බෑ කියලා. 

ඒ නිසා මෙයාලාදෙන්නා කාත් කවුරුවත් නැති තනි උන ලෝකෙකට යන්න තීරණය කරනවා.ඉතින් එදා රාත්‍රියෙ මේ දෙන්නා කොරියාවට යන්න නියමිත වෙලයි තිබුනෙ. ඉතින් ඔවුන් ඒ නැවේදි වේලාව පාන්දර හතරට පමණ සදහටම එයාලගෙ ලෝකෙට යන්න යනවා..

යන්න කලින් යුන් සිම් ඩියොක් තමන් විසින්ම ලියපු සින්දුවක් එයාගෙ ඇල්බම් එකට ඇතුලත් කරා. ඒකෙ නම තමා “The death song” එහෙමත් නැත්තම් “මරණයේ ගීතිකාව”. අදටත් අන්තර්ජාලයේ මෙයාගෙම කටහඬින් තියෙන ඒ ගීතය death song of yun sim-deok කියලා ගැහුවොත් ඔයාලට දැන් උනත් අහන්න පුළුවන්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

5 comments

  1. Chethu
    Cineru_users

    Thank You සබ් එකට.. බලන්න හොය හොය හිටපු කතාවක්…

  2. the peripheral sinhala sub dennawada

  3. Thank you ♥️♥️

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. Doctor stranger drama akakt dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login