House of the Dragon (2026) S03 E01 Sinhala Subtitles
House of the Dragon (2026) S03 E01 Sinhala Subtitles
8.3
89

House of the Dragon (2026) S03 E01 Sinhala Subtitles | “ මකරුන් — මෘගයන් ” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2026) S03 E01 Sinhala Subtitles) (House of the Dragon (2026) S03 E01 Sinhala Subtitle) (House of the Dragon (2026) S03 E01 Sinhala Sub)

කොහොමද හැමෝටම! මේ පටන් ගන්න ලෑස්ති වෙන්නෙ මොකක්ද කියලා මං අමුතුවෙන් හඳුන්වාදෙන්න උවමනාවක් නෑ, මොකද මම දන්නවා ඔයා ආවේ මේක හොයාගෙනමයි කියලා!

මකරුන්ගේ ගර්ජනාවයි, අහසින් වැටෙන ගිනි ජාලාවලයි සද්දෙත් එක්කම වෙස්ටරොස් භූමියම මහා ලේ විලක් වෙන්නයි දැන් ලෑස්ති වෙන්නේ. ඔව්, House of the Dragon Season 3 කියන්නේ අපි කාලයක් තිස්සේ ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු ඒ මහා විනාශයේ, එහෙමත් නැත්නම් ටාගේරියන්වරුන්ගේ සිවිල් යුද්ධයේ නියම ආරම්භය.

පළවෙනි සහ දෙවෙනි සීසන් වලදි අපි දැක්කේ මේ මහා ගින්නට ටිකෙන් ටික පිදුරු වැටෙන විදිය. රෙනීරා සහ ඇලිසන්ට් අතරේ තිබ්බ පුංචි මිතුරුකම බිඳිලා ගිහින්, කිරුළ වෙනුවෙන් කරන කුමන්ත්‍රණ හරහා ඒක මෝරලා, අන්තිමට ඒක මහා මකරුන්ගේ යුද්ධයක් දක්වාම දුරදිග ගියා.

දෙවෙනි සීසන් එක ඉවර වුණේ හැමෝම තමන්ගේ හමුදාවල් ලෑස්ති කරගෙන, කඩු මුවහත් කරගෙන මහා සටනකට මුල පුරන තැනකින්. හරියටම කිව්වොත්, ඒ නිහඬතාවය මහා කුණාටුවකට කලින් තියෙන භයානක නිහඬතාවය වගේ. ඉතින් ඒකේ කෙළින්ම දිගුවක් විදියටයි මේ තුන්වෙනි සීසන් එක පටන් ගන්නේ. දැන් කිසිම සාම සාකච්ඡාවකට ඉඩක් නැහැ, ඉස්සරහට තියෙන්නේ ගින්දර සහ ලේ – Fire and Blood විතරමයි.

මේ සීසන් එකේදි අපිට දකින්න ලැබෙන විශේෂම දේ තමයි මීට කලින් රූපවාහිනී තිරයක කවදාවත් දැකපු නැති විදියේ දැවැන්ත මකර සටන්. කළු සහ කොළ – Blacks and Greens කියන කඳවුරු දෙකම දැන් ඉන්නේ කිසිම කෙනෙක්ට සමාවක් දෙන තැනක නෙවෙයි. ඒ වගේම අලුත් මකරුන් කීපදෙනෙකුත්, අලුත් මකර හසුරුවන්නන් කීපදෙනෙකුත් මේ මහා යුද්ධයට එකතු වෙනකොට කතාවේ උණුසුම තවත් වැඩි වෙන බව සැකයක් නෑ.

විශේෂයෙන්ම මුහුද මැද සිද්ධවෙන අතිශය දැවැන්ත සටන් සහ ගොඩබිම සිද්ධවෙන දරුණු ඝාතන මේ සීසන් එකේ ප්‍රධාන තැනක් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඩේමන්, ඒමන්ඩ් වගේ චරිත වල තියෙන අඳුරුම, රෞද්‍රම පැති මේ සීසන් එකේදි අපිට හොඳටම බලාගන්න පුළුවන් වෙයි.

බලය කියන දේ වෙනුවෙන් මිනිස්සු කොච්චර පහළට වැටෙනවද, තමන්ගේම ලේ නෑදෑයන්ව වුණත් මරලා දාන්න කොච්චර ලේසියෙන් පුළුවන්ද කියන එක මේකෙදි අපිට ඇඟ කිලිපොලා යන විදියට අත්විඳින්න ලැබෙන බව සඳහන් වෙනවා.
කතා මාලාවේ අනාගතය කොහොම වෙයිද කියලා ඇහුවොත්, spoil කරන්නේ නැතුව එක දෙයක් සහතික කරලා කියන්න පුළුවන්. ඒ තමයි කිසිම චරිතයක් ගැන ඔයාලා බලාපොරොත්තු තියාගන්න එපා කියන එක. Game of Thrones යුගයේ ඉඳන්ම අපි දන්නවා George R. R. Martin ලෝකයේ කිසිම කෙනෙක් සුරක්ෂිත නැහැ කියලා. ඕනෑම වෙලාවක අපි ආදරය කරන, කතාවේ ප්‍රබලම චරිතයක් අපිට අහිමි වෙන්න පුළුවන්. ටාගේරියන් පවුලේ මේ ඇතුළත ගැටුම නිසා මුළු රාජධානියම කොච්චර අගාධයකට වැටෙනවද කියන එක මේ සීසන් එකෙන් පස්සේ අපිට පැහැදිලිවම දැකගන්න ලැබෙයි.

ඒක සිනමාත්මකව අතිශය ලස්සන, හැබැයි කතාව පැත්තෙන් ගත්තම අතිශය ඛේදනීය, කඳුළු පිරුණු ගමනාන්තයක් වේවි.

පුරුදු විදියටම සතියකට එක එපිසෝඩ් එක ගානේ තමයි මේ සීසන් එකත් මුදාහරින්න සැලසුම් කරලා තියෙන්නේ. අලුත්ම එපිසෝඩ් එකක් හැම ඉරිදාවකම, ලංකාවේ වෙලාවෙන් නම් බොහෝවිට සඳුදා උදේ වෙද්දි බලාගන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා.

ඉතින් ඔයාලගේ හිත හදාගෙන මේ යුද්ධයට ලෑස්ති වෙන්න, Dance of the Dragons දැන් තමයි ඇත්තටම පටන් ගන්නේ! 🔥✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


120
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login