The title of the page
සීක්රට් එන් ( Secret N )
4.5

Hostel (2022) Sinhala Subtitles | ”පිරිමි නේවාසිකාගාරය” | සිංහල උපසිරැසි සමඟ

(Hostel (2022) Sinhala Sub) (Hostel (2022) Sinhala Subtitles)

ඔන්න ආයෙත් ඉතින් තව අලුත් දෙමල ෆිල්ම් එකකට සබක් අරගෙන තමයි ආවේ.. මේ ෆිල්ම් එක නම් ඇවිත් ටිකක් දවස් දැන්.. සබ දෙන්න පොඩ්ඩක් පරක්කු උනා ඒකට ඉතින් සොරි වෙන්න ඕනේ ඈ.. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ ” අශෝක් සෙල්වන් ” ආයේ කොලුවා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.. කස්ටිය දන්නවනේ.. තව එයා එක්ක මේ ෆිල්ම් එකේ ඉන්නවා ” ප්‍රියා භවනි ශංකර් ” තව ” සතිෂ් ” එතකොට.. ” නසර් ” ආ.. ” මුනිශ්කාන්ත් ” ඔය වගේ සෙට් එකක්ම ඉන්නවා.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” සුමන්ත් රාධක්‍රිෂ්ණන් ” ම්ම්.. මේ ෆිල්ම් එක මලයාලම් රීමේක් එකක්.. ” Adi Kapyare Kootamani ” කියන ෆිල්ම් එකේ ඒක බලපු අය නම් කතාව දන්නවා ඇති නොබලපු අය අනිවා දෙමල එක බලන්න.. මාත් මලයාලම් එක නම් බලලා නැහැ හැබැයි දෙමල එක නම් පට්ට ආතල්.. කාලෙකින් බලපු සැපම ෆිල්ම් එකක් ඈ.. පට්ට ආතල් දෙබස් වගයක් තියෙන්නේ ටැමිල් එකේ..

හරි දැන් යමු කතාව පැත්තට..

කදීර් කියන්නේ හොස්ටල් එකේ නැවතිලා ඉගෙන ගන්න කොල්ලෙක්.. එයා හදිස්සියකට කෙනෙක්ගෙන් සල්ලි වගයක් පොලියට ගන්නවා.. මිනිහට පොලිය ගෙවාගන්න විදිහක් නැතුව පොලියට සල්ලි ගත්තු ඉන්ද්‍රන්ගෙන් එන කෝල් එහෙම මග ඇර ඇර ඉන්නවා කදීර්.. ඉන්ද්‍රන් කියන්නේ මැරයෙක් මිනිහා පස්සේ කදීර්ව අල්ලගෙන මිනිහගේ ගෙදරට අරගෙන ඇවිත් හොඳට ගහනවා.. පස්සේ කදීර් කියනවා වැඳලා හරි මම සල්ලි ඉක්මනටම දෙන්නම් කියලා පස්සේ ඉන්ද්‍රන් කදීර්ට එයා ගැන දන්නවනේ කියලා තර්ජනයක් දාලා කරලා යවලා දානවා සල්ලි දෙන්නම් කිව්ව නිසා ඉක්මනට.. ඔන්න ඉතින් කදීර් දැන් කිව්වා උනත් මිනිහා සල්ලි හොයන්නේ කොහොමද කියලා පාර්ක් එකකට ගිහින් බංකුවක වාඩි වෙලා හිත හිත ඉන්නවා.. ඔන්න ඉතින් එකපාරට එතනට කෙල්ලෙක් ඇවිත් ව්‍යායාම කර කර ඉන්නවා කදීර් කියන්නෙත් ඉතින් කොල්ලෙක්නේ හැඟීම දැනීම් තියෙනවානේ.. එයා ඉතින් ඒ කෙල්ල දිහා බලාගෙන ඉද්දි ඒ කෙල්ලගේ කලිසම ඉරෙනවා.. පස්සේ ඒ වෙලාවේ එතන ඉන්න කෙල්ලෙක් කදීර්ව දැකලා කදීර්ගේ පස්සෙන් පන්නගෙන එනවා කදීර් ඉතින් දුවගෙන යනවා ඇයි අතන කෙල්ලෙක් දිහා බලන් ඉඳපු එක අහු උනා කියලා හිතාගෙන.. කොහොම හරි ඒ කෙල්ල කදීර්ව නවත්ත ගන්නවා ඉන්න කියලා.. පස්සේ කදීර් ඒ කෙල්ලට කියනවා මම මුකුත් දැක්කේ නැහැ අරකයි මේකයි කියලා ඒ ඇඳුම ඉරිච්ච කෙල්ල ගැන..

හරි මේ ඇති කියලා හිතනවා මෙතනින් පස්සේ තමයි ආතල් ටික පටන් ගන්නේ.. අනිවා හිනාවෙන්න කැමති අය ඉන්නවා නම් එකෙන්ම මේ ෆිල්ම් එක අරගෙන බලන්න ආයේ පට්ටම ආතල්..

එහෙනම් මම ගියා ආයේ අලුත් දෙමල ෆිල්ම් එක්ක එන්නම් එතකන් බායි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

7 comments

  1. Asitha Deshan
    Cineru Family Member

    Ftta ayye 🙂 🙂

  2. Thanks ane idiot tamil film ekatath sub eka dannko

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login