The title of the page
Horimiya:Piece (2023) S01 E02 Sinhala SubtitlesSinhala Subtitles
Horimiya:Piece (2023) S01 E02 Sinhala SubtitlesSinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E02 Sinhala SubtitlesSinhala Subtitles | ඊර්ෂ්‍යාව මුසු ප්‍රේමියෝ | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 2 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. හැබැයි මේක කලින් ආපු Horimiya (2021) සීරීස් එකේ season 2 එකම නෙමෙයි. එහෙම කියන්නෙ මොකද, මේකට ඇතුළත් වෙන්නෙ කලින් ඇනිමෙ එකට ඇතුළත් නොවෙච්ච වගේම manga එකෙන් කලින් සීරීස් එකට adapt නොවුනු කතාවක්. හැබැයි මේකෙ ඉන්නෙ අපි දන්න හොරි සහ මියමුරා කියන දෙපළම තමයි.

පළවෙනි කොටසින් කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන හොරි සහ මියමුරා දෙන්නා පන්තියේ අනිත් අයත් එක්කම උපාධිය සම්පූර්ණ කරලා දැන් උසස් අධ්‍යාපනය ආරම්භ කරල තියෙන බව අපිට දකින්න ලැබුනා. ඉතින් ඒ හැමෝම විනෝද චාරිකාවක් ගිහින් ඒකෙදි කරන එක එක පිස්සු වැඩ ටිකක් තමයි බලන්න ලැබුනේ. ඒ අතරෙ මියමුරා තමන්ගෙ රහස, ඒ කියන්නෙ ඇඟේ තියෙන පච්ච ටික හංගගන්න තියෙන තරම් අපහස විඳිමින් වෙන මහන්සියත් අපිට දකින්න ලැබුනා.😂

විහිළු තහළු ගොඩක් අතරෙ අපිට දකින්න ලැබුනු දේ තමයි හොරි-මියා දෙන්නගෙ ආදර කතාවත් ඒවා එක්කම හරිම චාම් විදිහට ගලා යනවා කියන එක. කොටින්ම එයාලා පෙම්වතුන්ද කියලවත් හිතෙන්නෙ නැති තරමට තමයි කතාව ආරම්භ වුනේ. මේක RomCom ඇනිමෙ එකක් වුනත් පළවෙනි කොටස Rom පැත්තට වඩා Com පැත්තට බර වුන බවක් තමයි පේන්න තිබුනේ. කොහොම වුනත් රසවත් කතාවක් ආරම්භක කොටසින් දකින්න ලැබුනා.❤️

මේ දෙවෙනි කොටසින් හොරි මියා දෙපළ සහ පන්තියේ අය සහභාගී වෙන ක්‍රීඩා උත්සවයක් ගැන දිග හැරෙනවා. තවත් පැත්තකින් ඉවුම් පිහුම් පන්තියක් ගැන කතාව දිග හැරෙනවා. තවත් පැත්තකින් හොරි මියා දෙපළගේ චාම් ආදර කතාව දිග හැරෙනවා. නරඹන්න එහෙනම් මේ 2 වෙනි කොටස. පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 3 වෙනි කොටසින් මුණ ගැහෙමු.

ලංකන් weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login