Happy Patel Khatarnak Jasoos (2026) Sinhala Subtitles
Happy Patel Khatarnak Jasoos (2026) Sinhala Subtitles
5

Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala Subtitles | “ හැපී පටෙල් ” | සිංහල උපසිරැසි සමඟ

(Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala Subtitles) (Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala Subtitle) (Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala Sub)

ප්‍රකට විකට නළු වීර් දාස් (Vir Das) ගේ අධ්‍යක්ෂණයෙන් සහ ආමීර් ඛාන්ගේ නිෂ්පාදනයෙන් හැඩවුණු මේ චිත්‍රපටය, සාම්ප්‍රදායික රහස් පරීක්ෂක කතාවලට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මෙහි ප්‍රධාන චරිතය වන “හැපී පටෙල්” කියන්නේ ලන්ඩන් වල ඉන්න, රහස් පරීක්ෂකයෙක් වෙන්න හීන මවන, හැබැයි කරන හැම වැඩක්ම වරද්දාගන්නා අමුතුම චරිතයක්.

තමන් ඉන්දියානු සම්භවයක් ඇති අයෙක් බව දැනගන්නා හැපී, ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයට එන්නේ විශේෂ මෙහෙයුමකටයි. ඒ, පැහැපත් වන ක්‍රීම් වර්ගයක රහස් සූත්‍රයක් (Fairness formula) සොයාගෙන විද්‍යාඥයෙක් බේරාගැනීමටයි. එහිදී ඔහුට මුණගැසෙන දුෂ්ට චරිතය වන්නේ “මමා” (Mona Singh) නම් වූ කාන්තාවයි. ඇය අපරාධකාරියක් වගේම කෑම පිසීමට දැඩිව ප්‍රිය කරන කෙනෙක් වීම කතාවට අපූරු හාස්‍යයක් එක් කරනවා.

වීර් දාස්ගේ හාස්‍යජනක රංගනයට අමතරව, මෝනා සිං, මිතිලා පල්කාර් සහ ශාරිබ් හෂ්මි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. විශේෂයෙන්ම වසර ගණනාවකට පසු ඉම්රාන් ඛාන් මෙහි කරන ආරාධිත රංගනය ප්‍රේක්ෂකයින්ට ලොකු පුදුමයක් වුණා.

මේක හරියට “කාටූන්” එකක් බලනවා වගේ හිතට කිසිම බරක් නැතිව බලන්න පුළුවන් නිර්මාණයක්. ලොකු තර්ක විතර්ක හොයන්නේ නැතිව, හිනා වෙන්න විතරක් බලන කෙනෙක්ට මේක කදිමයි.

චිත්‍රපටය අතරතුර නළුවන් සෘජුවම ප්‍රේක්ෂකයන් සමඟ කතා කරන අවස්ථා මෙහි තියෙනවා. එය චිත්‍රපටයට නව්‍ය බවක් එක් කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ් එකට ස්තූතියි සිනෙරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login