The title of the page
Gold (2022) Sinhala Subtitle
Gold (2022) Sinhala Subtitle
4.6
60

Gold (2022) Sinhala Subtitles | “දෙන දෙයියෝ අතටම ගෙනල්ලා දෙනවා” | සිංහල උපසිරැසි සමඟ

(Gold (2022) Sinhala Subtitles) (Gold (2022) Sinhala Subtitle) (Gold Sinhala Sub)

ලැබුවා වූ ( 2023 ) නව වසර සියළුදෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා ★ කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද උපසිරැසි අරං ඇවිල්ලා තියෙන්නෙ 2022 දෙසැම්බර් මස 29 වන දින (ආ දැන් ගිය අවුරුද්දනි 😄) Internal realease වුන ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් සුපිරි සොඳුරු මලයාලම් චිත්‍රපටයක්. ඇත්තටම මේක ආතල් හොදේ.. 😂 ! පැය 2 විනාඩි 48 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් නොසිතූ වාසනාවක් තමයි මේක.. ඒ කිව්වේ… ?

4.6 /10 IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Comedy / Thriller / Drama කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් විශිෂ්ට නළු Prithiviraj Sukumaran හා දමිළ සිනමාවේ Lady Superstar Nayanthara ඇතුළු , Deepti Sati , Alphonse, Krishna , Saiju Kurup , Roshan mathew හා Chemban Vindo jose , Ajmal Ameer මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Alphonse Puthren විසින්.

කතාව ගැන කිව්වොත් අපේ කතාවේ කතා නායකයා තමයි ජෝෂි. කතා නායිකාව හොය හොයා ඉන්න කොල්ලෙක් තමයි මෙයා.. මෙයාගෙ රස්සාව තමයි සමාන්‍යය සාප්පු සංකීර්ණෙක “ස්මාර්ට්” නෙවෙයි “ස්මාර්ටි” කියන නමින් ෆෝන් කඩයක් කරගෙන යන එක. කොහොමහරි පොර දවසක් උදේම නැගිටින කොට සමාන්‍යය භාණ්ඩ ප්‍රවාහනය කරන අපි කියන බඩියක් වගේ “බෙලෙරෝ” එකක් කෝකගෙද දන්නෙ ගෙදර ඉස්සරහ නතර කරලා තියෙනවා 😅. කොහොමහරි අයිති කා⁣රයෙක් එන්නෙත් නෑ.. ජෝෂි ගේ අලුත් 🚗 කාර් එක ගෙදට්ට ගන්න විදිහකුත් නෑ මේ කෙහෙල් මල නිසා. කොහොමහරි බැරිම තැන පොලිසියට ගිහින් පැම්ණිල්ලක් දානවා. පස්සෙ මිනිහා මේක චෙක් කරලා බලන කොට ස්පීකර් තොගයක් තියෙනවා.. අම්මෝ සුපිරි සව්න්ඩ් ආ… 😂👈 මෙතනින් එහාට මම කියන්න යන්නෙ නෑ මේක මොන වගේ ආතල් එකක්ද කියලා ඔයාලම බලන්නකෝ…!?

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

9 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  2. Pattaaaaaaaaaaaaaaaaaa

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Tnx sahoo sub ekata

  6. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login