Ginny Weds Sunny 2 (2026) Sinhala Subtitles
Ginny Weds Sunny 2 (2026) Sinhala Subtitles
4.6

Ginny Weds Sunny 2 (2026) Sinhala Subtitles | “ විවාහයෙන් පස්සේ ආදරේට මොකද වෙන්නේ? ” | සිංහල උපසිරැසි සමඟ

(Ginny Weds Sunny 2 (2026) Sinhala Subtitles) (Ginny Weds Sunny 2 (2026) Sinhala Subtitle) (Ginny Weds Sunny 2 (2026) Sinhala Sub)

ජිනි සහ සනී ගොඩක් කරදර බාධක මැදින් අන්තිමේදී විවාහ වුණා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒත් ආදර කතාවල අන්තිමට කියනවා වගේ “හැමදාම සතුටින් ජීවත් වුණා” කියන එක ඇත්තටම ඒ තරම් ලේසිද? සනී දැන් එයාගේ අලුත් ව්‍යාපාරය දියුණු කරන්න රෑ දවල් නැතුව මහන්සි වෙනවා. ඒ වගේම ජිනිත් එයාගේ වැඩ කටයුතු එක්ක ගොඩක් කාර්යබහුල වෙලා.

මේ කාර්යබහුල ජීවිතේ නිසා දෙන්නා අතරේ පුංචි පුංචි ප්‍රශ්න, රණ්ඩු සරුවල් ඇතිවෙන්න පටන් ගන්නවා. මේ අතරට ජිනිගේ පරණ යාළුවෙක් අලුත් ව්‍යාපාරික හවුල්කරුවෙක් විදිහට එයාලගේ ජීවිතේට එකතු වෙනවා. මේ නිසා සනීගේ හිතේ ඉරිසියාවක් ඇතිවෙන එක අහන්නත් දෙයක්ද? දෙන්නගේ පවුල් වල අයත් සුපුරුදු විදිහටම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා වැඩේ තවත් අවුල් ජාලාවක් බවට පත් කරනවා.

විවාහ ජීවිතේ ඇතුළේ එන මේ අලුත් අභියෝග ජිනිටයි සනීටයි කොහොම බලපායිද? ආදරේ, හිනාව වගේම පවුලේ අයගේ විහිළු තහළු වලින් පිරුණු මේ අලුත් කතාවත් ඔයාලට වෙනස්ම අත්දැකීමක් ගෙනාවි. ආයෙමත් සැරයක් ජිනිගේ සහ සනීගේ ආදර කතාවේ හැලහැප්පීම් පිරුණු මේ Film එක විඳින්න!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි චතුරිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි චතුරිකා

November 20, 2025


20
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login