Gatta Kusthi 2 (2026) Sinhala Subtitles
Gatta Kusthi 2 (2026) Sinhala Subtitles
8.3

Gatta Kusthi 2 (2026) Sinhala Subtitles | “ ගට්ටා කුස්ති 2 ” | සිංහල උපසිරැසි සමඟ

(Gatta Kusthi 2 (2026) Sinhala Subtitles) (Gatta Kusthi 2 (2026) Sinhala Subtitle) (Gatta Kusthi 2 (2026) Sinhala Sub)

ගට්ටා කුස්ති 2 (2026) Cam Copy

ගට්ටා කුස්ති 2 (2026)
භාෂාව: දෙමළ
ශෛලිය: ක්‍රීඩා / හාස්‍ය / පවුල් නාට්‍ය

අධ්‍යක්ෂණය: චෙල්ල අය්යාවු
රචනය: චෙල්ල අය්යාවු
නිෂ්පාදනය: ඉෂාරි කේ. ගනේෂ්, විෂ්ණු විශාල්, ඉෂාන් සාක්සේනා
රංගනය: විෂ්ණු විශාල්, අයිශ්වර්යා ලක්ෂ්මි, සාරා සියානා, කරුණාස්, මුනිෂ්කාන්ත්, කාලි වෙන්කට්
සිනමාකරණය: කේ. එම්. භාස්කරන්
සංස්කරණය: භාරත් වික්‍රමන්
සංගීතය: ෂෝන් රෝල්ඩන්
නිෂ්පාදන සමාගම්: වෙල්ස් ෆිල්ම් ඉන්ටර්නැෂනල්, විෂ්ණු විශාල් ස්ටුඩියෝස්, අයිවි එන්ටර්ටේන්මන්ට්
බෙදාහැරීම: රෙඩ් ජයන්ට් මූවිස්
නිකුත් වූ දිනය: 2026 ජූලි 3
රට: ඉන්දියාව
කාලය: විනාඩි 154

🎬 කතාව

“ගට්ටා කුස්ති 2” කියන්නේ 2022 වසරේ රිලිස් වුණු “ගට්ටා කුස්ති” ෆිල්ම් එකෙන් පස්සේ සිදුවෙන කතාව.

මල්ලවපොර ක්‍රීඩිකාවක් වෙන “කීර්ති”ගේ හීනය සැබෑ කරගන්න උදව් කරනවා කියලා පොරොන්දු වුණු “වීරා”, අවුරුදු කිහිපයකට පස්සේ ගෙදර දරුවන් බලා ගන්න හවුස් හස්බන්ඩ් කෙනෙක් විදියට ජීවත් වෙනවා. කීර්ති එයාගේ ක්‍රීඩා ජීවිතය, රස්සාව දෙකම සමබරව කරගෙන යයි.

ඒත් එයාලගේ දුව මති මලර්ට ක්‍රීඩාව ගැන කිසිම කැමැත්තක් නැහැ. දුවගේ අධ්‍යාපනය සහ අනාගතය ගැන වීරාට සහ කීර්තිට ඇති වෙනස් අදහස් නිසා දෙන්නා අතර ගැටුම් ඇති වෙනවා. මේ ගැටුම් නිසා ක්‍රමයෙන් එයාලගේ පවුල් ජීවිතය කඩා වැටෙනවා. අන්තිමේදී එයාලගේ සම්බන්ධය දික්කසාදය වෙනකම් ගමන් කරයි. කඩා වැටුණු පවුල නැවත එකතු වේයිද කියලා මේ ෆිල්ම් එකේ ප්‍රධාන ප්‍රශ්නයයි.

⚡ විශේෂත්වය

පළවෙනි ෆිල්ම් එකේ තිබුණු ක්‍රීඩා සහ හාස්‍යය මේ ෆිල්ම් එකෙත් දිගටම තියෙනවා. ඒත් මේ කතාවේ වැඩි අවධානයක් යොමු වෙන්නේ විවාහ ජීවිතය, දෙමාපියන්ගේ වගකීම් සහ දරුවන්ගේ අනාගතය වගේ පවුල් ප්‍රශ්න වලට තමයි.

විෂ්ණු විශාල් සහ අයිශ්වර්යා ලක්ෂ්මි දෙන්නම වෙනදා වගේම ලස්සනට රඟපාලා තියෙනවා. ෂෝන් රෝල්ඩන්ගේ සංගීතය සහ කොමෙඩි නිසා
ෆිල්ම් එක ඉන්ට්‍රස්ටිං වෙනවා.

🌟ප්‍රේක්ෂක ප්‍රතිචාර

“ගට්ටා කුස්ති 2” විචාරකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ගත්තා වගේම, පවුලේ ප්‍රේක්ෂකයන් අතර හොඳ පිළිගැනීමක් ලැබුණා.

විෂ්ණු විශාල් සහ අයිශ්වර්යා ලක්ෂ්මිගේ රංගනය, පවුල් හැඟීම් සහ කොමෙඩි ගොඩක් දෙනෙක්ගේ පැසසුමට ලක් වුණා. තියෙටර් එකට ආපු, ප්‍රේක්ෂකයන් අතර මේක හොඳ පවුල් චිත්‍රපටයක් විදියට ජනප්‍රිය වුණා.

එහෙත් තිර රචනයේ සමහර තැන් අධික ලෙස හැඟීම්බර වෙන එකයි, කතාවේ ස්වරය නැති එකයි සහ පළමු චිත්‍රපටය තරම් අලුත් බවක් තිබුණේ නැති නිසා විවේචනයට ලක් වුණා.

අවසාන වශයෙන්, “ගට්ටා කුස්ති 2” කියන්නේ පළවෙනි ෆිල්ම් එක තරම් අලුත් අත්දැකීමක් දුන්නේ නැතත්, හොඳ පවුල් පණිවිඩයක්, කොමෙඩි සහ හැඟීම්බර සීන් තියෙන එක වරක් බලන්න පුළුවන් ප්‍රීතිමත් පවුල් විනෝදාත්මක ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බ්‍රයන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බ්‍රයන්

December 1, 2025


25
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login