Gandhi Talks (2026) Sinhala Subtitles
Gandhi Talks (2026) Sinhala Subtitles
6.6

Gandhi Talks (2026) Sinhala Subtitles | “ සල්ලි ” | සිංහල උපසිරැසි සමඟ

(Gandhi Talks (2026) Sinhala Subtitles) (Gandhi Talks (2026) Sinhala Subtitle) (Gandhi Talks (2026) Sinhala Sub)

මුම්බායි නගරය පාදක කරගෙන නිර්මාණය වුණු මේ කතාව ප්‍රධාන චරිත දෙකක් වටා ගෙතෙනවා.

  • මහදේව් (Vijay Sethupathi): අසනීප වුණු තමන්ගේ අම්මා එක්ක මුඩුක්කුවක ජීවත් වෙන, රජයේ රස්සාවක් ගන්න රුපියල් 50,000ක අල්ලසක් හොයාගන්න මහන්සි වෙන රැකියා විරහිත තරුණයෙක්.
  • මෝහන් බෝස්මන් (Arvind Swamy): වරක් සාර්ථක කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණත්, හදිසියේම පවුලේ අයත් අහිමි වෙලා, ව්‍යාපාරත් කඩා වැටිලා සම්පූර්ණයෙන්ම අසරණ වෙන කෙනෙක්.

මේ කිසිම සම්බන්ධයක් නැති දෙන්නගේ ජීවිත එක තැනකට එකතු වෙන්නේ, මහදේව් සහ තවත් කෙනෙක් එකතු වෙලා බෝස්මන්ගේ ගෙදරට පැනලා සල්ලි හොරකම් කරන්න සැලසුම් කරන තැනිනුයි. චිත්‍රපටයේ නම “Gandhi Talks” විදියට යොදලා තියෙන්නේ ඉන්දියානු මුදල් නෝට්ටුවේ මුද්‍රණය කරලා තියෙන ගාන්ධිතුමාගේ රූපය සංකේතවත් කරන්නයි. සමාජයේ සල්ලි වලට කරන්න පුළුවන් දේ  සහ මුදල් නිසා මිනිස්සුන්ගේ සදාචාරය වෙනස් වෙන විදිය මේකෙන් උපහාසාත්මකව (Black Comedy) පෙන්වා දෙනවා.

අධ්‍යක්ෂණය: Kishor Pandurang Belekar

ප්‍රධාන රංගනය: Vijay Sethupathi, Arvind Swamy, Aditi Rao Hydari, Siddharth Jadhav

සංගීතය: A. R. Rahman. චිත්‍රපටයේ දෙබස් නැති අඩුව සම්පූර්ණයෙන්ම පුරවන්නේ AR Rahman ගේ හැඟීම්බර පසුබිම් සංගීතයෙනි.

2026 ජනවාරි 30 වෙනිදා සිනමාශාලා වලට නිකුත් වුණු මේ චිත්‍රපටය, 2026 පෙබරවාරි 27 ඉඳන් Amazon Prime Video හරහා Rental ක්‍රමයට බලන්න පුළුවන් වුනා. ඒ වගේම 2026 මාර්තු මුල  ZEE5 හරහා සාමාන්‍ය විදියට (Streaming) නරඹන්නත් පහසුකම් සලසලා තියෙනවා.

“Gandhi Talks” (2026) කියන්නේ සම්පූර්ණයෙන්ම දෙබස් රහිත (Silent) ෆිල්ම් එකක්. මේකෙ කිසිම දෙබසක් කතා කරන්නේ නෑ. මේක Dark Comedy / Social Drama ගණයට අයිති වෙන වෙනස්ම විදියේ ෆිල්ම් එකක්.  දෙබස් නැති වුණාට කතාව ඉදිරියට ගෙනියන්නේ මේ දේවල් වලින්,

  • නළු නිළියන්ගේ රංගනය: Vijay Sethupathi, Arvind Swamy, Aditi Rao Hydari සහ Siddharth Jadhav වගේ දක්ෂ නළු නිළියන්ගේ මුහුණේ ඉරියව් සහ body language එකෙන් තමයි හැඟීම් ප්‍රකාශ කරන්නේ.
  • A.R. Rahman ගේ සංගීතය: දෙබස් නැති අඩුව සම්පූර්ණයෙන්ම පුරවන්නේ AR Rahman ගේ විශිෂ්ට Background Music (BGM) එකෙන්. ෆිල්ම් එකේ කටහඬ විදියට වැඩ කරන්නේ මේ සංගීතයයි.
  • දර්ශන අතින් ලියපු කොළ කෑලි, Text messages වගේ දේවල් පාවිච්චි කරලත් සමහර තැන්වල කතාව පැහැදිලි කරනවා.

අපේ සිනමාවේ කලින් ආපු කමල් හසන්ගේ “Pushpak” ෆිල්ම් එක වගේම අත්දැකීමක් තමයි මේකෙනුත් දෙන්න උත්සාහ කරලා තියෙන්නේ.

එහෙනම් ෆිල්ම් එක රසවිඳින්නකෝ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login